SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත්

ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ විසින්  (01) ඊයේ නියෝග කර ඇත.

 

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස්, ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාටය.

 

කෙසේ නමුත් මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි කියමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට තිබුණි.

 

රජය වෙත බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් (ජනවාරි 26 වැනිදා) ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් තුළින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

 

එම මත්පැන් නිෂ්පාදන සමාගම් අතර , ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම,  මැක්ලම් බෲවිං සමාගම, කළුතර ඩිස්ටිලරීස් සමාගම, සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම, රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම පෙත්සමේ සඳහන් සමාගම් අතර වේ.

එහිදී සුරා බදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබුණේ, හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් ‘ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවයි.

 

එකී සාමගම් එසේ තම බදු මුදල් ගෙවද්දී වැඩිම බදු පොලු තබා ඇති දේශපාලන හිතමිත්‍රකම් පවත්නා සමාගම් වසර ගණනාවක් පුරා බදු නොගෙවමින් මගහැර යෑම ගැන පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයට අදාළව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති වශයෙන් සිටි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා දැඩි සටනක් ගෙන ගියේ ය.

 

ඊයේ පැවති නඩුවට අදාළව 2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල්  3555488597.00ක වැට් බදු මුදල් ගෙවන ලෙසට ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම්  කොමසාරිස් ජනරාල්වරයා විසින්  2020 වර්ෂයේ මහේස්ත්‍රාත් අධිකරයේ නඩු පවරා තිබුණි. අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව  පසුගිය(2023) වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක්  නිකුත් කර ඇත.

 

එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සහ අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව  විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ඊයේ අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණි.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ පෙනී සිටියාය.

නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 06 වැනි දිනට කල් තිබිණි. 

 

පෙර පුවත් - https://slleader.lk/news/9238-2024-01-30-08-37-12

නවතම ලිපි