SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිළි දමිතාට සහ ඇගේ සැමියාට රට යන්න තහනම් ලු.

මේ තහනම පනවලා තියෙන්නේ කොටුව මහේස්ත්‍රාත් විසින් ලු.

කොරියා යවන බව කියා රුපියල් ලක්ෂ 30ක්  වංචා කිරීම ඇයට සහ ඇගේ සැමියාට ඇති චෝදනාවලු.

 

අරගලයේ විශාල චරිතයක් බවට පත්වුනු දමිතා අබේරත්න අරගලය අවසන් වනවාත් සමග සමගි ජන බලවේගයේ දේශපාලන වේදිකාවට ගොඩ වූවා ය.

අනතුරුව ඇය සමග අරගලයේ කොටසක් විරසක වූ අතර තවත් කොටසක් ඇය වෙනුවෙන් පෙනී සිටියේ ය.

අරගලයේ කැපී පෙනෙන චරිත වූ පමණින් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඔවුන්ට ආරාධනා ලැබුනු අතර එමගින් අරගලවාසීන්ගේ ජනප්‍රියත්වය පාවිච්චියට ගන්නට මේ දේශපාලන පක්ෂවලට අවශ්‍ය උනා ය..

 

එහෙත් අරගලය ආරම්භ වූයේ ඇයිද සහ එය අවසන් වූයේ කෙසේද සම්බන්ධ වූයේ ඇයි ද යන්න නොසොයා නොබලා එකී දේශපාලන පක්ෂ ගුලිය කෑවේ ලු.

 

කොහොම වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දී තිබෙනවාලු.

 

මේ වෙද්දි දමිතාත් ඇගේ සැමියාත් අතුරුදන්ව දින කිහිපයක් ගත වෙලා ලු ය.

ආරංචියේ හැටියට පක්ෂ ලොක්කෙක් වුනු කඳුකරයේ බණ්ඩාර කෙනෙකුගේ ගෙදරක ඉන්නවා යැයි ද ඔිපාදූප එමට ය.

 

කොහොමටත් ලක්ෂ 30ක් කියන්නෙ රට රැකියා හොයන් යන මිනිසුන්ට ලොකු ගානක් උනත් ඒ වගේ ද අපේ රටේ හොරකම් කියල තවත් කොටසක් කියවමින් යනවාලු.

සමහර පොලෝසියේ ඇත්තන්ට සමහර ‌සාමාන්‍ය මිනිස්සුන්ට වෙච්ච අකරතැබ්බ කියද්දි ඒවා විභාගයට මාස ගණන් ගත්තත් දේශපාලන කෙරුවාවල් වලදි නම් හරි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවාය කියල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් කියනවාය.

ඒ මොක උනත් සමගි ජන බලවේගයේ  දමිතාට එරෙහිව මෙන්ම යූඇන්පීයේ ප්‍රාදේශීය  සභා මන්ත්‍රීනී උදේශිකා දමයන්තිටද එරෙහිව නීතිය හා යුක්තිය ක්‍රියාත්මක වෙන්න ඔීනෑ යැයි ද  කට්ටිය කියනවාලු ය.

 

#Gossip

 

සබැඳි පුවත් -

 https://slleader.lk/news/9580-2024-03-29-15-19-17

දමිතාට කෙළින් වූ නීතිය, එජාප මංත්‍රිනී උදේනිකාලාට නැවෙන අපූරුව…..!- (සුමුදු මද්දුම ආරච්චි)

නවතම ලිපි