SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇය එක්සත් ජනපද පොලිසිය පහරදී මරා දැමු කලු ජාතිකයා වෙනුවෙන් බ්‍රිතාන්‍යය ජනතාව පාරට බැස්සවූ සාෂා ජොන්සන්ය (Sasha Johnson).

‘Black Panther of Oxford’ නැමති ස්වයං මෝස්තර ශිල්පයේ නිර්මාණකාරියයි.


ප්‍රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂකයකු වන ඇය ලන්ඩනයේ නිවාස සාදයකට ආසන්නව, ඉරිදා අලුයම හිසට වෙඩි වැදී රෝහලේදී සිය ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටී. එය ඇගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් බව ඇගේ ආධාරකරුවන් කියා සිටියහ.

 

black 1


පසුගිය ගිම්හානයේදී Black Lives Matter විරෝධතා සංවිධානය කිරීමෙන් පසු ප්‍රසිද්ධියට පත්වූ සාෂා ජොන්සන් උපාධිධාරිනියක හා තිදරු මවක්ද වේ.
ඇය විසින් ආරම්භ කරන ලද ටේකින් ද ඉනිටිව් පක්ෂය කියා සිටියේ ඇයගේ Black Lives Matter උද්ඝෝෂණයේ ප්‍රතිපලයක් ලෙස ඇයට මීට පෙර ද මරණ තර්ජන බොහෝ එල්ල වූ බවයි.


ඉන්ස්ටග්රෑම් හි ප්‍රකාශයක් නිකුත් කරමින් ටේකින් ද ඉනිටිව් පක්ෂය මෙසේ පැවසීය:

“අපගේ සාෂා ජොන්සන්ට අමානුෂික ලෙස පහර දී ඇගේ හිසට වෙඩි පහරක් එල්ල වී ඇති බව අපි ඔබට දන්වා සිටිමු. ඇය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. ඇයගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මරණීය තර්ජන රැසකට පසු අද අලුයම මෙම ප්‍රහාරය සිදුවිය. සාෂා දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර අපගේ ජනතාව සහ අපගේ ප්‍රජාව වෙනුවෙන් ශක්තිමත්, ප්‍රබල හඩකි.

 

black 3


අපි සියල්ලෝම එකතු වී සාෂා වෙනුවෙන් යාඥා කරමු, ඇයගේ සුවය ඉල්ලා යාඥා කර ඇගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට අපගේ සහයෝගය පෙන්වමු.”

 

උපාලි ජයසිංහ

නවතම ලිපි