SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තා වාචික ලිංගික හිංසනය යන්න වර්තමානයේ සයිබර් අවකාශයේ බහුලව සිදුවන්නක්.

පසුගියදා සමාජ මාධ්‍ය අවකාශය තුළ වඩාත් ප්‍රබලව මතුවුනු සංවාදයක් තමයි මුහුණු පොතේ ඉන්බොක්ස් මෙසෙන්ජර් හරහා කාන්තාවන් කිහිප දෙනෙක්වම ඔවුන්ගේ නිරුවත බලන්නට සලස්වන්නැයි ඇරයුම් කරමින් වාචික ලිංගික හිංසනයකට ලක්කරා යැයි කියන චෝදනාව සහිත කාරණය.

මෙතනදි සුවිශේෂීම කාරණය වූයේ මෙම චූදිත කාන්තාවන් විසින් නම්කළ හිංසකයා දාර්ශනික ලෝකයේ ප්‍රබල මාතෘකාගත වුනු චරිතයක් වීම.

ඒ හින්දම මෙම හිංසනය අදාළ පුද්ගලයා දාර්ශනිකයෙක් ලෙස ලබාගෙන තිබූ බලයක් අවභාවිතා කරමින් සිදුකළ හිංසනයක් විදිහට තමයි මේක වර්ගීකරණය කරල තිබුනෙ.

බලය සහ කීර්තිය ලිංගික බලපෑම්වලට යොදා ගත හැකි ප්‍රධාන මෙවලමක් කියල අපි දන්නවා.

ලේඩි ලීඩර් සිරා ටෝක් අද කතාකරන්නෙ ඒ ගැනයි. 

නවතම ලිපි