SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිවයිනේ ප්‍රදේශ රැසකට මහත් ව්‍යසනයක් ඇති කළ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය

අද දින පහව යාමට පටන් ගත් නමුත් උතුරු පළාත ඇතුළු ඇතැම් ප්‍රදේශ තවමත් අවදානමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.

 

 

එම මධ්‍යස්ථානය පවසන පරිදි, දිස්ත්‍රික්ක 24 කම පාහේ ගංවතුර බැස යාමට පටන් ගෙන තිබේ.

 

කෙසේ වෙතත්, මනම්පිටිය, මහනුවර පේරාදෙණිය, හොරොව්පොතාන, තන්තිරිමලේ සහ මොරගවැව ප්‍රදේශවල තවමත් අවදානම් පවතී.  බදුල්ල, මහනුවර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑම් අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මකයි.

 

දැදුරුඔය, මහවැලි ගඟ, යාන්ඔය, නිල්වලා සහ කැලණි ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහත යමින් පවතී. ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් සහ වික්ටෝරියා යන ප්‍රදේශවල ජල මට්ටම් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තාවන්ට අනුව පහළ යමින් පවතී.

 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ සවස් වන විට මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.

 

තවද, අද දිනය වන විට දිස්ත්‍රික්ක 24ක පවුල් 132,071කට අයත්, 441,373ක් පමණ පුද්ගලයන් පීඩාවට පත්ව සිටිති. පුද්ගලයන් 38,594 ක් පමණ තවමත් ආපදා මධ්‍යස්ථානය විසින් සපයන ලද තාවකාලික නිවාසවල සිටිති. අවතැන් වූ පවුල් 45,415කට අයත් පුද්ගලයන් 115,628ක් පමණ තම ඥාතීන් සමඟ පදිංචිව සිටිති. අධික වර්ෂාව හේතුවෙන් වැඩි පිරිසක් පීඩාවට පත්ව අවතැන්ව සිටින අතර මහනුවර, නුවරඑළිය, කෑගල්ල යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව අවතැන්ව සිටිති. ධාරානිපාත වර්ෂාවත් සමඟ ගංවතුර ඇතිවීමෙන් සෙසු ප්‍රදේශවල ජනතාව ද  අවතැන් වී පීඩාවට පත්ව සිටිති.

 

 

නවතම ලිපි