SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ 'රැල්ල' බවට පත්වෙලා හමාරයි.

මේ රැල්ල ඉදිරියේ රනිල්, රාජපක්ෂලා මෙන්ම සජිත්, කුමාර්ලා පවා හෙල්ලිලා ගිහින්. ප්‍රාදේශීය සභා වගේ පාලන බලයක් ජාජබ දිනාගන්නවා නම් එය ඉදිරි මැතිවරණයේ තීරණාත්මක සාධකයක් බව බැසිල් රනිල් ඇතුළු පිරිසත් හොඳාකාරවම දන්නවා. විශේෂයෙන්ම බැසිල් දන්නවා බැසිල්ගේ සම්පූර්ණ දේශපාලනය රැඳිල තියෙන්නේ පළාත් පාලන ආයතන හරහා වන බිම් මට්ටමේය කියන එක. නිසා හැකි උපරිම ලෙස මේ ඡන්දය නොපැවැත්වීම වෙනුවෙන් අවසාන මොහොත දක්වා ගේම් අදින බව නම් ඒකාන්තයි. ඒත් එය ආපස්සට ඇදිය නොහැකි බලවේගයක් බවට දැන් පත්වෙලා.

 

කෙසේ නමුත් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තිය නිසාවෙන් ජාජබයට රජයේ සහ විධායක ශ්‍රෙණියේ නිළධාරීන් දිනා ගැනීමටත් අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් උදාකරල දී තිබෙනවා. රනිල් අනුර සන්ධානයක්දෝ යි සැක කෙරෙන තරමටම මේ දිනවල සිදුවන දේශපාලන කරලියේ සිදුවීම් ගැන බොහෝ සාම්ප්‍රධායික දක්ෂිනාංශික දේශපාලනඥයින් විපිලිසර වෙලා.

 

එනයින් බොහෝ දෙනා විශ්වාස කරන්නෙ රනිල් වික්‍රමසිංහ අවසාන මොහොතේ පවා මෙම ඡන්දය නොපැවැත්වීමේ උත්සාහය අත්නොහරීවි යන්නය. එසේ වුවත් දැන් සිදුවන ක්‍රියාවලිය තුළ මැතිවරණ කටයුතුවලට අදාළ නිළධාරීන්ගෙන්ද රජයට සහයෝගයක් ලැබේද යන්න සැක සහිතය.

කෙසේ වුවද ඡන්දය පළාත් පාලන මැතිවරණයක් වුවද ඉන්දියාවේ සහ චීනයේ බලපෑම සහ සහයෝගය තුළින් එය පුංචි ඡන්දයක් ලෙස බාරගත නොහැකි තත්ත්වයකට පත්වෙලා. අනාදිමත් කාලයක් තිස්සේ දේශපාලනිකව චීනය සමග නෑකම් කියූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ජාතික ජන බලවේගය තුළදී ඉන්දියාවේ ඥාතීත්වයට පොලා පැනීමද විශේෂත්වයක්. මේ තත්වය තුළ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙන්ම බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ හිතවන්තයාද සිටින්නේ උභතෝකෝටිකයකට මැදිවෙලා බව පැහැදිලිය.

ඡන්දය පුංචි ඡන්දය ලෙස නම් කෙරුනද තම පක්ෂය බලය ගත් පසුව හොරු ඇල්ලීමේ ජවිපෙ ජාජබ ජනප්‍රිය සටන් පාඨය ගැන අනුර කුමාරගෙන් ඇසු ප්‍රශ්නයකට ඔහුගේ මේ දෙන පිළිතුරේ ගැබ් වන්නේ කුමක්ද?

 

 

දිලිත් ජාජබයට ඡන්දය දිනිය හැකි පාඩම කියාදෙයි!

 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තම අතීත දේශපාලන භාවිතාවන් ගැන යූ ටියුබ් නාලිකාවක් හා දොඩමළු වූ රජුන් තැනීමට දායක වූ, දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර ජාතික ජන බලවේගය (NPP)ට ඉදිරියේදී ඡන්දය දිනන හැටි උගන්වන්නට එම සාකච්ඡාව අවස්ථාවක් කරගෙන ඇත.

 

ඇන්ටිජන් වංචාවක් සම්බන්ධයෙන් තමාට එරෙහිව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව විවෘත සංවාදයකට එන්නැයි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටියි.

එය අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් ජනතාව තුල විශ්වාසයක් ඇතිකිරීමටත්, එය ම මැතිවරණ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වනු ඇති බවත් දිලිත් ජයවීර පවසයි.

ඔහු එබව කියා සිටියේ, Iraj Show සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සංවාදයකදී ය.

 


දිලිත් ජයවීර එහිදී මෙසේ පැවසිය.

''කුමාර දිසානායක මගේ මිත්‍රයාට මම එකක් කියන්න කැමති. දැන් මේ දේශපාලනයේ තියෙන්නෙ ව්‍යාජත්වයක්, බොරු කියනවා කටට එන දේ කියනවා තමන්ගේ වාසියට බොරු කියනවා. ඔහුට තියෙන ජනතා ප්‍රතිරූපයේ පලවෙනි ප්‍රශ්නය තමයි එයා ක්‍රෙඩිබල් නෑ කියන එක. දැන් එතුමා මට විවිධ අවස්ථාවන් වල චෝදනා කිහිපයක් කරලා තියෙනවා. ඉස්සෙල්ලම මට පාර්ලිමේන්තුවේ දී පළවෙනි චෝදනාව එතුමා කරේ මම කොළඹ බස් සංකීර්ණය අලුත්වැඩියා කරා, අපේ සමාගම එකතුවෙලා බොහෝ දෙනා ගෙන් උදව් අරගෙන අපේ දායකත්වයෙන් මේක හැදුවා  ඒ වෙලාවේ මෙතුමා ලොකු චෝදනාවක් මට පාර්ලිමේන්තුවේදී කිව්වා ජාවාරමක් කරනවා බස්ටෑන්ඩ් එක හරහා කියලා පලවෙනි වතාවට.

ඔහොම විටින් විට චෝදනා කිහිපයක් කරලා තියෙනවා. මෑතකදී එතුමා මගේ නම නොකියා චෝදනාවක් කෙරුවා. ඒ මොකක්ද ඇන්ටිජන් සහ හෝටල් නිරෝධායන වංචාවක් ගැන. ඒකෙන් මුදල් වංචාවක් කරා කියලා ගානක් හම්බ කර ගත්තා කියලා. එතකොට මම ඔහුට කරන එක අභියෝගයයි මෙන්න මේ කරුණු දෙක නිදහස් තැනකදී මේකට සංවාදයක් අපි දෙන්න කරන්න ඕනේ.

ඇන්ටිජන්  වංචාව සිදු වුණු ආකාරය ගැන, ඒකෙන් දිලිත් ජයවීර හෝ දිලිත් ජයවීරට අදාල සමාගමක් හෝ ලාභ ලැබූ ආකාරය කියන්න ඕනේ. ඊට පස්සේ මේකට සම්බන්ධ වුණ වෛද්‍යවරු ගොඩාක් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට දැනීමක් තියෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙච්ච කාර්යාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලො හිතනවා අනුර කුමාර බොරු කියන්නෙ කියලා. එතකොට අනුර කුමාර බොරු කියනවා කියන එක අනුර කුමාරට හොඳ නෑ. ඒක එතකොට අර කුමාර් ගුණරත්නව දන්නේ නැහැ කියල කියන එකක් වගේ එකක්වත්, වරාය නගරයට ලංකාවෙම ගල් මදි වෙනවා කියන එක වගේ එකක් නෙමෙයි. මේක තාක්ෂණික කාරණාවක්.

ඔහුට කියන්න පුළුවන් දිලිත් මගේ මිත්‍රයා,ඔයා මෙන්න මේ විදිහට මේක කරලා මෙන්න මේ විදිහටයි මේකේ ලාභය අරන් තියෙන්නේ. මෙව්චර මිනිසුන් දහසක් දෙනා මැරී මැරී වැටෙන මොහොතක මේ රට අර්බුදයක තියෙන මොහොතක ඔබ මේ වගේ කැත වැඩක් කරා. එතකොට ඔහුගේ පක්ෂයට ඒකම ඇති මේක දිනන්න.

(පුවත් අනුග්‍රහය Theleader.lk)

නවතම ලිපි