SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්,

ජෝර්ජ් සෝරෝස් සහ ජේම්ස් පැකර් වැනි ආර්ථික ඝාතකයන්ට දොර විවර කිරීමට බව ජාතික ජන බලවේගයේ ආර්ථික සභාවේ සාමාජික සුනිල් හදුන්නෙත්ති පවසයි.

 

පසුගියදා බදුල්ලේදී ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවකට එක්වෙමින් ඔහු කියා ඇත්තේ එලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ WIFI ලබාදීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවය.

 

"රනිල් 2015 දී කිව්වා හැමෝටම නොමිලේ වයිෆයි දෙනවා කියලා. දැන් ෆ්‍රී කියන වචනය අතහැරලා කියනවා 2024 දී වයිෆයි දෙනවා කියලා. එලොන් මස්ක් කවදාවත් නොමිලේ වයිෆයි දෙන්නේ නැහැ,"

 

ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙන බවට රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය. නමුත් ඔහු කිසි දිනක ආයෝජනයක් සමඟ පැමිණියේ නැත.

 

හදුන්නෙත්ති කියා සිටියේ විදේශ ආයෝජකයින් මෙරටට පැමිණෙන බව පෙන්වීමට රජයේ මුදල් යොදවා වෙනම සමාගමක් හරහා ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන  බවය.


   
"ලෝකයේ ව්‍යාපාරිකයන් ඉන්නවා ඒ රටවල ජනාධිපතිවරුන්ගේ ඉල්ලීම මත ඒ රටවලට යන නමුත්, ඔවුන් හැම විටම ආයෝජන ගෙන එන්නේ නැහැ," ඔහු පැවසීය. 

නවතම ලිපි