තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත.
අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ.
ඒ අනුව උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවේ.
මේ අතර ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191ක් වේ.
අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලීමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.