SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලේසියෙන් උදේ පාන්දර ඇහැරෙන්නේ නැති මට ඊයේ උදේ පාන්දර නිදිමතේම drive කරන්න වුණා.

පුතාගේ අලුත් ඉස්කෝලෙ පලවෙනි දවස. ඉතින් නිදිමත වුණත් පුතා ගිහින් ඉස්කෝලෙට බැස්සුවා.

Drive කරද්දි බීබීසී රේඩියෝ එකේ බොහොම හරබර සාකච්ඡාවක්.

පියයුරු පිළිකාව ගැන.

 

brest 4

 

ඉක්මනින් හඳුනා නොගත්තොත් බොහොම තරුණ වයසෙදි පවා පියයුරු පිළිකාවෙන් ජීවිත අහිමිවෙන්න පුළුවන් කියන එක තමා සාකච්ඡාවේ මාතෘකාව.

සාමාන්‍යයෙන් පියයුරු පිළිකාව කියන්නේ ඉක්මනින් හඳුනාගත්තොත් සුවකරන්න පුළුවන් රෝගයක්. මුල් අවස්ථාවේ රෝගය හඳුනාගෙන සුව වුණ දස, දහස් සංඛ්‍යාත කාන්තාවෝ ලෝකේ පුරාම ඉන්නවා.

එහෙම තියෙද්දී Girls Aloud සංගීත කණ්ඩායමේ ඉතා ජනප්‍රිය ගායිකාවක වුණ සේරා හාඩින් (Sarah Harding) බොහොම බාල වයසකදී, 39 හැවිරිදි වියේදී, පියයුරු පිළිකාවෙන් මියයාම ඊයේ බ්‍රිතාන්‍යයේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉන්න ඇයගේ රසික, රසිකාවියන් කම්පිත කළ පුවතක්.

ඇයට ප්‍රණාමය පුදකරන අතරේම බීබීසී ඇතුළු බොහෝ බ්‍රිතාන්‍ය මාධ්‍යවල පියයුරු පිළිකාව ගැන ඊයෙත්, අදත් හරබර සංවාද ගොඩයි.

 

brest 1

 

ඒ අතරින් BBC Breakfast වැඩසටහනට ආපු වෛද්‍ය නිගාට් ආරිෆ් (Dr Nighat Arif) පියයුරු පිළිකාවක් හඳුනාගන්නේ කොහොමද කියල කෙටියෙන් විස්තර කළා.

මේ දවස්වල ලෝකේ පුරා ජීවිත බිලිගන්නා කොවිඩ් මාරයා වගේම පිළිකාවත් ජාතිය, ආගම, වයස, තරාතිරම බලන්නේ නෑ කියන එක තමා සේරා හාඩින්ට ජීවිතය අහිමිවීමෙන් හෙලිවෙන්නේ කියල වෛද්‍යවරිය කිවුවේ වේදනාවෙන්.

ඒ වගේම පියයුරු පිළිකාව කියන්නේ කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් නොවන බවත් වෛද්‍ය ආරිෆ් අවධාරණය කළා.

 

brest 2

 

ඒ නිසා කරමින් ඉන්න ඕනෑම වැඩක් මොහොතකට, තත්පර දහයකට නවත්තලා, ඇඟිලි තුනකින් තමන්ගේ පියයුරු වටේ පිරික්සන්න, හමේ කිසියම් වෙනසක් තියෙනවද කියල බලන්න ඊට පස්සේ ඉකිලිත් පිරික්සල බලන්න කියල වෛද්‍යවරිය උපදෙස් දුන්න. ඒ වගේම ඔබේ බෙල්ල වටේත්.

 

brest 3

 

පියයුරු වටේ කිසියම් වෙනසක් දැනෙනවා නම්, ඉකිලිවල ගැටිති වගේ දැනෙනවා නම්, හමේ කිසියම් වෙනසක් තියෙනව නම්, පියයුරුවලින් ශ්‍රාවයක් වැගිරෙන බවක් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයා හමුවෙන්න.

 

වැඩි විස්තර මේ වීඩියෝ පටයෙන් -

 

 

@ සරෝජ් පතිරණ

     BBC

නවතම ලිපි