SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චීන දොඹකර සමාගමක් තම සේවකයන්ට වසර අවසාන ප්‍රසාද දීමනා වශයෙන්

ඩොලර් මිලියන 11ක්, ආසන්න වශයෙන් රුපියල් කෝටි 70ක් ලබා දී ඇති බව වාර්තා වේ.

 

bonus 2 

 

“ඔබට ගණන් කළ හැකි තරම් ප්‍රමාණයක් ඔබ ගෙදර ගෙන යන්න”.

 

Henan Mining Crane Co. Ltd හි මුදල් මේසය මත තැබූ අතර සේවකයින්ට ඔවුන්ගේ වසර අවසාන ප්‍රසාද දීමනාව උපරිම කර ගැනීමට මිනිත්තු 15 ක කාලයක් ලබාදී තිබුණි.

 

Douyin සහ Weibo වැනි චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ප්‍රථමයෙන් බෙදාගත් මෙම වීඩියෝව සමාජ මාධ්‍යයේ වයිරල් වූයේ දැවැන්ත මේසයක් පුරා පැතිරුණු මුදල් තොගයක් පෙන්වමිනි. එහිදී සේවකයන් හැකි තරම් මුදල් පැහැර ගන්නා අයුරු දැකගත හැකි විය. එක් සේවකයෙක් නියමිත කාලය තුළ යුවාන් 100,000 ක්, දළ වශයෙන් රුපියල් ලක්ෂ 12.07 ක් එකතු කර ඇති බව වාර්තා වේ. 

 

 

bonas 3

 

වීඩියෝ පටයේ සඳහන් වූ  අතුරු සටහන මෙසේය,

"හෙනන් සමාගම වසර අවසාන ප්‍රසාද දීමනාව සඳහා මිලියන ගණනක් ලබා දෙයි. සේවකයින්ට ගණන් කළ හැකි තරම් මුදල් නිවසට ගෙන යා හැකිය."

 

කෙසේ වුවද අදාළ සමාගමට ප්‍රසාධ දීමනා සඳහා වැය වූ මුදලට වඩා මෙකී සිද්ධිය වෛරල් වීම නිසා ලැබුනු ප්‍රචාරණය වැඩි අගයක් ගෙන ඇත.

නවතම ලිපි