SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජපක්ෂලාගේ වියරු උද්දච්ච උමතුව නිසාවෙන් මේ මොහොත වනවිටත් පාඩු ලබන ශී ලංකන් එයාර් ගුවන් සමාගම වර්ෂ 2021,2022 හා 2023 වනවිට පාඩුව රුපියල් කෝටි 28522කි..

තත්වය එසේ තිබියදී තවමත් ශ්‍රී ලංකන් එයාර් සමග ගුවන් ගතවන මගීන්ට සංචාරක මගීන් හට නින්දිත ආකාරයෙන් සැලකීම පිළිබද සිද්ධීන් රාශියකින් ආසන්නතම හා නින්දිත සිදුවීම නම් ගම් සාක්ෂි සහිතව අප හෙළිදරව් කළ නමුත් ඊට කිසිඳු වගකිවයුතු ආයතනයකින් හෝ දේශපාලන අධිකාරියෙන් පිළිතුරක් නොවීය.

 

කළින් සිදුකළ හෙළිදරව්ව හා සබැඳි පුවතට පිවිසීම පහත ලින්කුවෙනි…

https://slleader.lk/life-style/9504-2024-03-16-03-16-05

 

පාඩුපිට පාඩු ලබද්දී තවත් කොමිස් ගිලින බහිරව පූජාවකට සූදානමින්……….?

 

ගතවන තත්පරයෙන් තත්පරයට රුපියල් බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමකට  ඩොලර් ලක්ෂ 15ක් ගෙවා කල්බදු ක්‍රමයට එයාර් බස් 04ක් ලභාගැනීමට කඩිමුඩියේ සූදානම් වනබව වාර්තා වී ඇත.

 

මේසා විසාල ධනස්කන්ධයක් වැය කරමින් පාඩු ලභන විකිණීමට අපේක්ෂා කරන ආයතනයක් වෙනුවෙන්, රට ඩොලර් අර්බුදයක තිබියදී මෙවන් තකතීරු තීරණ ගන්නේ සැබවින්ම පණ අදිමින් දැඩිසත්කාරයේ සිට සුවපත් වෙමින් සිටින මොහොතක නැවත අමු අමුවේ පණ පිටින් ආදාහණාගාරය වෙත රැගෙන යාමේ ක්‍රියාවක් ලෙසිනි. 

 

නිසි බලධරයනි! රටේ මහජන බදුමුදල් මෙසේ හිතුමතේ කාබාසිනියා කරදැමීම වෙනුවෙන් නිහඬව නොසිට වහා ක්‍රියාත්මක විය යුතු ය.

 

@සුමුදු මද්දුම ආරච්චි.

මිලානෝ.

නවතම ලිපි