ඉන්දියාව සහ පාකිස්ථානය අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වයත් හේතුවෙන්
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන සියලුම තරගවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියෙන් සහ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන (පිරිමි) තරගාවලියෙන් ඔවුන් ඉවත්වීමට තීරණය කර ඇති බව BCCI විසින් මේ වන විටත් ආසියානු ක්‍රිකට් කවුන්සිය වෙත දැනුම් දී ඇත.