2024 ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමත් සමඟ හදිසියකින් වාගේ ලක්දේශය තුළට යම් කිසි විදිහක මැච් උණුසුමක් ඇතුළු වී පවතී.
දකුණු ආසියාවට අදාළ මැච් උත්සවකාරීත්වය යනු පෘථිවියේ අනෙක් කලාපයන් හෝ ඉම් පෙදෙස් තුළ මැච් සමරන ආකාරයට වඩා බෙහෙවින් වෙනස්ව සමරනු ලබන්නකි.
වසර සියය ගණනක් එංගලන්තක කොලනිවාදීන්ට යටත් වී තවමත් පූර්ණ ස්වදේශික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වූ දකුණුආසියානු දේශයන් අතරින් ප්‍රතිශතාත්මකව ගත් කළ ස්වදේශිකමය ගුණය අතින් ලක්දේශය සිටින්නේ ඉන්දියාවටත් පසුපසිනි.
ඉන්දියාව සමඟ සංසංදනය කරන කල්හි, වත්මන් ලක්දේශයේ ක්‍රම-පද්ධතිය (System) තුළ නිර්-ස්වදේශිකමය ගුණ වැඩි ය. එහි දී, ඉන්දීය නිදහස් සටනට සහභාගී වීමෙන් පසුව සටන අතරතුර ඉන්දියාවෙන් ගැලවී ගිය පාකිස්ථානය සහ බංගලදේශය වගේ රටවල ක්‍රම-පද්ධති සැලකුව ද, ස්වදේශීය අනන්‍යතාවක් ගොඩගා ගැනීම අතින් ඉන්දියාවට සමාන්තර වූ තත්වයන් නඩත්තු කරමින් ඔවුන් ද ලක්දේශයට වඩා ඉදිරියෙන් සිටී.
තවත් සමහරක් වෙනත් දකුණුආසියානු රටවල ක්‍රම-පද්ධති ද ඉන්දියාව සමඟ සංසංදනය කළ කල්හි, ඒවා නිර්-ස්වදේශිකමය ගුණයෙන් වැඩි තත්වයක් නඩත්තු කරන බව දැකිය හැකි ය. එහෙත් ලක්දේශය ඒ අතුරිනුත් නිර්-ස්වදේශිකමය ගුණයෙන් ඉදිරියෙන් ම සිටින කොදෙව් ඉම් පෙදෙස යි.
අපි හිතාගෙන ඉන්නේ මේවා හිතාමතා නඩත්තු කරන තත්වයන් කියා යි.
නමුත් මේ හැම එකක් ම ඉතිහාසිකව සිදුවුණ ගොඩනැංවීම් ය.
ඒ කියන්නේ, ස්වදේශීය අනන්‍යතාවක් ගොඩනගා ගැනීම සම්බන්ධ වාද-විෂය අතින් ගත්කල, මේ දකුණුආසියානු කලාපයේ අනික් රටවල් ඉන්දියාවට වඩා පසුපසින් සුනංගුවෙමින් වෙමින් පවතින මේ තත්වය, භෞතික අන්තර්ගතයක් නියෝජනය කරන ඉතිහාසකත්වයක් (Historicity) නිසාවෙන් බිහි වූවකි.
දකුණු ආසියානු රටවල් අතර ඉන්දියාව අධිකාරිවාදී ප්‍රවේශයක් සහිත හයිරංකාරයකු බවට පත්වීම පිටුපස පවතින්නේ ද, ඉන්දීය භූමියේ විශාලත්වය හෝ එහි ක්‍රම-පද්ධතිය නඩත්තු කරන උදවියගේ පුද්ගලමය අත්තනෝමතිකත්වයකටත් වඩා එහා ගිය වෙනත් ප්‍රධාන සත්‍යය කි.
ඒ සත්‍යයට අනුව, දේශපාලනාර්ථික වශයෙන් පුළුල් නිදහස් සටනක් ද, සංස්කෘතික වශයෙන් බෙංගාලය ගුරුකොට භාරතය පුරා විහිද පැතිරී ගිය පුනරුද ව්‍යාපාරයක් ද හරහා ඇවිත්, එතෙක් පැවති යටත්විජිතයක් වූ ඉන්දීය ඉතිහාසය වැඩි ප්‍රතිශතයකින් ස්වදේශිකමය වූ දිසාවකට හරවාගෙන ස්ථාපිත කරගත් නූතන නිදහසක් සහ ස්වාධීනත්වයක් ජයගැනීමට ඉන්දියාවට හැකිවීම නැමති භෞතික යථාර්තය මෙම අධිකාරීත්ව බලය ඉන්දියාවට ලැබීම කෙරෙහි බලපා ඇති මුඛය සාධකය යි.
ඉන්දියාව එම නිදහසේ බලය ම කලාපයේ අන්රටවල් වලටත් අත්කරගැනීම උදෙසා උදව් කරනවා වෙනුවට, කලාපයේ අනෙක් රටවල් පීඩාවට පත්කරන අධිකාරීත්වයක් ලෙසින් යොදාගැනීම, ප්‍රාග්ධනය ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ පවතින විවෘත්තයන්ට අනුව ගත්කළ ඉන්දියාවට ම අවාසි සහගත ය.
ඒ නිසා, මෙකී දකුණුආසියානු රටවල් ඉන්දියානු ව්‍යාපත්වාදයක් ගැන කියමින් එක ම කලාපයක් තුළ පවතින සහෝදර ඉන්දියාවට එරෙහිව ගොස් හොට බිම ඇනගන්නවාට වඩා සහ ඉන්දියාව සමඟ ඇති කලාපීය සහෝදරත්වය පළුදු කරගන්නවාට වඩා, තම රටවල් තුළ ම සමූහවාදී ජාතික නිදහස් අරගල සහ සස්කෘතිකවාදී පුනරුද ව්‍යාපාර බිහිකර, ඒවා ජයග්‍රහණයන් දක්වා මෙහෙයවා, ඒංගලන්තක යටත්විජිතවාදී කතිකාධිපත්‍යයෙන් (Discursive Dominance) මුළුමනින් ගැලවී ස්වාධීන වුණු, නව-නූතන (Neo-Modern) දේශපානකාර්ථික ක්‍රම-පද්ධතීන් ගොඩනගාගත යුතුව පවතී.
එනයින්, මේ කලාපයේ අනෙක් රටවල් ඉන්දියාව හා කරට කර යමින් සමස්ත දකුණු ආසියාවේ දේශපාලනාර්ථික යහපැවැත්ම තහවුරු කරගැනීම උදෙසා කලාපීය සමූහවාදයක් කරා ගමන් කළ යුතුව පවතී. කොටින් ම එකතු වී වැඩ කළ යුතුව පවතී. ඉන්දියාව ද, නිදහස් සටනෙන් ලද භෞතික ඵල වැරදි ලෙස යොදා ගනිමින් අනෙක් සහෝදර දකණුආසියානු රටවලට ලොකු අයියා පාට් දැමීම නවතා, ඒ රටවල් කලාපයෙන් පිට වෙනත් රාජ්‍ය සබඳතා අධිනිෂ්චය කරගන්නා තත්වයකට පත්නොවෙන්නට පාරකපා දෙන පරිදි කටයුතු නොකර, තම පැවැත්ම ශිෂ්ට පදනමක පිහිටුවා නොගතහොත්, කලාපයක් ලෙස ගෝලීයකරණයේ අභියෝග වලට මුහුණදීමේ දී අප සියළු රටවල් සාමූහිකව දුර්වලයන් බවට පත්වනවා ඇත. කලාපයට ආදරයක් ඇතිනම්, සාක් සමුළුව යොදාගත යුත්තේ මෙවැනි වස්තුමූලිකත්වයක් (Objectivity) සාක්ෂාත් කර ගැනීම උදෙසා යි.
ඉන්දීය රාජ්‍යයට අති හිතවන්ත රාජ්‍යයක්ව පැවති මාල-දිවයින හදිසියේ චීනයේ බලපැවැත්මට හසුවී තම චීන පාර්ශවීයත්වය අධිනිෂ්චය කරගැනීම වැනි අනේක උදාහරණ වලින් ඉන්දියාව උගත යුතු පාඩම වන්නේ, ගෝලීයකරණය තුළ සමස්ත පෘථිවි ප්‍රාග්ධනයේ බලපැවැත්මට මුහුණ දීමට නම්, තවදුරටත් තම කලාපයේ රටවලට ලොකු අයියා පාට් දැමීම යථාර්ථයක් නොවන බව තේරුම් ගැනීම ය. එනම්, කලාපීය දේශයන් අතර සම-සහෝදර සාමූහිකත්වයක් ගොඩනගා ගැනීම උදෙසා ඉන්දියාවට ඇති විශාල ඉතිහාසික වගකීම ඉටුකිරීම මේ ගෙවෙන මොහොතේ අප කලාපය තුළ ඉන්දියාවේ යුගික ගෝලීය කාර්යභාරය ද වෙයි.
කොලනිවාදී එංගලන්තකයින් විසින් දකුණුආසියාව තුළ වඳබැස්ස වූ ඒ නිර්-ස්වදේශිකමය ගුණයෙන් ඉන්දියාව ද ඇතුළු කිසිදු දකුණුආසියානු දේශයක් තවමත් මුළුමනින් නිදහස ලබා නැත. ඒ නිසා දකුණුආසියාවේ එක් එක් දේශයන් විසින් තම තම රටවල් තුළ සැබෑ නිදහස ස්ථාපිත කරගන්නා අරගලයන් වලට පන පෙවිය යුතුව පවතින අතර ම, කලාපයක් ලෙස සියළු දකුණුආසියානු රටවල් ඒකතුවී සමූහවාදී කලාපීය දේශපාලානර්ථික නිදහස් අරගලයක් ද සංවිධානය කොට දියත් කළ යුතුව පවතී.
දැනට පෙනෙන අනුභූතික සහ සබුද්ධික විමසුම් රැස්කොට සමීකරණය කරගත් කල්හි, නෛසර්ගිකව ම මෙකී අරගල දෙවර්ගයට ම එකවර සහභාගී වී, ඒවා නියෝජනය කළ හැකි ලක්දේශයට අදාළ සංවිධානාත්මක සහ ප්‍රයෝගික බලවේගය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව හෙළිදරව් වෙයි.
නමුත්, ඔවුන් තමන්ට පැවරී ඇති දේශීය සහ කලාපීය වගකීම කෙතරම් සීරියස් ගන්නවාද කියන එක රඳා පවතින්නේ, ගෝලීයකරණයේ දේශපාලනාර්ථික නියාමන ධර්මතා පිළිබඳ ඔවුන්ට ඇති දැනුම සහ ඔවුන් දරන ප්‍රවේශයේ විනිවිදභාවය අනුව යි. ඒ නිසා, ඔවුන් තම පක්ෂයේ භාවිතාවන් හරහා තම දකුණුආසියානු කලාපීය අස්ථානය රැකගනීද යන්න තවමත් විවාදිත ය. එනිසා තවමත් ඔවුන් පසුවන්නේ, ඒ පිළිබඳ වන අනාගතවාදී අස්ථානයක සහ ස්ථාවරයක ය. මෙය, ජවිපෙ පමණක් නොව, ඉන්දියාව හැරුණුකොට නිදහස් අරගල ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටින, බලයට පත්වීම අතින් සුනංගු වෙමින් පවතින අනෙක් බොහෝ දකුණුආසියානු රටවල ජාතිකවාදී සහ නිදහස්වාදී දේශපාලන ව්‍යාපාර වල ද සරල පොදු ගුණාකාරය යි.
මෙකී ද්වී-ගමනික දකුණුආසියානු නිදහස් ව්‍යාපාරය ජයගන්නා තෙක්, මේ සියළු දකුණුආසියානු රටවල් තම තමන්ට ආවේනික වන සහ සමස්ත කලාපයට ම පොදු වන පරිදි කොලනිවාදීන් බිහිකර ස්ථාපිත කර දී ගිය ඌන-සංවර්ධනයේ (of under-development) අගතීන් ම විවිධ ප්‍රතිශත වලින් කරගහගෙන යනවා ම ඇත.
මේ දකුණු-ආසියානුවන්, එංගලන්තකයින් හඳුන්වා දුන් ක්‍රිකට් මැච් එකක් ලොව පවතින වෙනත් කොයි හෝ මැච් එකකට අදාළ තරමේ සැමරුම් ස්වරූපයකින් හෝ උත්සවකාරී ස්වරූපයකින් භාර-නොගෙන, සමාජයේ සාමාන්‍ය දෛනික ජන ජීවිතය පවා අඩස්සියේ තබමින් හෝ අනතුරෙහි පවා හෙලමින් සැමරීම අද අපට දැකිය හැකිය.
ඒ කෙරෙන් හෙළිදරව් වන්නේ, කොලනිවාදී එංගලන්තක පරිපාලනය සහ ඔවුන්ගේ කතිකාධිපත්‍යය විසින් දකුණුආසියානු ජන-ශරීර තුළ ජානගත කරන ලද එංගලන්තකයින් කෙරෙහි වන අවිඥානික යටහත්වාදී මානසිකත්වයක් සහ ඒ මානසිකත්වය නියෝජනය කරන එක්තරා ආකාරයක සමාජය හීන-මානී සංකීර්ණතාවයක් තවමත් දකුනුආසියානුවන් විසින් නඩත්තු කරමින් සිටින බව ය. එනයින්, එය සමාජීය අගතියකි. ඒසේ ම කලාපීය අගතියක් ද වෙයි.
අදටත් එංගලන්තකයින් හඳුන්වාදුන් සිනමා මාධ්‍ය ය යොදාගෙන ජනකාන්ත රජිනිකාන්ත් රඟන චිත්‍රපටයක් සිනමාහල්වල ප්‍රදර්ශනය කරන පළමු දවසේ දී තමිල්නාඩුවේ රාජ්‍ය සහ පුද්ගලික සේවකයින් බහුතරයක් දෙනා අභුත ලෙස වැඩබිම් අතහැර නිවාඩු දමා සිනමාහල් වටා රොක් වීම තුළ ඇත්තේ ද මීට සමාන්තර තවත් වෙනත් අයහපත් සමාජ සංකීර්ණතාවයක් නියෝජනය කරන සමාජීය අගතියකි.
අදාළ වාද-විෂය වන්නේ, දකුණු ආසියානු චන්ද ව්‍යාපාරයන් ද ලොව හුදු චන්ද ව්‍යාපාර වලට වඩා වෙනස් වූ උත්සවකාරී ස්වරූපයක පවතිනවාද යන්න යි. හොඳින් විමසා බැලුවොත්, පැහැදිලිව පෙන්නනට ඇති පරිදි ම, එංගලන්තකයින් හඳුන්වාදුන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මැතිවරණ වල දී, නාමයෝජනා භාරදෙන දා හෙවත් ටොස් ඒක දාපු මොහොතේ පටන් අවසන් ජයග්‍රහණයේ ප්‍රතිඵලය ලැබෙන මොහොත දක්වා අප හැසිරෙන්නේ ද ක්‍රිකට් මැච් එකක රසිකයින් හැසිරෙන ස්වරූපයට සමාන්තර ස්වරූපයකින් ය. මේක, ලක්වැසියන්ට පමණක් නොව, සුළු සුළු වෙනස්කම් සහිතව සමස්ත දකුණු ආසියාවට ම පොදු වූ සමාජීය අගතියකි. මහා පොදු සාධකයකි.
දකුණුආසියානුවන් බහුරයක් තුළ පවතින මේ බහුතරවාදී සමාජ අගතිය නිසා, ස්ථාවර පාක්ෂික චන්ද හෙවත් බ්ලොක්වෝට්ස් හැරුණුකොට, “මම චන්දෙ දෙන්නේ මේ පාර්ශවයට” යි කියා නිත්‍ය අදහසක් නොමැතිව සෙලවෙන සුළු සහ සාපේක්ෂව සුළුතර වන සමාජ ස්ථරයක් මේ සෑම සියළු දකුණුආසියානු දේශයක ම වාගේ ම පවතී. චන්දය දිනන්නේ කොයි පාර්ශවය ද කියා අවසන් තීන්දුව ගන්නේ මොවුන්ගේ අවිඥානික ක්‍රියාකලාපයන් ය. සමහරක් අවස්ථාවන්වලදී, මොවුන් ක්‍රියාකරන ආකාරය අභුතය, තර්-ක විරහිත ය
මොවුන් චන්දය දමන අවසන් දවස දක්වා ම චන්දය දීමට නිෂ්චිත පාර්ශවයක් තෝරා නොගන්නා අතර, මැතිවරණ චන්ද ප්‍රචාරණ කටයුතු නවතා දැමිමට පෙර පවතින අවසන් දිනයේ පවා සිදුවන ආනේදෝලනාත්මක සිදුවීමක් හෝ ප්‍රකාශයක් මත තම තීරණය වෙනස් කරගනිති. එය, දකුණු ආසියාවේ මැතිවරණ වල සාමාන්‍ය යථාවාදී ස්වභාවයක් වනවා සේ ම, එම පාවෙන චන්දදායකායන්ගේ මේ ස්වභාවයෙහි අදිසි අභූත ගති ලක්ශණ, හිතාගන්නටවත් බැරි අපේකෂකයින් හදිසියේ ප්‍රාදූර්භූත වීම වැනි සිදුවීම් භාහිර ලෝකයට දෘෂ්‍යමාන කර පන්වන්නට සමත් වී ඇත. නාමල් රාජපක්ෂ ජනපතිවරණයට ඒම ද එවැනි අභුත සිදුවීමකි.
2022 වසරේ සිට ලක්දේශය තුළින් විද්‍යාමාන වූ දේශපාලනාර්ථික පුපුරා යාමක් මත පදනම් වී, රට ආර්ථිකව බංකොලොත් යැයි ප්‍රකාශයට පත්වීමත්, ඊට සමාන්තරව ඇති වූ ජනඅරගල ස්වභාවයත් නිසා මෙවර 2024 මැතිවරණයේ දී ලක්දේශයේ චන්ද ප්‍රකාශ කිරීම තුළ යටකී “නිත්‍ය අදහසක් නොමැතිව සෙලවෙන සුළු සහ සාපේක්ෂව සුළුතර වන සමාජ ස්ථරය” මේ වන විට බහුතර වූ සමාජ ස්ථරයක් බවට පත් වී අසාමාන්‍ය ලෙස වැඩී ඇති බවක් දැකිය හැකි ය. ඒ නිසා ම, අවසන් චන්ද ප්‍රතිඵලය කල්තියා උපකල්නය කිරීම පෙරටත් වඩා අසීරු සම්භාවිතාත්මක තත්වයකට ඇද වැටී ඇත.
අවංක නම්, අප කවුරුත් පිළිගත යුතු පරිදි, මේ ගෙවෙන මොහොතේ චන්ද මැච් එක ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය තීරණාත්මකව දිනන දසුනක් ලක් සමාජය තුළ දිස්වෙමින් පවතී. නමුත් මේ දසුන මේ ගෙවෙන ඉදිරි මාසයකට ආසන්න කාලය තුළ දී යථාර්තයක් වී කෙලවර වන්නේ ද, නැතිනම් ප්‍රභන්දයක් බවට පෙරලෙන්නේ ද, එසේත් නැතිනම් සිහිනයක් ම වන්නේ ද යන්න තීරණය වන්නේ ඉදිරියට ගෙවෙන්නට නියමිත මාසයකට ආසන්න කාලය තුළ සිදුවෙන්නට නියමිත සමාජ සිදුවීම් හෝ ඇතිවන වෙනත් ප්‍රශ්න, ගැටළු, අර්බුද සහ ව්‍යසන වල ස්වභාවය ද, ඒවාට පොදු-ප්‍රචාරණය ද ලැබෙන ආකාර අනුව යි.
එනයින්, මේ ගෙවෙන මොහොතේ සිට ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගය “අපි තවමත් බලය ලබාගෙන නැත” යන අස්ථානයේ පිහිටා කටයුතු කිරීම ද, රනිල් පාර්ශවකයින් “අපි බලය රැකගෙන හෝ තහවුරු කරගෙන නැත” යන අස්ථානයේ පිහිටා කටයුතු කිරීම ද, අනික් සියළු බලෙව්ග “අපි බලයට ලංවෙලාවත් නැත” යන අස්ථානයේ පිහිටා කටයුතු කිරීම ද කාගෙ කාගෙත් ඇඟට ගුණදායක ය.
ලක්දේශයේ ඉරණම්කාර ජයග්‍රහණය ලබාගැනීම උදෙසා තන්ත්‍රයානයක් හෙවත් උපායක් යෙදීමට තරම් සුබුද්ධිකත්වයක් සහිත ජනාධිපති අපේක්ෂකත්වයකට සුදුසු යැයි සාපේක්ෂව හෝ කිව හැකි ප්‍රාමාණිකයින් 03 දෙනෙක් මේ අර්බුද සිද්ධි දාමයේ මුළ සිට ම පැවතියේ ය. ඒ පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ යි.
නමුත් ගොඩවැඩි කරගැනීමේ සංවිධාන ශක්තිය අතින් ගත්කළ ජය දෙසට හඹා යන පක්ෂ යන්ත්‍රයන් පැවතියේ 02ක් පමණි. ඒ ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය යි. මෙයිනුත් ජාතික ජනබලවේගයේ පක්ෂ යන්ත්‍රයේ යට ඇති ජවිපෙ විනයරාමුව සහ භෞතික සංවිධානමය ගතිකත්වයන් නිසා ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය සමගි ජනබලවේගයට වඩා ඉදිරියෙන් පැවතියේ ය. තවමත් එසේ පවතින්නේ ය. එලෙස ම, මේ මැතිවරණයෙන් පරාජය වුවහොත්, නැවත දේශපාලනය තුළ ස්ථාපිත වීම සම්බන්ධයෙන් කාලාන්තරික අර්බුදයකට යන්නේ ද ජවිපෙ ම ය. ඒ නිසා ම, මේ චන්දය නිවැරදි ලෙස සමාජ-විද්‍යාත්මක, මනෝ-විද්‍යාත්මක සහ පශ්චාත්-ව්‍යුහවාදී විශ්ලේෂණයකට බඳුන් කර ගැනීම ඔවුනට අනිවාර්ය වී පවතී. නමුත් එම විශ්ලේෂණයේ ඝණත්වය සහ ගැඹුර රඳා පවතිනුයේ, යටකී විෂයන් සම්බන්ධයෙන් ඔවුන්ට ඇති විෂයානුබද්ධ දැනුම මත ය.
මේ ක්‍රියාවලිය තුළ දකින්නට ලැබුණ තවත් හැඟවුම්කරණීය සිදුවීමක් වූයේ චම්පික සජබෙට යාම ය. චම්පික රණවක තමන් කරගෙන ආපු වැඩේ සහ බලපෑම ඉදිරියට ගෙනයමින් බලය උරගා බැලීමේ උපායමාර්ගයකට යමින් පළමුව ජනාධිපතිවරණයට පෙනී හිඳ පසුව මහමැතිවරණයක දී පමණක් සංධානගතවීමේ සරල උපායමාර්ගයකටවත් නොයා, නොසිතූ පරිදි තම මන්ත්‍රී ආසනය රැකගැනීම වැනි හිච්චි අස්ථානයක් දක්වා පල්ලම් බැස, ජනරජ පක්ෂය නැමති තම නව පක්ෂයේ සංවිධාන ශක්තිය ගොඩනගා ගැනීමට තිබූ අනගි අවස්ථාව ද වලපල්ලට යවා ගනිමින්, සමගි ජන බලවේගයේ බලු නැට්ටේ නැවත වරක් ඒල්ලී, හදිසි පිස්සුවක් කෙලමින් තම සමාජ දේශපාලන පෞර්ශය බලු කරගත්තේ ය.
ඔහු පක්ෂ නායකයෙකුගේ පරිණත තත්වයේ වෙසෙමින් හිඳ තම තත්වයට නොහොබිනා තවත් ඩලස් අලහප්පෙරුම කෙනෙක් හෝ ජී.ඒල් පීරිස් කෙනෙක් හෝ දයාසිරි ජයසේකර කෙනෙක් බවට නිස්කාරණේ පහත් වුණේ ය. චම්පිකට සහ රනිල්ට බලපෑම් සහගත ජනාධිපතිවරයෙකු වීමට තිබූ එක ම අඩුව වූයේ ශක්තිමත් පක්ෂ යන්ත්‍රයක් නොමැති වීම පමණ යි. ඒහෙත් මේ දෙදෙනා අතරින් රනිල් පක්ෂය වලපල්ලට යවා ව්‍යූහාත්මක නුල් සූත්තරය තම එක ම උපාය මාර්ගය ලෙස තෝරාගත් අතර, චම්පික අවදානමක් අරන් මැදිහත්වීම වෙනුවට පක්ෂයක් ගොඩනැංවීම කියන සංදර්භය තුළ අප්‍රායෝගික ප්‍රවේශයක් අරගනිමින් ඉතිහාසයෙන් අතුගෑවිලා යන තරමේ දේශපාලනික සියදිවි නසා ගැනීමක් සිදුකරගත්තේ ය.
මතුපිට පෙනුම අනුව ලක්දේශයේ බොහෝ විචාරකයින් සේම සාමාන්‍ය උදවිය පවා දැන් තරඟය ඇත්තේ සජිත් පාර්ශවය සහ අනුර පාර්ශවය අතර යැයි තක්සේරු කරති. නමුත් මගේ කල්පනාවේ හැටියට නම්, දේශපාලන සිතියමක් හසුරුවාලීමේ ශක්‍යතාව අතින් ගත් කළ, මේ ජනාධිපතිවරණයේ දී නියත බලකඳවුරු දෙක වන්නේ, අනුර කුමාර දිසානයකගේ පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය යි. ඒ චන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමේ ප්‍රමාණාත්මකතාව අතින් ම නොව, හොඳ හෝ නරක හරි හෝ වැරදි ලෙස චන්දයට ගුණාත්මක බලපෑමක් සිදුකිරීමට ඇති හැකියාව අතින් ය. ඒ නිසා ප්‍රධාන අපේක්ෂකයින් හතර දෙනා වන අනුර, රනිල්, සජිත් සහ නාමල් යන අය අතුරින් චන්ද ක්‍රියාවලිය ම අන් අතක් කරා හැරවීමට තරම් වන වැඩි දැනුම සහ නිපුනතාවය ඇත්තේ අනුර සහ රනිල්ට ය.
මෙයින් අනුර කුමාර පාර්ශවය තමන්ට ලැබිය හැකි සමස්ත චන්ද ප්‍රතිශතය සියයට හැත්තෑවක් පමණ විය හැකි බවට වන උපකල්පනයක් මේ වන විට තම මැතිවරණ වේදිකාවන් වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටිනවා පෙනෙන්නට ඇත. මැතිවරණය පැවැත්වීමට පෙර පවත්වන අවසාන කාල-අවකාශ-සටහන තුළ පවතින මැතිවරණ වේදිකාවක දී, තම චන්ද දායකයින්ගේ චිත්ත ශක්තිය පවත්වාගැනීම උදෙසා උපායිකව එවැනි පූර්ව-උපකල්නයක් කියා දැමීමේ කිසිදු වරදක් නොමැත. නමුත් එසේ කියූ පමණින් එම පුර්ව-උපකල්නය මේ ප්‍රධාන අපේක්ෂකයින් හතර දෙනාට අදාළ මේ ගෙවෙන මොහොතේ සැබෑ යාථාව නියෝජනය කරනවා යැයි අනුර පාර්ශවය සැබෑවට ම සිතන් ඉන්නේ නම්, එය යම් ආකාරයක සමාජීය-මතිභ්‍රමයක් (Social Paranoid) බව එම පාර්ශවය ම නිහතමානීව ඉක්මනින් තේරුම්ගත යුතුව ඇත.
මේ ආකාරයෙන් ම, වරක් රනිල්-රාජපක්ෂ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන්නට නොහැකි යැයි ද, පළාත් පාළන මැතිවරණය පැවැත්වීමෙන් පසුව එය ජයගෙන පසුව රනිල්ට බලකරමින් රනිල්-රාජපක්ෂ ආණ්ඩුවෙන් මහමැතිවරණයක් ලබාගත හැකි යැයි ද, ඉන්පසුව එය ද ජයගෙන ජනාධිපතිවරණයක් ලබාගෙන රනිල්ව මුළුමනින් ම පන්න්නේ යැයි ද සංකල්පීය තලයේ දී අනුර පාර්ශවය විසින් ප්‍රසිද්ධ පළාත් පාලන චන්ද වේදිකාවන් වල ප්‍රකාශයට පත් කරනවා දක්නට තිබිණි.
නමුත් ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය නොපවැත්වීමත් සමඟ අනුර පාර්ශවයේ යටකී ජනාධිපති පන්නන කතාව ප්‍රභන්ධාර්තයක් බවට පෙරළුණේ ය. එය යටගිය කතාවක් ලෙස සලකා නොසලකා හැරිය ද හැකි ය. නමුත් එසේ නොසලකා හැරීම මගින් ජවිපෙ විසින් සිතන පතන දෙයක් වුව මුළුමනින් වැරදී යා හැකිය යන යථාව අහෝසි වී යන්නේ නැත. ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයට මෙවර තිබෙන අභියෝගය වන්නේ, සියයට හැත්තෑව(සියයට 70ව) කෙසේ වෙතත්, යාන්තමින් හෝ සියයට පනස් එක (සියයට51) ලබාගැනීම ප්‍රභන්දාර්තයක් නොවන්නට වගබලා ගන්නේ කෙසේද යන්න යි.
අපි කලින් අනුර පාර්ශවය පළාත් පාලන මැතිවරණ සංදර්භයක දී කී මේ කතාව අනුරගේ කටින් ම කියූ කතාවක් වන නිසා එහි අරුතෙහි කතෘ අනුර කුමාර ම බව කිවහැකි ය. නමුත් එහි අරුත ප්‍රභන්ධාර්තයක් බවට පෙරලීමේ කතෘ වූ යේ රනිල් වික්‍රමසිංහ ය. මෙය රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය යැයි කියා සුළුකොට තැකීම සමාන වන්නේ 88-89 කාලේ රන්ජන් විජේරත්නගේ වතුපාලකවර ජීවන පසුබිම නොසලකා හැරියා තරම් ම වන ඉතිහාසික වරදකට ය.
එංගලන්තකයෝ දකුණු ආසියානු රටවලට එවූ වතු-පාලකවරු බහුතරයක් එංගලන්තයේ වික්‍රමකාමීන් හෙවත් රණකාමීන්(හෙවත් Worriersලා) ය. වොරියර්ස්ලා මොන බාධකය ආවත් ගත්තු තීරණයක් අතනොහැර කාගෙන එක හැල්මේ ඉදිරියට ම යන සමාජ ජානයකින් යුක්ත වන්නෝ ය. රන්ජන් විජේරත්නගේ මේ ආකල්පය සහ ක්‍රියා-කලාපය නිසා ජවිපෙ දේශපාලන බල මණ්ඩලයකට ම වැරදී ගියේ ය. ජීවිත වලින් ම වන්දි ගෙවන්නට ද සිදු වුවේ ය.
ඉතින් එංගලන්තකයෝ විසින් ලක්දේශයේ ස්වදේශිකයින්ව වතුපාලකයින් විදිහට පුහුණු කළේ ද ඔවුන්ගේ වොරියර්ස්ලාව ගොඩනගන ආකාරයට ම ය. රන්ජන් විජේරත්න එබඳු ස්වදේශික වතුපාලක පවුල් ඉතිහාසයකින් පැමිණෙන්නනෙකි. ජවිපෙ එවක මේ ක්ෂුද්‍ර දේශපානය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළා නම්, තමන්ට සිදුවූ හානිය දේශපාලන බලමණ්ඩලයක් නැති වී යන තරමේ එකක් නොකර ගන්නා තැනට වගබලා ගන්නට ඉඩ තිබුණි. මන්ද 88-89යේ මාස කිහිපයක් තරම් වන එක් සුළු කාල පරිච්චේදයක් තුළ ජවිපෙ රාජ්‍ය බලයේ ඉම දක්වා ම පැමිණි සිටි පක්ෂයකි. ඔවුන් සන්නද්ධ ක්‍රියාදාමයක සිටියා වුවු ද, ඒජාප විරෝධී බහුතර බහුජන මතය රහසින් ඔවුන් සමඟ සිටියේ ය. ක්ෂුද්‍ර නොසැලකිල්ලක් නිසා එය ආපසු හැරවිණි. එය ආපසු හැරවූ කතෘ වූයේ කීව නාහන වතුපාලක යූඇන්පී කාරයෙකු වූ රන්ජන් විජේරත්න ය.
එලෙස ම, පසුගිය පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණ සමයේ ජවිපෙ-ප්‍රධාන-ජාතික-ජන බලවේගය වෙත සියයට අසුවත් අසූ පහත් (80-85) පමණ චන්ද ප්‍රතිශතමය පරාසයක් ලැබෙන්නට තිබුණ බව බුද්ධි අංශ වාර්තා වලට පවා නොරහසකි. නමුත් එ් ජයග්‍රාහී තත්වයට සාපේක්ෂව අද පවතින වත්මන් සාමාන්‍ය තත්වයක් දක්වා පහත් වන ලෙස අනුර පාර්ශවය පසුබැස්සවූයේ රනිල් වික්‍රමසිංහ නම් යුඇන්පීකාරයා ය.
රනිල්ගේ වත්මන් ශක්‍යතාවය, රන්ජන් විජේරත්නගේ වතුපාලකකම නොවන බව ඇත්තකි. ඔහුගේ ශක්‍යතාවය ඇත්තේ ඉවසීමෙන් කාල-අවකාශ කලමණාකරණය කිරීම සහ පොදු-දේශපාලකයාගේ අවධානයට හසු නොවූ ව්‍යූහය සොයාගෙන ඒ තුළ ක්‍රියාත්මක වීම ය. ගෝල්ෆේස් අරගලය සමය තුළ ඊළඟට රට භාරගත හැක්කේ කවුද යන්න පිළිබඳ ප්‍රශ්නයට පොදුජනයා පිළිගත් නාම ලැයිස්තුවේ අහලකවත් නොසිටි රනිල් හදිසියේ ජනාධිපති වූයේ ඒ ව්‍යූහාත්මක දැනුම ඇසුරින් ය. ඔහුගේ ඔතෑනි පෞර්ෂයට අනුව ඔහු සැම විට ම හොයන්නේ හොර පාරක් ම ය.
ඒනම්, “මෙවර රනිල් විසින් කැස කවන හොර පාර කුමක් ද ?”
එය රනිල්ට කොහොම වෙතත් ජාතික ජනබලවේගයට නම්, බෙහෙවින් වැදගත් වනු නියත ය.
මේ අනුව, ඊළඟට ජවිපෙ විසින් ජවිපෙන් ම අසාගත යුතු වගකීම්සහගත පැනය වන්නේ,
“රනිල් ගේම අතහැරලාද?” යන්න යි.
මන්ද, මේ වාසිදායක මොහොත ගිලිහුණොත්, ජවිපෙට තව දශක 02කටවත් දේශපාලන කරලියේ දැන් මේ තියෙන පිළිගැනීම නැවත ලබා ගැනීමට නොහැකි වන පරිදි ඇමෙරි-යුරෝ බලවේග රට තුළ වැඩිවර්ධනය වෙනවා ඇත. මේ තත්වය තේරුම්ගත් ඇමරිකානු බුද්ධි අංශ සංවිධාන මේ වන විටත් රනිල්ගේ කැම්පේන් එක මෙහෙයවන්නට සෘජුව ම උදව් කරන තත්වයට පත්ව ඇතිද නැතිද යන්න දන්නෝ දනිත්වා!
ඒනිසා, “රනිල් ගේම අතහැරලාද?” යන පැනයට මාගේ පිළිතුර නම් “නැත” යන්නයි.
“ඒක ඒච්ච්ර ගණං ගත යුතු නැහැ නේද?” යැයි කවුරුන් හෝ අසන පැනයට මාගේ පිළිතුර නම්, “රන්ජන් විජේරත්න තරමට ම එය ද ගණං ගත යුතුයි” යන්නයි.
ඒ නිසා, “දිනන්නේ කවුද?” කියා සොයා-බලනවාට හෝ “දින්නනේ මම” ය කියා පාරම්බානවට වඩා, මේ කේනද්‍රීය අපේක්ෂකයින් දෙන්නා ම “පරදිනවා නම්, පරදින්නට හේතුව මොකක්ද ?” කියා විමංසා කොට බැලීම මේ ගෙවෙන තීරණාත්මක මොහොතේ දී වාස්තවික ය. මන්ද, පරදින්නට හේතු සොයා ගැනීම තුළ ම දිනාගැනීම සඳහා ගත යුතු ප්‍රධාන සහ සැබෑ ප්‍රයෝගික උපාය මාර්ගය ද සැඟවී පවතින නිසා ය.
අමුවෙන් කියල දැම්මොත්, රනිල් පාර්ශවය පරදිනවා නම්, ඊට ප්‍රධාන හේතුව වන්නේ, රනිල් තම ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ ගෝලීය මූල්‍යාර්ථික දැනුම සහ නිපුනතාවන් කෙරෙහි ස්වයං වසඟයකට ගොදුරු වීම නිසා ද, ඔහුගේ ම වෙනත් සහ තවත් පුද්ගලික හේතු කටයුතු නිසා ද, ජාතික තලයේ දී තම පක්ෂය වන ඒජාපය සංවිධානය නොකර ෆොසිල වන්නට ඉඩ හැරීම යි.
එනම්, කිසිදු ආකාරයක ස්වාධීන පක්ෂ-සංවිධානයක් ලෙසින් තම පක්ෂය වූ එජාපය ගොඩනැංවීමට රනිල් ම ඉඩ නොදී, ඊට එරෙහි ක්‍රියා-පිළිවෙතක් ද අනුගමනය කිරීම ඔහු පරදින්නට මුඛ්‍ය හේතුව යි. එනම්, රනිල් අවිඥානිකව තම පක්ෂය වූ ඒජාපයට ම එරෙහිව සිටීම(being) සහ ඒ අනුව කටයුතු කිරීම ඔහු පරදින්නට හේතුව යි. නමුත් මෙවන් පරදින්නට ඇති හේතු 01ක් නිසා රනිල් මැතිවරණයෙන් පරදීවී යැයි අනුමාන කිරීම සම්භාවිතාත්මක ඥානයට ප්‍රතිපක්ෂය. ඒ නිසා, පරදින්නට හේතු ගණනක් තිබිය දී පවා, දිනන්නට තිබෙන හේතු අතරින් එකක් සාංසිද්ධිකව ඊට වඩා ශක්තිමත් වී චන්ද දායකයා තුළ අධිනිෂ්චය වුහොත්, රනිල් ජයගන්නවා ය.
අනුර කුමාර පාර්ශවය පරදිනවා නම්, එය සිදුවන්නේ, චන්දයේ දී රනිල් වික්‍රමසිංහ විසින් කරාවී යැයි කියා අනුර පාර්ශවය සවිඥානිකව හිතන පතන දේවල් සිදු නොවීමත්, ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන හතරදෙනා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ විසින් ඇත්තටම දියත්කර තිබෙන යටිකූට්ටටු ක්‍රියා-සැලැසමවල් (යට-ව්‍යුහය) සහ ඊට අදාළව ඔහු ගන්නා ක්‍රියාමාර්ගත් නිසා යි.මා දන්නා තරමින් මේ ඒළිදරව් කරන මොහොත දක්වා ජවිපෙට මෙය අවිඥානික ය.
මෙසේ අනුර පාර්ශවය ජයග්‍රහණය උදෙසා තම පක්ෂ යන්ත්‍රය තුළින් චන්දදායකියන් වැඩිකරගැනීම දෙස බලන කල්හි, රනිල් පාර්ශවය තම ජයග්‍රහණය උදෙසා ඒජාපය නොවන අනෙක් අයගේ පක්ෂ යන්ත්‍ර තුළින් තම චන්දදායකයින් දෙස බලයි. ජවිපෙ එසේ රනිල් පාර්ෂවය කරන දේ නොකරයි. රනිල් පාර්ශවය ජවිපෙ කරන දේ නොකරයි. දෙපාර්ශවය ම එක මානයක් තුළ ව්‍යූහාත්මකව අන්ධ ය.
ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයට අදාළ ව්‍යුහාත්මක දැක්ම අනුව ගත්කළ, අනුරගේ පක්ෂය වූ අනුර පාර්ශවය කොහොමටත් දැන් දිනලා ය. ගැටළුව පවතින්නේ, අනෙක් ජනාධිපති අපේක්ෂක පක්ෂවල ව්‍යූහාත්මක පදනම සහ යොමුවට අනුව අනුර පාර්ශවය දිනලා ද යන්න ය. ඒය ජවිපෙ විසින් ව්‍යූහය පසුකරගොස් සොයාගත යුත්තකි.
එලෙස ම, තම පක්ෂය වන එජාපයට අදාළ ව්‍යූහාත්මක දැක්ම අනුව ගත්කල, රනිල් පාර්ශවයට දිනනවා තියා ඇඩ්‍රස් වත් නැත. නමුත්, අනෙක් ජනාධිපති අපේක්ෂකයන්ගේ පක්ෂවල ව්‍යුහාත්මක පදනම සහ යොමුවන් තුළින් ක්‍රියාත්මක වීම නැමති උපායට අදාළව රනිල් විසින් ක්‍රියා-දැලක් එලාගෙන ජයගැනීම හෝ, ජයගැනීමට අසීරු තත්වයක් උදාවී නම් මැච් ඒක ඩ්‍රෝ කරගැනීම හෝ උදෙසා කටයුතු කිරීම මේ වන විට දියත්ව පවතින තනි අලියා ව්‍යාපෘතිය ය.
මන්ද, මැච් එකක් ඩ්‍රෝ කරගැනීම යනු පසුවී ලබන ජයග්‍රහණයක් උදෙසා වන උපායමාර්ගයක් බව රනිල් හොඳින් දන්නා නිසා ය. මෙය ජවිපෙ වෙතට රනිල් සම්බන්ධයෙන් රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් තම හිච්චි දැනුමෙන් දෙන ඔත්තුවකට වඩා වන සීරියස් ඔත්තුවකි.
රනිල්ට වෙනත් පක්ෂ තුලින් ක්‍රියාන්විත කළ හැකි යම් යට-ව්‍යුහයක් වෙතොත්, ඒ පිළිබඳව අනුර කුමාර පාර්ශවය අවිඥානික වී සිටීම(being) සහ ඒ අනුව ඊට ඒරෙහිව කටයුතු කිරීමට නොදැන සිටීම නිසා අනුර කුමාර පරාද විය හැකි සම්භාවිතාවක් ද පවතී. නමුත් රනිල්ගේ මෙම යොමුව ගැන සබුද්ධික වී, එය උපායිකව මැඩපැත්වීමට හැකිවීම මගින් අනුරට ජය තහවුරු කරගත හැකි ය. අනෙක් අතින්, රනිල්ට වාගේ ම, අනුරව පරදින්නට රනිල් විසින් දියත් කර ඇති සංකීර්ණ ව්‍යුහයට වඩා අනුරව දිනවන ව්‍යුහ අතරින් එකක් හෝ චන්දදායකයන් බහුතරයක් තුළ විශාල වී සහ අධිනිෂ්චය වී ගියහොත්, අනුර ජනාධිපති අසුන ජයගන්නවා ඇත.
රනිල් එජාපය ගොඩනැංවීමට එරෙහි ක්‍රියා-පිළිවෙතක් අනුගමනය කරමින් අවිඥානිකව එජාපයට එරෙහිව සිටීම(being)ට අදාළ යොමුවක් අනුගමනය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම පසුබිමෙහි ඇත්තේ, එජාපයට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයින් කවුරුත් දන්නා, අවංකව එජාපයේ සිටින කාටත් දුක හිතෙන, ජනප්‍රිය බොළඳ කතාවකි. නමුත් සාමාජ-විද්‍යාත්මකව ගත්කකල, එය, රනිල්ගේ පුද්ගලික උවමනාවන් සමාජීය උවමනා හා සමඟින් මිශ්‍ර කරගැනීම නිසා ඇති වූ සංකීර්ණතාවයකි. පක්ෂය පැත්තෙන් ගත්කල එය විනාශකාරී අගතියකි.
අන්තෝ ජටාවක් හෙවත් ඇතුළාන්තමය මානසික ගැටයක් නිසා දේශපාලන පක්ෂයක සාමූහිකත්වය බිද දමන සුළු වෛරසයක් හෙවත් බග් එකක් බිහිවීම සහ ඒ හරහා එජාපය වල්මත් වීම පිළිබඳ වන ඒජාප පාක්ෂිකයින් ගැන දුක හිතෙන කතාන්දරයකි එය.
එය, සුළු කලකට පෙර, විටෙක දී සෘංගාරිකව පුද්ගලවාදී වන සුප්‍රසිද්ධ රනිල්-සාගල උභතෝකොටිකය ලෙසින් ද, තවත් විටෙක දී පුද්ගලවාදී රනිල්-අකිල විරාජ් උභතෝකෝටිකය ලෙසින් ද, තවත් විටෙක දී ඩීල්වාදී රනිල්-වජිර අබේවර්ධන උභතෝකෝටිකය ලෙසින් ද, තවත් විටෙක දී උන්මත්තක ප්‍රභූ පැලැන්තිවාදී රනිල්-රුවන් විජේවර්ධන උභතෝකෝටිකය ලෙසද මතුව එමින්, පක්ෂ ව්‍යූහය යටින් කා දමමින්, දක්ෂයින් පිටතට විසිකර දමමින්, ඒක්සත් ජාතික පක්ෂය නම් පරිගණකයේ ස්ක්‍රීන් ඒක මත එහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වරින් වර අභූත ලෙස බිඳ දමනු ලැබ, ස්වයංක්‍රීයව ඔන් වෙනවා සහ ඔ්ෆ් වෙනවා තත්වයට පත් වුණේ ය. දැන් එය ඩෙඩ් වෙලා ය.
රනිල්ගේ යටකී උභතෝකෝටිකයන් පෙළ විසින් එක්සත් ජාතික පක්ෂයේ සාමූහිකත්වයට බාධා පමුණුවමින්, පක්ෂයේ පරිගනක තිරය මත අවලං ඔටෝ ඔෆ් වීම් සිදුකරන සැබෑ වෛරසයන් ලෙස හෝ බග් එකක් ලෙස හෝ ඒලියන්ලා ලෙස හෝ සාගල-අකිල-වජිර-රුවන් මඥ්ඥම අදටත් පිස්සු නටති. නැතිනම් යකා නටති. මෙම යථාව දැන දැන ම රනිල්ගේ විරුද්ධවාදීන්ට හොර රහසේ බොරදියේ මාළු බාලා දෙන දෙන්නෙක් මේ වන විට සිටිති. ඒ දෙන්නා වන්නේ, රුවන් ෆර්ඩිනැන්ඩස් සහ දීප්තිකුමාර ගුණරත්න යන තමන්ලාත් වැඩේ අලකරගත්තු බොරු මිතුරන් ය.
මේ නිසා, අද වන විට කරදරකාරී පරිඝනකයක් ලෙසින් ඉවත දමන ලද එක්සත් ජාතික පක්ෂය දෙස බලා එජාපයක් කියා එකක් නැතැයි පවසන්නේ අන් කවුරුන්වත් නොව රනිල් ම ය. රනිල් ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් ම මිසක රාජපක්ෂලා හෝ ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගය තවම මෙසේ කියා නැත. සමගි ජන බලවේය යනු රනිල්ගේ මේ උභතෝකෝටික ගැටයන් සහ දුර්වලතාවයන් නිසා ඒජාපය පලාගෙන උපන් කෘතිම ආබාධිත මන්දබුද්ධික නල දරුවා යි.
රටක් බංකොලොත් වී අසරණ වී ඇති මේ සමයේ දී, මේ ඉලව් පිස්සු පීකුදු අදේශපාලනික භාවිතා විශ්ලේශනය කිරීමට කාලය වැය කිරීම පවා මල වාතයක් නිසා, මේ පිළිබඳව රනිල්ටත් සාධාරණ, රනිල් නිසා අගතියට පත් ඒක්සත් ජාතික පාක්ෂිකයින්ටත් සාධාරණ වන පරිදි වැඩිදුර දසුන් ඇතුළත් අනුභූතික චිත්‍රයක් ලබා ගැනීමට උවමනා උදවියට ක්ලින්ට් ඊස්ට්වුඩ් විසින් අධ්‍යක්ශණය කළ ඇමරිකා එක්සත් ජනපදයේ ඒෆ්. බී. අයි. සංවිධනායේ සමාරම්භකයා යැයි කියාගන්නා ලද පිරිමියකුගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයක් වන ජේ.ඒඩ්ගා (J. Edgar) නැරඹීමට පාඨක ඔබට යෝජනා කරමි. මෙහි ලියනාඩෝ ඩිකැප්රියෝ රඟන කථානායකයාගේ චරිතය ලක් සංද්ර්භයක් තුළ රනිල්ගේ චරිතයට සමාන්තර ය. අනේ මෙසේවත් නොකියා, රනිල්ගේ සමාජ ජීවිතය සහ පුද්ගලික ජීවිතය ඒකිනෙක කලවම් වී හැදුණු පිස්සු පීකුදු උභතෝකෝටික තලපයෙන් ඒජාපය මුදවා ගන්නේ කෙලෙස දැයි කියා දෙනු මැනවි පියාණෙනි!
ජනාධිපතිවරණයට පෙනී සිටින ප්‍රධාන අපේක්ෂක පාර්ශව හතර අතරින් සාපෙක්ෂව සජිත් ප්‍රේමදාස පාර්ශවය සහ නාමල් නියෝජනය කරන රාජපක්ෂ පාර්ශවය විසින් දියත් කරනු ලබන මැතිවරණ සිතියම් දෙක ඇතුළට ව්‍යූහාත්මකව ඇතුළුවීමේ, එහි අවයව ඉවත් කීරීමේ හෝ ඊට අවයව ඇතුළත් කිරීමේ සහ ඒවා නියෝජනය කරන පුද්ගලයින් මෙහෙයවීම මගින් ඒ දෙපැත්තට ම බලපෑම් කිරීමේ වැඩි ශක්‍යතාවය ඇති භාහිර සිටින ජනාධිපති අපෙක්ෂකයා අනුර කුමාර දිසානායක නොව රනිල් වික්‍රමසිංහ ය. මෙය අනුර පාරර්ශවයට අවාසිදායක ව්‍යූහාත්මක තත්වයකි. ගෝලීයකරණයෙන් බිහි වූ නව-නූතන වාතාවරණය තුළ අන් විරුද්ධවාදීන් පිළිබඳ ඔත්තු පමණක් ලබාගැනීම ප්‍රමාණවත් වන්නේ නැත. අන් ව්‍යූහ යටින් හාරා විසංයෝජනය කොට කෑලි ගැලවීම ද දේශපාලනික උපාය මාර්ගයක් වන්නේ ම ය. ජවිපෙ මෙය තේරුම් ගනිත්වා!
සජිත් පාර්ශවය සහ නාමල් පාර්ශවය නියෝජනය කරන ව්‍යූහ සම්බන්ධයෙන් රනිල් යටින් හෑරීම සහ මෙහෙයවීම කරමින් සිටින අතර, අනුර පාර්ශවය ඔත්තු වලින් පමණක් සෑහීමකට පත්වී තමන්ගේ අභ්‍යන්තර ව්‍යූහයේ සිට පිටත දකිමින් සිටිති. මගේ කල්පනාවේ හැටියට රනිල් පැරදවීමට නම්, ඉදිරියට එළඹෙන අවසන් සති කිහිපය තුළ අනුර පාර්ශවය විසින් සජිත් සහ නාමල් පාර්ශවයන්ට අදාළ ව්‍යුහාත්මක පදනම එහි ඇතුළතින් හාරා බිඳ දැමිය යුතු ය. මන්ද, අවසන් සති කිහිපයේ ඒ ව්‍යූහ නියෝජනය කරන්නේ රනිල්ගේ උපායමාර්ගයන් වන නිසා ය.
2022කේ අරගලය ගත් ඉතිහාසික පිම්ම නිසා සජිත් සහ රාජපක්ෂලා විසින් කිසිදු ආකාරයක සැලකිය යුතු ජනගඟක් නෙලා නොගනු ඇතැයි අනුර කුමාර විශ්වාසයෙන් යුතුව ප්‍රසිද්ධ දේශපාලන වේදිකා වල ප්‍රකාශ කළ ද, අද වන විට සජිත් පාර්ශවයේ සහ නාමල් නියෝජනය කරන රාජපක්ෂ පාර්ශවයේ චන්ද රැස්වීම් වලට ද සැලකිය යුතු ජනපිරිසක් සහභාගී වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට අනුර කුමාර දුන් පිළිතුර වූයේ “අපි වැඩ කරල මදි ප්‍රමාණය තමයි ඒ”වැනි උත්තරයකි. නමුත් එහි සහසම්බන්ධ-ප්‍රතිපක්ෂය විමසමින්, මට කියන්නට ඇත්තේ නම්, “රනිල් පාර්ශවය වැඩකරමින් සිටින කලාප දෙක තමයි ඒ” යන්න යි.
මේ අනුව මේ මැතිවරණය ජයග්‍රහණයක් කරා ගෙන යාම අනුර කුමාර පාර්ශවයේ නොසන්සිඳෙන අනවරත ආවේගශීලී උවමනාවක් ලෙස පෙනෙන්නනට තිබුණද, රනිල්ට අනුව මැතිවරණය මැච් එක යනු, හැකි නම් ජයග්‍රහණය කරා ගෙන යන්නට ද, නොහැකි නම් මැච් ඒක ඩ්‍රෝ එකක් කර අලකර දැමීමක් කරා ගෙන යන්නට ද පොරොත්තු වන ආකාරයේ විකල්ප දෙකකින් සමන්විත වූවකි. එය, අවේගශීලී නොවූ, කාලය ගෙන යටින් දියත් කළ සබුද්ධික මෙහෙයුමක් ලෙසින් ද පෙනෙන්නට ද තිබේ.
මැතිවරණ මැච් එකේ මෙම ඩ්‍රෝ එක, නෛතික ආකාරයෙන් මැතිවරණය කල්දමන්නට නොහැකි වීම නිසා නෛතික ව්‍යූහයෙන් පිටත පවතින නියෝජිත පක්ෂ ව්‍යුහයන් දෙකක් උපයෝගී කරගෙන මැතිවරණය කල්දැමුවා වැනි අස්ථානයකට මේ මැච් ඒක යොමුකර ගැනීමට කරන වෑයම් කිරීමකි. මෙය ඉවසිලිවන්ත ප්‍රවේශයක් ලෙසින් පෙනෙන්නට තිබේ.
ධම්ම්ක පෙරේරා අපේක්ෂකත්වයෙන් ඉවත් වීම සහ නාමල් රාජපක්ෂ ඒ තැනට රිප්ලේස් වීම යන්න පිටුපස රනිල්ට මැතිවරණ උපායමාර්ගයක් පවතින්නේ ද යන්න ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගය සැලකිල්ලට ගත යුතු වාද-විෂයක් වන්නේ මේ නිසා යි. නාමල් මෙලෙස හදිසියේ ප්‍රාදූර්භූත වීම සිදු කළ කතෘවරයා කවුද?
ඒ මන්ද?
නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ, 69ලක්ෂයක් චන්ද දිනා අසාමාන්‍ය ජයක් ලැබූ රාජපක්ෂලාට පොල්මංකාර පොහොට්ටු පාර්ශවය ය. ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයට සියයට තුනක සිට මේසා ජන ආකාර්ශණයක් දිනාගැනීමට හේතුවූයේ ඒ 69 ලක්ෂයෙන් කැබැල්ලක් කඩා ගැනීමට හැකි වීමෙනි.. එනම්, ඝෝඨා-බැසිල් ආණ්ඩුව විසින් තම 69ලක්ෂයක චන්දදායකියන්ගේ අපේක්ෂා භංග කරමින් රට බංකොලොත්භාවයට අද දැමීම නිසා පොහොට්ටුවේ 69ලක්ෂයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දිය වී ගියේ ය. ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගය මෙසේ දියව යන 69ලක්ෂයෙන් සියයට 40-50ක් තරමේ සැලකිය යුතු යුතු ප්‍රතිශතයක් තම පක්ෂ යන්ත්‍රණය දෙසට කළමනාකාරණය කරගෙන ඇති බව සැබවකි. ඒ නිසා ම වෙනත් ජන කණ්ඩායම්වලින් යම් ප්‍රතිශතයක නව ආකර්ශණයක්ද අනුර පාර්ශවයට තම ව්‍යුහය වෙතට ගෙන්වා ගැනීමට පොටක් පෑදී ගියේ ය. ඔවුන් ඒ සඳහා උපරිම මහන්සිවී දිවා රෑ නොතකා වැඩ කළ බව ද සත්‍යයකි.
නමුත් ඒ 69ලක්ෂයෙන් දේශපාලනය අප්පිරියාවී ගිය ප්‍රමාණය සියයට 10තරම් විශාල ප්‍රමාණයක් යැයි සැලකුවත්, තවත් සියයට 40ක පමණ ප්‍රමාණයක් ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගය දෙසට මුළුමනින් නොහැරී “කුමක් තෝරාගන්නේ ද” කියන අතරමැදි අස්ථානයක වල්මත්ව වී හිඳ තිබේ. ඒ අතරින් අවම තරමන් සියයට 30ක පමණ ප්‍රමාණයක් රාජපක්ෂවරුන්ව තමන්ගේ ආදර්ශරූපකය කරගත් චන්ද දායකයින් ය. මොවුන් අරගලයෙන් පසුව රටේ ඇතිවුණ දේශපාලන ප්‍රවාහයේ සංවාදයන් දෙසට නෑවිත් නෑසුකන්වලා හිඳිමින් චන්දයක් පාවිච්චි නොකර චන්දය දැමීම සම්බන්ධයෙන් ආන්තික ස්ථානයක් කරා තල්ලු වී යමින් සිටිය අය වූහ.
ඇත්තවශයෙන් ම, මොවුන් රාජපක්ෂවරුන්ගේ බ්ලොක් වෝට්ස් ලෙස ද සැලකිය හැකි ය. මොවුන් චන්දය පාවිච්චි නොකර ම හිටියා නම්, අනුර කුමාර පාර්ශවයට වාසිදායක ය. මන්ද, ඔවුන් අනුර කුමාරගේ ජයග්‍රහණයට අනවශ්‍ය කරදරයක් කළ හැකි චන්දදායක පාර්ශවයක් වන නිසා ය. මන්ද, ඔවුන් චන්දය නොදමනවා නම්, ඔවුන්ගේ ප්‍රමාණය මැතිවරණයේ දී චන්දය භාවිතා කළ ප්‍රතිශතයට ඇතුළත් වන්නේ නැති නිසා ය.
නමුත් මේ මාළු අහින රහසින් දුටු බිලී බාන්නෙක් සිටියේ ය.
ඒ රනිල් වික්‍රමසිංහ ය.
රාජපක්ෂවරුන් හරහා පාහොට්ටුවේ සහ සමගි ජනබලවේගයේ ව්‍යූහාත්මක පදනමට සංවාදශීලීව සහ ව්‍යුහාත්මකව ප්‍රවේශ වීමේ පොල්මංකාර අවසරය තිබුණේ රනිල්ට ය. පොහොට්ටුව සහ සමඟි ජනබලවේගයේ උදවිය රනිල් කියන දෙයකට අනුර කියන දෙයකට වඩා ඇහුම්කන් දෙනවා ය. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ රනිල් ගෙනෙන දේශපාලන උපායමාර්ගයන්ට සහ විශ්ලේෂණයන්ට කණ විවිර කරගෙන සිටින දේශපාලකයෙකි. අනුර ජනාධිපති වීම නිසා තම සනුහරයට හිරේ විලංගුවේ වැටෙන්නට යාමෙන් සිද්ධ වෙන්නට යන ඉදිරි හානිය ඉදිරියේ රාජපක්ෂවරු තවමත් රනිල් කියන මොන දේ කරන්නට වුවත් සූදානම් ය.
රනිල්ට ඇති මේ විවෘත්තය හෙවත් සංවාද අවසරය සහ ව්‍යූහික අවසරය යොදාගනිමින්, පොහොට්ටුව සහ රනිල් අතර විසංවාදයක් භාහිර සමාජයට මවා පාමින්, ධම්මික පෙරේරාව නවතා දමා නාමල්ව කරලියට ගෙන එන තීරණයට මහින්ද පොළඹවාගන්නේ රනිල් විය යුතු ම ය. මන්ද, අයාලේ යාමට තිබු චන්ද ප්‍රතිශතයකත් නැවත තරඟ බිම වෙත ගෙන්වා ගැනීම හරහා තරඟයේ ස්වභාවය වෙනස් කර දැමිය හැකි සම්භාවිතාවයක් පවතින නිසා ය.
රනිල් හැරෙන්නට, අනුර පාර්ශවයට එරෙහිව මෙබදු උපායික තීරණයක් ගන්නට රාජපක්ෂවරුන් හට ඒතරම්වූ දේශපාලන උපායමාර්ගික ඥානයක් තිබේ යැයි කියාද සිතිය නොහැකි ය. රාජපක්ෂවරු යුද්ධයක් දිනා අන් අයට කෙලවන දේශපාලනයක් කරන්නට තරම් පොරවල් වුණේ චම්පික රණවකගේ සහ විමල් වීරවංශගේ දැනුමේ මග පෙන්වීම නිසා ය.
අනාගතවාදීව නාමල්ට විපක්ෂ නායකකම අරන්දීම උදෙසා වන පෙරහුරුවක් ලෙසින් මෙය සිදුකරන්නට යැයි රනිල් විසින් මහින්දට කී විට මහින්ද එය නොකර ඉන්නේ නැත. මහින්ද කියන දෙයක් නාමල් නොකර ඉන්නේ ද නැත.
කෙසේ නමුත් රනිල්ගේ අරමුණ හෙවත් වස්තු මුලිකය වන්නේ, අයාලේ යාමට තිබූ චන්ද ප්‍රතිශතයක් තරඟ බිමට කැඳවා, අවම තරමින් අනුර කුමාරගේ සියයට ප්‍රමාණය සියයට 42 සහ 48 අතර ප්‍රමාණයකට පසුබස්සවා, ජනාධිපතිවරණ මැච් ඒක ඩ්‍රෝ ඒකක් වන තැනට වැඩකටයුතු සිදු කිරීම ය. මැච් එක ඩ්‍රෝ වුණහොතින්, ඒයින් ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගයට තිබුණ “මැතිවරණ ජයග්‍රහකයා” යන ප්‍රතිරූපය පල්ලම් බසිනවා ඇත. ඉන්පසු, ඊළඟට ලැබෙන මහ මැතිවරණ ප්‍රතිඵලයේ දී සජිත්ට සිදුවූ තරමට ම නොවුනත්, ජනාධිපතිවරණයේ ප්‍රමාණයටත් වඩා අඩු චන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයට සිදුවෙනවා ඇත.
එළඹෙන මාසයකට අඩු අවසන් මැතිවරණ කාලයේ අන්ති ම සති දෙක තුළ තීරණාත්මක සිදුවීම් පෙලක් සිදුවිය හැකි බව රනිල් මේ ගෙවන මොහොතේ අනුර සම්බන්ධයෙන් දක්වන අනියත නිහඬතාවයෙන් සහ තලතා අතුකෝරල ඉවත්වීමේ දී පාර්ලිමේන්තුවේ කළ කතාවේ භාෂා වියමන වාග්-විද්‍යාත්මකව සහ ව්‍යුහ-විද්‍යාත්මකව පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. රනිල් සජබයෙන් සාමාජිකයින් බිලී බා ගැනීමේ ප්‍රමාණය ද මේ කාලය තුළ කෙමෙන් වැඩි කළ හැකි අතර, අනුර පාර්ශවය දෙසට හැරී ඒන්නට හෝ චන්දය නොදී ම සිටින්නට හෝ තිබූ යටකී සියයට 20-30ක තරම් ප්‍රතිශතයක චන්දදායකියන් නාමල් වෙතට ගොඩගැහෙන්නට ද කටයුතු සලසනවා ඇත.
මෙම ගොණුගතවීම නිසා 69ලක්ෂයෙන් අනුර පාර්ශවය වෙතට හැරුණු චන්ද ප්‍රමාණය නියෝජනය කරන උදවියගේ මනසට යම් බලපෑමක් ද කළ හකි ය. එනම් අනුර පාර්ශවය 69ලක්ෂයෙන් ආකර්ශණය කරගත් සියයට 40-50ක් තරම් වූ චන්ද ප්‍රමාණය සුළු සියයට ප්‍රමාණයකින් අඩුකරවා ඒය සියයට 37-45 තරම් ප්‍රමාණයක් කරා පල්ලම් බැස්සවිය හැකි වනවා නම්, ජවිපෙට ලැබෙන්නට නියමිත සියයට ප්‍රමාණය සියයට 50ට යට ප්‍රමාණයකට අඩුකරගතහොත් මැච් එක ඩ්‍රෝ කරගත හැකි ය.
ඒ නිසා රනිල්ට ඇත්තේ “හැකි වුණොත් ජය ගන්නවා නැත්තං ඩ්‍රෝ කරගන්න කටයුතු කරනවා” යන ප්‍රවේශය යි. (මෙයිනුත් ඩ්‍රෝ කර ගැනීම පැත්තට ඇති උවමනාව අධිනිෂ්චය වී ඇති බවක් පෙනෙන්නට ඇත.)
අනුරට තිබිය යුත්තේ, “කොහොමහරි ජයගන්නවා, ඒ නිසා ඩ්‍රෝ ඒක නවත්වාගත යුතුයි” යන ප්‍රවේශයක් යි.
මේ සටන හරියට සුබද්ධිකව දියත් වුණොත්, නාමල් සහ සජිත් පාර්ශව දෙකට සිදු වන්නේ ප්‍රේක්ශකාගාරයට වී බලා සිටීමට ය.
පවතින සහ ඉදිරි සති කිහිපය ඇතුළත වර්ධනය වෙන්නට නියමිත සැබෑ තත්වයන් හමුවේ රනිල් පාර්ශවයට ඇත්තේ පරාජය වීමට වැඩි අවදානම තබාගෙන ඩ්‍රෝ කරගැනීමට දියත්කරන ලද රහස් උපායමාර්ගික ප්ලෑන ම කරගෙන යාම ය.
අනුර කුමාර පාර්ශවයට ඇත්තේ රනිල් විසින් ඩ්‍රෝ ඒකක් ගෙන ඒමේ ප්ලෑන් ඒක අල කිරීමට සජිත් සහ නාමල් පාර්ශව (විශේයෙන් නාමල් පාර්ශවය) නියෝජනය කරන ව්‍යුහ තුළට රිංගා ඒවායේ භාෂා-ව්‍යුහයන් සහ ඊට අදාළ භාවිතයන් විසංයෝජනය කර, යටින් හාරා කා දැමීම මගින් හොර රහසේ ඩ්‍රෝ ඒකක් කරා යාමට ඇති ඉඩ අවම කර දැමී ම ය. ඒහෙම නැතුව රනිල් සමඟ කරන කිසිදු මුහුණට මුහුණ සටනකින් පලක් වන්නේ නැත.
රනිල් කැමති යටින් ගහන ගේම් වලට ම ය.
ඉතින් ඔබත් එසේ ම වන්න!
මා ද ඇතුළු ලක්දේශයේ දුක් විඳින ජනයාට ජය වේවා!
@අරවින්ද හෙට්ටිආරච්චි