SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරෝනා යනු ලෝක මට්ටමින් ව්‍යාප්ත වන වසංගතයකි. එහි අවසාන රෝගියාද රෝගයෙන් මිදෙනතාක් සැමටම ඇති අවදානම අවසන් නොවේ.

එයයි කොරෝනා වසංගතයේ සනාතන දහම වන්නේ. පෘතග්ජන මානවයාගේ ඇති ආත්මාර්ථකාමයට මෙහිදී වලංගුභාවයක් ඇත්තේ නොවේ.

“අනෙකාගේ පවුලට නොව මගේ පවුලට මුලින්” සංකල්පය

බොහෝ දෙනා මෙම ව්‍යසනයේදීත් සුපුරුදු පරිදි තම පවුලට පමණක් ජීවත්වීමට ආහාර පොදි ගසා ගැනීම, තම පවුලට පමණක් කෙසේ හෝ එන්නත් ලබාගැනීම, වඩාත්ම හොඳම එන්නත ලබාගැනීම, ඇතුළුව ස්වකීය ජීවිත කාලය තුළම සිදුකළ සුපුරුදු ආත්මාර්තකාමී වැඩපිළිවෙලම භාවිතයට ගනිමින් සිටියි.

“අනෙකාගේ පක්ෂයට නොව මගේ පක්ෂයට පමණක්” සංකල්පය

පසුගියදා ආණ්ඩු බලය හිමි පක්ෂයක් නෙළුම් මාවතකදී තම පක්ෂ කාර්යාලයේ නිළධාරීන්ට පවුල් සාමාජිකයින්ට  සහ ඔවුන්ගේ ඥාතීන්ට පමණක් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත එන්නත් ලබාගැනීමද මෙම වසංගතය තුළ තවත් එක්තරා විහිළුවකි. දැන් අනෙකුත් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂද ඔවුනුත් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ යැයි පවසමින් තම පවුල් සාමාජිකයින්ට හා ඥාතීන්ට එන්නත්කරණය අවශ්‍ය බවට ඉල්ලීම් කරමින් සිටින බව සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

poor peple

ලංකාවේ කොරෝනා වසංගතය පරිපාලනය කිරීම මේ මොහොත වන විට අච්චාරුවක් බවට පත්වීම තවත් මහා ව්‍යසනයකි. දේශපාලනය සහ නිළධාරීවාදය අතර ගැටුමකි. දේශපාලනය විසින් නිළධාරීන් අතරද ගැටුම් නිර්මාණය කර ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කණ්ඩායම් අතරද භේද බින්නතා යහමින් නිර්මාණය කිරීමට දේශපාලඥයින් සාර්ථකව කටයුතු කරමින් සිටියි. එවිට සෞඛ්‍ය අංශවල නිළධාරීන්ගේ අදහස් දැක්වීම් නවතාලීමටත් ඔවුනොවුන් කා කොටා ගන්නා තත්ත්වයක් නිර්මාණය කර දේශපාලකයින් අධම ලෙස ඉන් වාසි ගන්නටත් ය. එවැනි අවස්ථා ලංකා ඉතිහාසයේ බොහෝ වාර ගණනාවක් සිදුවූ බව අපි දනිමු. මේ ආකාරයට ගැටුම් ඇතිකර දහස් ගණන් මිනිස් ජීවිත බිල්ලට ගිය කාල වකවානු අපට අමතක නොවේ.

එහෙත් මෙම ව්‍යසනය වනාහී වෛරසයක් සමග පවත්නා ගැටුමකි. ස්වභාවික ආපදාවකදී මෙන්ම මෙහිදී ද හුදෙකලාව ගැලවීමක් නැත. රටක සැබෑ නායකත්වයක වටිනාකම අවශ්‍යම වන්නේ මෙවැනි අවස්ථාවන්හිදීය.

ජර්මනිය යනු කාන්තාවක් පාලනය කරනු ලබන රාජ්‍යයකි. ඇය මේ මොහොතේ ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග අතිශයයින්ම අගය කළ යුතු වන්නේ එහි නිවැරදි හා තම සීමාවන් හඳුනාගෙන ඇති තත්ත්වය මතය. ඇය නිළධාරීන් අතර ගැටුම් ඇති කරනවා වෙනුවට නිළධාරීන්ට මේ මොහොතේ රටේ තින්දු තීරණ ගැනීමට අවස්ථාව උදා කර ඇත. එසේම තම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ නිළධාරීන් පිළිබඳව ඇය මේ මොහොතේ වඩාත් විශ්වාසය තබන්නීය.

“කොවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ මමත්, මගේ කැබිනට් මණ්ඩලයත් සිටින්නේ බොහෝ පිටුපසිනි. මේ මොහොතේ රට පාලනය කිරීම විද්‍යාඥවරුන්ට සහ වෛද්‍යවරුන්ට මා විසින් බාර දී ඇත. මක්නිසාද යත් කොවිඩ් යනු සෞඛ්‍ය ප්‍රශ්නයකි. ඒ ගැන තීරණ ගැනීම සහ වගකීම අයිති වන්නේ සෞඛ්‍ය අංශවලටය. මමත් මගේ ඇමති මණ්ඩලයත් සෞඛ්‍ය ගැන දන්නේ නැත. ඒ නිසා මම පසුපසට වී සෞඛ්‍ය අංශ විසින් මාගේ රට බේරාගන්නා අයුරු බලාසිටිමි” - ජර්මනියේ රාජ්‍ය නායිකා ඇන්ජෙලා මාර්කෙල්

එසේම ලංකාවේ දේශපාලඥයින් මෙය තම පවුලට, තම ඥාතීන්ට සහ තම දේශපාලන පක්ෂ සාමාජිකයින්ට පමණක් ජීවත්වීමට අවස්ථාවක් උදාකර දීමට නිර්ලජ්ජීව උත්සාහ දරද්දී ඇන්ජෙලා මාර්කෙල් නැමැති රාජ්‍ය නායිකාව මෙය රටක් වශයෙන් නොව ලෝක මට්ටමින් පරාජය කළ යුතු වෛරසයක් නිසා ගොලීය වශයෙන් සිදුවිය යුතු අවශ්‍යතා පිළිබඳ අවදානය යොමු කරන්නීය.

“ගෝලීය වශයෙන් එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මාර්තු මාසයේ දී ක්‍රියාවට නැංවුනු COVAZ යාන්ත්‍රණයට Covid 19 එන්නත් තවත් මිලියන 10 ක් වහාම පරිත්‍යාග කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ මොහොතේ ඇන්ජෙලා මාර්කේල් ඉල්ලීය.”

එවන් මොහොතක ලංකාව තුළ සිදුවන අසංස්කෘතික ක්‍රියාදාමය මැද තවදුරටත් කොරෝනා විසින් අපට පසක් කරන සත්‍යය කුමක්ද?

මේ නාඳුනන මිනිසෙකු අතින් ලියැවුනු ලියැවිල්ලකින් උපුටා ගැනීමකි. බෞද්ධ දර්ශනයට හිමිකම් කියන මේ වෙසක් මොහොත තුළ ඔබගේ පහන් සංවේගය පිණිස එය පළකරන්නෙමු.

 

නාඳුනන මිනිසෙකුගේ සටහන..

 

කොරෝනා අතරින් මතු වූ සුන්දර දහම..

කොරෝනා යනු ලෝකයට  බියකරු වසංගතයකි.

ලෝකය ඉන් සැඟවීමට මං සොයයි

ජීවිත උඩු යටිකුරු වී ඇත

කොටින්ම කොරෝනා යනු ලොවට මාරකයකි.

නමුත් කොරෝනා යනු ධර්මතාවකි

සුන්දර ලෝ දහමක් එහි සැඟව ඇත .

 

කෙලෙස් පිරුණු ලෝකයට කොරෝනා යනු රෝගයකි.

දැන් දැන් එය තමන්ට ලැබුණු දඬුවමක් සේ සිතන්නට ද පෙළඹී ඇත..

බහුතරයක් මිනිසුන් ජීවිත කාලය ගෙවූයේ නිසරු කතාවෙනි

බොරුව ට සමාජයේ ලැබුනෙත් ඉහළ පිළිගැනීමකි.

දේශපාලනඥයාගේ සිට සාමාන්‍ය මිනිසා දක්වා ජීවිකාව කරගත්තේ බොරුවයි.

මාධ්‍යවේදියා, නීතිඥයා ආදී භූමිකා

නිරූපණය කලේ බොරුවයි.

කලාකරුවාගේ සිට ප්‍රේක්ෂකයා දක්වා රස වින්දේ බොරුවයි.

කොටින්ම භාව ප්‍රකාශන මාධ්‍ය වූයේ බොරුවයි..

 

අමතරව පහත් හාස්‍යය ,නිර්ලජ්ජී කතා බහ , පරුෂ භාෂිතය මිනිසුන් ගෙ කථන විලාසය වූවා..

සමාජ ජාලා පවා මේ අකුසල සංස්කාර නිපදවන බෙදාහරින ආයතන වූවා..

කට භාවිතා කර එකතු කර ගත් අකුසල සංස්කාර විසින් මර බියෙන් ඒ කටම වසාගෙන සිටින්නාට සිදුවන සේ  කොරෝනා නම් කර්ම විපාකය මිනිසුන්ව වෙලා ගත්තා ..

 

බොහෝ දෙනා එකිනෙකා ට සිනාසුනා මිස  එකිනෙකා සමඟ  හෘදයාංගම ව සිනාසුනෙ හුඟාක් අඩුවෙන්..

කොරෝනා මුව වැස්මට ඒ ව්‍යාජ හිනාව යට වෙලාම ගියා.

වරු ගනන් දියකරලා..දහස් ගනන් වැය කරලා රූපලාවණ්‍යගාර තුල දි අනිත්‍ය වහලා මවපු සුන්දර මුව මඩලින් ලෝකය වශී කරන්නට වෙහෙසුණු හුඟාක් මුහුණු  මුව වැස්මෙන් වැසී ගියා.

 

නිරුවත් සිරුරෙන් ලෝකය දමනය කරන්න වෙහෙසුණු හුඟාක් සිරුරු කොරෝනා මුහුනෙ දෑස පමණක් පෙනෙන සේ ආවරණය කලා..ද්වේශයෙන් නොවෙයි වැහැරී  අනිත්‍ය වන සිරුරින් තවත් අකුසල රැස් කරයි කියන අනුකම්පාවෙන් ..

සොඳුරු යයි කියූ රූප අතරින් අනිත්‍ය  දුක්ඛ අනාත්ම මතු වූවා

මිනිසුන් මත කෙලෙස් වැගිරූ බොහොමයක් ආයතන ,

රසින් මනස මුලා කල භෝජන ශාලා,අවන්හල් කොරෝනා විසින් වසා දැමුවා

 

අසරණ රෝගීන්ගෙ ජීවිත විපතට හෙලා ලෝකයේ වෛද්‍යවරු තමන්ගෙ අයිතිවාසිකම් , වැටුප් වර්ධක ඉල්ලුවා, උද්ඝෝෂණ කලා.

අවසානයේ  ඔවුන් අත් අඩංගුවට ගත් ජිවිත බේරා ගන්න කොරෝනා ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා

කල වැරදි නිවැරැදි කරගෙන කුසල් උපදවා ගන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබුනා..

එවැනි බොහෝ දෙනා අයිතිවාසිකම් වෙනුවට ජීවිතය ඉල්ලා සිටින මට්ටමට කොරෝනා ඉදිරියේදී අසරණ වුනා

 

ව්‍යාජ හිත මිතුරු කමින් තොර

ඊනියා නෑදෑ කමින් තොර ව

එකිනෙකා අභිබවා නොගිය සමහර  සංස්කෘතික උත්සව සරළ ව චාම් ව පවත්වන්නට කොරෝනා මාර්ගය සකස් කලා

 

ජීවත් වෙන තුරාවට එකිනෙකා ට ද්වේශ කල පරිභව කල පවුල් සබඳතා තුලම මිනිසුන් සිර කරන්නට කොරෝනා ට හැකි වුනා..

ජාති ජරා ව්‍යාධි මරණ වලට රාජකීයන් ද පාලකයන් ද දුගියාද කියා වෙනසක් නැති බව ලොවට කියා දුන්නා ..

 

මළසිරුරක් කියන්නෙ මොහොතකින් බැහැර කල යුතු දෙයක් මිස ලක්ෂ ගනන් වියදම් කරලා දවස් ගනන් ගත කරලා කල යුතු මංගල්‍යයක් නොවෙයි කියලා කොරෝනා ඔප්පු කලා..

තමන්ගෙ  කියලා අල්ලා ගත් ලෝකයම

තමන්ව පිළිකුලෙන් බැහැර කරන අයුරු කොරෝනා නිසා ලෝකය ඉගෙන ගත්තා.

 

කාම මිත්‍යාචාරය නිසා වල් වැදුණු ලෝකය කොරෝනා ලඟදි බියෙන් හැකිළී සැඟවුනා

කාමය අලෙවි කල ලෝකය කොරෝනා ලඟ අන්ත අසරණ වුනා

තමන් ලඟට ආ පාරිභෝගිකයන් ට නොසැලකූ, වංචා කල වෙළෙඳ ප්‍රජාවට පාරිභෝගිකයන් සොයා ඔවුන් වෙත යන්නට වුනා..

තමන්ට වස විස නැති භෝග වවාගෙන ලෝකයට වස විස පිරි භව භෝග වැවූ ගොවියාට තම  අස්වනු තොග පිටින් විනාශ වන හැටි බලා විඳවන්නට සිදු වුනා

 

වැදූ මවටවත් හැදූ පියාටවත් දරුවන්ගෙ අපහසු කම් නොදැනෙන තරමට දරුවන් අධ්‍යාපන තුලින් පෙලීමට ලක් වෙද්දි කොරෝනා ඔවුන්ට නිදහස් ජීවිතයක් ලබා දුන්නා

ආගම ධර්මය විහිළුවට ගත් ලෝකය ජීවිතය හොයාගෙන ධර්මය වෙත සමීප වුනා..

ලොව දුගී පුංචි රටවල් පෙලූ තමන් බලවතුන් යැයි සිතූ බොහෝ විශාලා රාජ්‍යයන් වල තෙද බල මොහොතින් බිඳ දැම්මෙ කොරෝනා

මේ කොරෝනා අතරින් මතු වූ සුන්දර දහමින් ස්වල්පයක්  පමණයි. 

 

කෙලෙස් බරිත ලෝකයට කොරෝනා වෛරසයක් උනත්

බෞද්ධ දර්ශනය තුලින් ලෝකය දකින කෙනෙකුට කොරෝනා කියන්නෙ සුන්දර දහමක් ..

හෙට කොරෝනා නිසා මා මරණයට පත් උනත් එයත් මා රැස් කල සංස්කාර වල ප්‍රතිපලයක් මිස අන් කිසිවක් නොවෙයි ..

කාගේවත් වරදක් හෝ නොසැලකිල්ලක් නොවෙයි ...

කොරෝනා නිසා නොවුනත් දිනෙක මා මිය යාවි..කවර හෝ හේතුවක් නිසා...

 

කොරෝනා පමණක් නොව ලෝකයේ මතු වන කවර ව්‍යසනයක්  තුල උවත් නොනැසී මතුවෙන දිළිසෙන එකම දර්ශනයකි ...ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්  ආර්ය අෂ්ඨාංගික මාර්ගය මිස අන් කවරක් හෝ නොවෙයි

පිළිසරණක් වේනම් එයමයි

කොරෝනා අතරින් මතු වූ සුන්දර දහම එයයි...

 

 

නවතම ලිපි