අසත්‍ය තොරතුරු යනු සත්‍ය නොවන දේය. එවිට සත්‍ය යනු කුමක් ද?
කෙසේ වෙතත් අසත්‍ය තොරතුරු සහ වෛරී ප්‍රකාශන පැවතීමට අදාළ වන්නේ වෙළඳපොල කරණය වීමම පමණක් නොවේ. වෙළඳපොලකරණය වී ඇති සමාජයක සිදු වන්නේ ඒවා විවිධාංගිකරණය සහ වැඩි තීර්වතාවයකින් සිදු වීමයි.
සත්‍යය පූර්ව සැකසූ යම් පූර්ණත්ව තත්වය තුල යම් බලයලත් නියෝජිතයෙකු විසින් (එහි උපරිමය විද්‍යාඥයා) අනාවරණය වීම සඳහා සූදානම්ව සිටින්නේ නැත. එය ගොඩනැගෙන්නේ දයලෙක්තික චලනය තුලය. වර්තමානයේ අප කරා එන සත්‍ය යනු ප්රබන්ධයකි. "ප්‍රබන්ධ" යන යෙදුම භාවිතා කරන්නේ ගොතන ලද 'බොරුවක්' යන අර්ථයෙන් නොවේ. විද්‍යාත්මක ගොඩනැංවීමක් යන අර්ථයෙනි. එසේ ගොඩනැගුන සත්‍යන් සමාජ සම්මුතීන් බවට පත්වේ (ලෝකචාරයන්). එනම්, සත්‍යය ප්‍රබන්ධයක් මෙන් ව්‍යුහගත වී ඇත. කෙසේ නමුත් සම්පූර්ණ වශයෙන් සත්‍යය සුසන්ධීකරණය කල නොහැක.
බහුතර මතය වන්නේ සත්‍ය සුන්දර බවය. නමුත් සත්‍යය සුන්දර නොවනවා සේම සත්‍යය දැනගැනීම අත්‍යවශ්‍යයෙන්ම ප්‍රයෝජනවත් නොවේ.
"සත්‍යය" පවතින්නේ තනි විශ්වීය සත්‍යයක් ලෙස නොව, එක් එක් පුද්ගලයින්ට අනන්‍ය වූ විශේෂිතතාවන් සහිත සත්‍යයක් ලෙසය. එම අර්ථයෙන් සත්‍ය අර්ථවත් සංකල්පයක් වන්නේ භාෂාවේ සන්ධර්භය තුල පමණි. "භාෂාවේ පෙනුම සමගින් සත්‍යයේ මානය ඉස්මතු වේ. සත්‍ය සහ විද්‍යාව සුසන්ධීකරණයට දරන ඕනෑම උත්සාහයක් ගැටළු සහගත කරනුයේ පාරභෞතිකමය ලෙස පමණක් නොව ගූඩ පවා වන සියුම් වෙනස් කම් තුලය.
විද්‍යාවේ අරමුණ සත්‍යය දැනගැනීම වුවද, නමුත් හුදෙක් විද්‍යාවට සත්‍යය එහි අනන්‍ය දේපල වශයෙන් ඒකාධිකාරී කිරීමට හිමිකම් කිව නොහැක. විද්‍යාව ආධිපත්‍ය පැතිරවීමට පෙර විවිධ සමාජ වල විවිධ අකාරයෙන් සත්‍යය ගොඩනැගී තිබුණි. ඒ සාම්ප්‍රදායික ජීවන රටාවන්ට අදාලව සමාජීයව ගොඩනැගුන සත්යයන්ය. විද්‍යාත්මක සත්‍ය අධිපත්‍යධාරී ලෙස පැටවෙන්නේ එවැනි සමාජයන් මතය. හේතුව ලෙස සත්‍ය යන සංකල්පයේ පෙරවරණය මත විද්‍යාව ඇත්ත වශයෙන්ම පදනම් වේ. ඒ අනුව 19 සියවසෙන් පසුව ධනවාදී සමාජය යනු සාම්ප්‍රදායිකත්වයන් වෙතින් ක්‍රමයෙන් තුරන් වන සමාජයකි. එය ක්‍රමයෙන් ආරම්භ වන්නේ අධිපත්‍යධාරී ලෙස, ප්‍රධාන වශයෙන්ම මුද්‍රණ තාක්ෂනය, අධ්‍යාපන ආයතන, රේඩියෝව වැනි අධිපත්යධාරි ව්‍යුහයන් හරහාය. ඒවා සිදු වන්නේ දේශපාලන සහ සමාගම් වල ක්‍රියාකාරීත්වයට අනුලෝමවය.
ඒ අනුව සත්‍යය රැවටීම සමඟ සමීපව සම්බන්ධ වී ඇත. මන්ද ආශාව (ධනවාදය තුල නිර්මාණය වන මිනිස් ආශාව) පිළිබඳ සත්‍යය බොහෝ විට අවංක ප්‍රකාශවලට වඩා බොරුව තුල ප්‍රකාශ කරන බැවිනි. එබැවින් රැවටීම සහ බොරුව සත්‍යයට ප්‍රතිවිරුද්ධ නොවේ. ඊට ප්රතිවිරුද්ධව, ඒවා සත්‍යයේ පාඨයෙහි, එනම් වියමනෙහි අභිලේඛිතව ඇත.
ඒ අනුව 14 වන සියවසින් ඇරඹුන දුස් තොරතුරු මතින් සමාජය ආක්‍රමණය වීම තීර්ව වීම ආරම්භ වන්නේ 19වන සිය වසෙහි මුල් කාලයේදීය. ගෝලීය ධනවාදයේ බලපෑම් හේතුවෙන් සාම්ප්‍රදායික ජීවිතය කැඩී බිඳී යාම බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාක ඇති කලේය. ඉන් සිදු වූයේ බුර්ෂුවා තනි පුද්ගලයා නිර්මාණය වීම සහ ග්‍රාමීය සහ එහි ආගමික සහ සමාජ ව්‍යුහයන්ගේ සාම්ප්‍රදායික ජීවිතයෙන් ස්වාධීන වීමයි.
ඒ අනුව ධනවාදයේ සංස්කෘතික දෘෂ්ටිවාදය වන්නේ බහුසංස්කෘතිකවාදයයි. එය ජාතික ලැදිකම් වෙතට දක්වන්නේ උදාසීනතත්වයකි. එය තුල ඕනෑම බහුජාතික සමාගමක් සලකන්නේ අන් සෑම තැනකම ලෙස ඕනෑම රටක ජනගහනය වෙළඳපොල සඳහා සමාන විය යුතු බවය. එය ලාභය අපේක්ෂා කරනුයේ එම සමාගම් අයිති රටෙහි හෝ අන් ඕනෑම රටක මිනිසුන් හට බලපානා ඕනෑම කඩාකප්පල්කාරීත්වයක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වමිනි. යටත්විජිතකරණයේ දී පවතින්නේ සමාගම් මිස ජාතීන් නොවේ. ගෝලීය ධනවාදයට අවශ්‍ය වන්නේ ඕනෑම අයෙකුට එහි යාන්ත්‍රණයන් වෙත සමව පිවිසීම සතුවූයේ නම් ආර්ථිකය සහ දේශපාලනය මටසිලිටු, උදාසීන ලීලාවකින් ක්‍රියාත්මක වන බව මවාපෑම මගින් නිර්දේශපාලනය කිරීමටය.
මෙම දුස්තොරතුරු ව්‍යාප්තිය වඩාත් බලවත් වන්නේ ස්ටැලින්වාදී සමාජවාදයේ පරාජයත් සමගය. ස්ටාලින්වාදය ක්‍රියාකරනු ලැබූයේ ධනවාදීන් වෙතට වූ යම් ආකාරයක වරදකාරී හර්ද සාක්ෂියක් ලෙසය. ධනවාදය පිහිටවන්නේ අනන්‍යතාවයන් මාරුකරන්නට හැකි සහ බලාපොරොත්තු වන ආත්මීයත්වයන් වෙනුවෙනි. එනම් හැම විටම සියලු දේ වලට අදාළ විලාසිතාවන් සහ ආර්ථිකය අණකර සිටින්නේ එයට එසේ කිරීම අනීවාර්ය බවය. බහු අනන්‍යතාවයන්ගේ සහ ඒවා අතර පහසුවෙන් සැරිසැරීමට ඇති හැකියාව වන්නේ වන්නේ නව ශ්‍රේෂ්ට ශීලයකි. ඒ අනුව දුස් තොරතුරු පිළිගැනීම ඒ ඒ අයට අදාළ ආශාව සමග ව්‍යූහගතව ඇත.
උදාහරණ ලෙස නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදනය ලොව පුරා අලවි කිරීම සඳහා එම නිෂ්පාදනයේ ඇති විද්‍යාත්මක තහවුරුව, හිතකරභාවය, අහිතකර නොවන ආකාරයෙන් භාවිතා කරන ආකාරය (සත්තකින්ම අහිතකර භාවය සැඟවීම), වැනි විද්‍යාත්මක කරුණු රාශියක් මත පදනම් වේ. නමුත් කල් යාමේදී එම නිෂ්පාදන තුලින් ඇති වන තත්වය පාලනය කල නොහැකි ප්‍රතිවිපාක අත් කොට දෙන බැවින් එක්කෝ නිෂ්පාදනයම නවතා දමනු ලැබීම හෝ එහි ගුණාත්මක ස්වරූපය වෙනස් කොට පෙර පරිදිම විද්‍යාත්මක තහවුරුව මත අලවි කෙරේ. එසේ විශාල බලපෑමක් නොකරන, බලපෑමේ පරිමාව අනාගතයට අදාලව පවතින නිෂ්පාදන දිගින් දිගටම නිෂ්පාදනය කෙරේ.
මේ තත්වය වඩාත්ම කැපී පෙනෙන ක්ෂේත්රයන් ලෙස ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ආහාර ක්ෂේත්‍ර හැඳින්විය හැකිය.
ක්ෂනිකව සකසාගත හැකි බොහෝ ආහාර වර්ගයන්හි පිලිකා කාරක අඩංගු රස කාරක ඇතුලත්ව ඇති අතර ක්ෂේත්රයේ විද්වතුන් මේ පිළිබඳව අවදානම් රතු එළි දල්වා ඇතත් විශාල ප්‍රචාරණයන් , ප්රවර්ධනයන් ගේ බලපෑම මත මිනිසුන් මේවා මිළ දී ගැනීමට යුහුසුළු වෙති.
මේවා සත්‍ය මත පදනම් නොවන අතර ලාභය ප්රමුඛ කොටගත් තරගකාරී වෙළඳපොල පවත්වාගෙන යෑමේ අභිලාෂය එය වේ.
එවැනි අදහස් සහ තොරතුරු වෛරී ප්‍රකාශන ලෙස සැලකීමක් සිදු නොවන අතර, ඇත්ත වශයෙන්ම ඒවා සත්‍යයෙන් තොර මිනිස් ජීවිතය විනාශයන්ට යොමු කරන වෛරී ප්‍රකාශන ගනයේ සැලකිය යුතු ඒවාය.
ඒ අනුව පැවසිය හැක්කේ සත්‍යය රැවටීම සමඟ සමීපව සම්බන්ධ වී ඇත යන්නයි.
මුසාවන් බොහෝ විට ආශාව පිළිබඳව සත්‍ය අනාවරණය කරනුයේ අවංක ප්රකාශයන්ට වඩා සුභාෂිත ලෙසය.
2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් තහනම් කරන බව ප්‍රකාශ වීමත් සමග ඇති වූ තත්ත්වය ද එයට විවිධ කෝණ වලින් සලකා බැලිය හැකි හොඳම උදාහරණයකි.
පොසිල ඉන්ධන දහනය, පෙට්‍රෝලියම් නිෂ්පාදන පරිසරයට එක්වීම කෙතරම් අහිතකර බව විද්යාවෙන්ම පැවසුවද ඒවා භාවිතය වෙතින් ඉවත්වීමට මිනිසුන් අකමැති වන්නේ ආශාව ව්‍යුහගතව ඇති සංකීර්ණ සමාජ සබඳතා ජාලය තුලය. ඒ අනුව පැවසිය හැක්කේ දුස් තොරතුරු යනු මිනිස් ආශාව වෙත ආමන්ත්‍රණය කරනා ආකාරයේ ස්වරූපය බවයි. (ආශාව යනු සැම විටම අනෙකාගේ ආශාවයි. එය ගොඩනැංවීමකි.)
ඒ අනුව, සැබැවින්ම සත්‍ය හෙළිදරව් කොට ගැනීම යනු ආශාව පිළිබඳව සත්‍ය හෙළිදරව් කිරීමයි. එනම් උමතුව යන්න වටහාගැනීම සත්‍යය සඳහා වන ප්රවේශයයි. සත්‍යය පිළිබඳව සංකල්පය අවශ්‍ය වන්නේ ඒ සඳහාය. නමුත් නූතන විද්‍යාව විසින් උමතුව යන්න වෙත අර්ථවිරහිතභාවයක් ප්‍රධානය කරනුයේ සත්‍ය පිළිබඳව එම සංකල්පය නොසලකා හැරීමෙනි. විද්‍යාව සැමවිටම උත්සාහ කරනුයේ ආශාව පිළිබඳව සත්‍ය වසන් කොට, නොසලකා හැර විද්‍යාත්මක තොරතුරු මතින් එය (එනම් ආශාව) පෝෂණය කිරීමටය.
මින් මිදීමේ මාර්ගය වැටි ඇත්තේ සත්‍යය හෙළිදරව් කිරීම තුලය (මේ කියන්නේ විද්‍යාත්මක සත්‍යය නොවේ). ඒ අනුව කාර්යභාරය විය යුත්තේ ධනවාදී සමාජයේ මිනිසුන් නිමග්න කතිකාවේ රැවටීම තුළ අභිලේකිත සත්‍යය විශ්ලේෂනාත්මකව හෙළි කිරීමයි. නමුත් එය අපහසු කාර්යක් වන්නේ ධනවාදී පුරවැසියා සැමවිටම ඊට ඉතා දැඩි ප්රතිවිරෝධයක් දැක්වීම නිසාය. ඒ අනුව විශ්ලේෂණය වෙත හැම විටම හමු වන්නේ ව්‍යාජ විද්යාමනත්වයන් ඉදිරිපත් කරනා මිනිසුන් හෝ සමූහයන්ය.