SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වනවිට අගමැතිවරයාට වයස අවුරුදු 56 කි ඔහුගේ පෙම්වතිය කැරී සීමන්ඩ්ස්ට වයස 33 කි.

මීට පෙර දෙවරක් විවාහ වී සිටින ජොන්සන් මහතා සිය දෙවන විවාහය වු මරීනා වීලර් දික්කසාද කලේ ඔහුට දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු සිටින අතරමය.

ඔහු ඇයව දික්කසාද කල එම මාසයේම ඔහුගේ පෙම්වතිය කැරී සීමන්ඩ්ස් , බොරිස් ජොන්සන්ට දාව පුතෙක් බිහිකල බව ජනමාධ්‍ය අනාවරණය කලෝය.

පසුගිය මහ මැතිවරණ ප්‍රචාරක මාවතේ ජොන්සන් මහතාගේ පැත්තෙන් සිමන්ඩ්ස් දුටුවේ කලාතුරකිනි, නමුත් කොන්සර්වේටිව්වරුන්ගේ ජයග්‍රහණයෙන් පසු සුප්‍රසිද්ධ කළු දොරෙන් පිටත පඩිපෙළ මත සිට ඇය ඇගේ තවමත් විවාහ නොවු සිය සැමියා සමඟ අත්වැල් පටලා වේගයෙන් ගමන් කරනායුරු විවිධ ජනමාධ්‍ය ජයාරූප පලකර තිබිණි.

බ්රිතාන්ය අගමැති 5

 

බොරීස් අගමැති වීමෙන් පසු ඔවුහු 2019 ජුලි මාසයේදී ඩවුනින් වීදියේ පදිංචියට ගිය අතර ඩව්නිං වීදියේ ජීවත් වූ පළමු අවිවාහක යුවළයි. අසල්වැසියෝ පවසන්නේ මෙම යුවළට එකිනෙකාට ඔවුන්ගේම ආදරණීය නම් තිබු බවයි, ඇය ඔහුට 'බොසි බෙයාර්' ලෙස නම් කර ඇති අතර ඔහු ඇයව 'ඔටර්' ලෙස හඳුන්වයි.

මෙම යුවළ 2019 දී විවාහ ගිවිස ගත් නමුත් වෛරස් වසංගතය හේතුවෙන් විවාහ මංගල්‍යය ප්‍රමාද කිරීමට සිදුවිය. ඒ අනුව පෙම්යුවල පසුගියදා ඉතා කුඩා පිරිසක් මධ්‍යයේ යුග දිවියට පත්වූහ.

බොරිස්

 

බ්රිතාන්ය අගමැති 3

උපාලි ජයසිංහ

නවතම ලිපි