SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටක ශිෂ්ටත්වය, අභිමානය කොයි ආකාරයෙන් වර්ණනා කළත් එම රටේ අභිමානය, ශිෂ්ටසම්පන්න බව තීරණය වන්නේ

එම රටේ ආයතන පද්ධතීන් ක්‍රියා කරන, හැසිරෙන ආකාරය අනුවයි.

ලංකාවේ ලිංගික සේවයේ යෙදීම නීතියෙන් තහනම් දෙයක් නොවෙයි. එය වරදක් නොවේ. පසුගිය කාලයේ නඩු තීන්දු ගණනාවක් හරහා එය ඔප්පු කර තිබෙන්නක්.

එතකොට මේ තලංගම පොලීසිය වරින්වර ලිංගික ශ්‍රමිකයින් අල්ලාගනිමින් නීතිය ඉදිරිපිටට ගෙන ගොස් වරදක් ඇත්නම් විභාග කරන්නටත් පෙර මාධ්‍ය කැමරාවන්ට හසු කරමින්  සිදුකරන නාඩගමේ අරමුණ කුමක්ද?

මීට මාස හත අටකට පෙරත් පොලීසිය මේ ආකාරයටම තලවතුගොඩ පිහිටි ස්පා ආයතනයක් වටලා එහි සේවය කළ කාන්තාවන් මාධ්‍ය කැමරා ඉදිරිපිට තබාගනිමින්, පහත් පෙළේ කුණු රසය විඳින වදන් භාවිතා කරමින් කරන ලද තුච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ සේනක පෙරේරා කරුණු ඉදිරිපත් කළා. එහෙත් මේවැනි තුච්ඡ ක්‍රියා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන ක්‍රියා නිසාම ඊට සුදුසු පියවරක් ගනු ලැබූයේ නෑ.

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනවා. මේ වෘත්තීකයන් පවත්නා වසංගත කාල සීමාවේ ජීවත්වීම පිළිබඳ විශාල අර්බූධයකට ලක් වූ පිරිසක්. පවත්නා රජයට අනෙක් දේවල් සම්බන්ධයෙන් මෙන්ම මොවුන් සඳහාද කිසිදු වැඩපිළිවෙලක් නැති වීම පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතු රාජ්‍යය, එසේ නොවී රාජ්‍ය පොලීසිය යොදවා නිර්ලජ්ජිතව කරන මේ අවමන් සහගත ප්‍රහසනය ඉදිරියේ රටේ ජනාධිපතිවරයා බලවත් අපහසුතාවයට පත්වීම නොවැලැක්විය හැක්කක්.

ගෝටා

මන්ද අප එසේ කියනුයේ පසුගිය දිනෙක, ලිංගික වෙනස මත හිංසාවන්ට ලක්වන ප්‍රජාව රැකීමේ ජාත්‍යන්තර දිනයට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට දුන්  ප්‍රතිඥාව වූ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කම්වලට ලක්නොවී අභිමානයෙන් ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව” සපත කර මාස කිහිපයයි ඉකුත් වූයේ.

ඒ මොහොතෙත් ලේඩි ලීඩර් අපි ලංකාවේ මුල් වතාවට රාජ්‍ය නායකයෙක් ලෙස දුන් ඒ ප්‍රතිඥාව අගය කළ අතර,ප්‍රතිඥාවක ශ්‍රේෂ්ටත්වය රඳන්නෙ හුදෙක් වචන වල නොව ප්‍රායෝගිකත්වය මත බව කියා සිටියා. අදද අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ප්‍රතිඥාව ප්‍රායෝගික බව පෙන්වා දෙන ලෙසයි. මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙක්ටම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව හිංසනයට ලක්නොවී ජීවත්වීමේ අයිතිය සුරැකීම ඔබේ වගකීමයි. ඔබේ ප්‍රතිඥාවයි.

නවතම ලිපි