SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජයන්ත කැටගොඩ පත්කරන බවට ප්‍රකාශ වී ඇත.

මේ නිසා සමාජ මාධ්‍ය තුළ කෙරෙන විහිළු තහලු වල 'බට් එන්ඩ්' එක බවට ජයන්ත කැටගොඩ පත්ව තිබේ.

එයට ප්‍රධාන හේතුවක් වන්නේ පර්ලිමේන්තු ඡන්දයට තරග නොකළ බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ඉඩ සලසමින් මීට කෙටි කලකට පෙර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූයේ ජයන්ත කැටගොඩ වූ නිසාය.

ජයන්ත කැටගොඩ ට මෙසේ මන්ත්‍රී ධුරයක් හිමි වූ පළමු අවස්ථාව මෙය නොවේ.

2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඔහුට මෙවැනිම අවස්ථාවක් හිමි විය. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ සරත් ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරය අහිමි වීම හේතුවෙනි.

 

සුදර්ශන 2

 

එයින් ඇතිවූ පුරප්පාඩුව පිරවීමට ලැයිස්තුවේ තුන් වන තැනට සිටි ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණ ආරච්චි ට අවස්ථාව ලැබුණ නමුත් පක්ෂයේ තීරණයකට අනුව ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කළේය.ඒ නිසා සිව් වැනි තැනට ඡන්ද ලබා ගෙන සිටි ජයන්ත කැටගොඩ ට අවස්ථාව ලැබිණි.

2010 පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා ජයන්ත කැටගොඩ තරග කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නම් පෙරමුණෙනි. එහි නායකත්වය දැරුවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2101 ජනාධිපතිවරණයට තරග කොට පරාජය වූ සරත් ෆොන්සේකා ය. එම සන්ධානයේ ප්‍රධාන හවුල්කරු වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ව සිටි අර්ජුන රණතුංගද, මංගල සමරවීරගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 'ම' පාර්ශ්වයේ ලේකම් ලෙස කටයුතු කළ ටිරාන් අලස් ද එම සන්ධානයට එක් වී ඡන්දයට තරග කළහ. පරණ යූ ඇන් පී කාරයෙකු වූ ජයන්ත කැටගොඩ තම පක්ෂයෙන් ඉවත් වී එම සන්ධානයට එක් ව කොළඹ දිස්ත්‍රික්කයට තරග කළේය.

 

සුදර්ශන 1

 

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට හිමි වූයේ මන්ත්‍රී ධුර හතකි. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙකක්; ගම්පහ, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් එක බැගින් සහ ජාතික ලැයිස්තුවෙන් දෙකක් වශයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් ෆොසේකා සහ සුනිල් හඳුන්නෙත්ති තේරී පත්වූහ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් විජිත හේරත් ද, කළුතරින් අර්ජුන රණතුංග ද, ගාල්ලෙන් අජිත් කුමාර ද තේරී පත්වූ අතර, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගියේ අනුර කුමාර දිසානායක සහ ටිරාන් අලස් ය.

සරත් ෆොන්සේකාගේ පුරප්පාඩුවට පාර්ලිමේන්තු පැමිණි ජයන්ත කැටගොඩ 2015 ජනාධිපතිවරණයේදී පැත්ත මාරු කළේය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දක්වන්නට තීරණය කරමිනි. සරත් ෆොන්සේකාගේ පක්ෂයේ එනම් ප්‍රජත්න්ත්‍රවාදී පක්ෂයේ ලේකම් වශයෙන් එවකට කටයුතු කළ ටිරාන් අලස් ද මහින්ද රාජපක්ෂට සහය පළ කළේය.

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දී ඔහුට පනවා තිබූ ප්‍රජා අශක්නුතාවයන් ඉවත් කළේය. 2015 ජනවාරි මාසයේදී ජයන්ත කැටගොඩ ප්‍රකාශ කළේ තමා ඉල්ලා අස්වී තම මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකාට පරිත්‍යාග කිරීමට තමන් කැමැති බවය.

 

දේශපාලනය යනු හරි පුදුම දෙයකි.

නවතම ලිපි