SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊනියා නිදහස සැමරීම

රාජ්‍ය දෘෂ්ටිවාදය යනු කුමක්ද? එය කිසියම් ආකාරයකට සංවිධිතව දැක්විය හැකි දෙයක් ද?

අප මෙම ගැටළු මතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නොවියයුතු මට්ටමකට, විශාල බහුතර ආගමික හා ජාතිකවාදී පාර්ශවීයතාවයක් වත්මන් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්, එහි මූලික ආයතනික ව්‍යුහය තුළින්, දිස්වන බැවිණි. මෙම ප්‍රවණතාවය තුළ දැකිය හැකි අලුත් යමක් නොමැති බවත් එය පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකේය රාජ්‍යයේ අනන්‍ය කොටසක් බවට පත්ව ඇති බවත් යමෙකුට තර්ක කළ හැක. නමුත් ව්‍යවස්තානුකුල පාලනය නැමති අතිශය සියුම් ආරක්ෂණ කවචය පුරා ඇතිවී ඇති පැලුම් දෙස බැලීමේ දී පෙනී යන්නේ රාජ්‍යය අභ්‍යන්තරය යනු අතිශය භයංකර ආකාරයෙන් ජාතිවාදයේ සහ උන්නතිකාමයේ වියරුව විසින් ගිළ ගෙන ඇති අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී සමස්ථයක් බවයි.

වාර්ගික සහ ආගමිකවාදී රාජ්‍යය

පසුගිය ජනාධිපති වරණයේ දී සහ මහා මැතිවරණයේ දේ ප්‍රකාශයට පත්වුයේ මෙම බහුතර වාර්ගික සහ අගමිකවාදී රාජ්‍යයක පවතින පසුගාමී සහ මානව විරෝධී අභිලාශයි. එම අභිලාශ සමස්ත බහුතර ජනතාවගේ අභිලාශ නොවන අතර, ඔවුන්ගේ අභිලාශය අතිශය ශූර අන්දමින් මෙහෙය විය හැකි දෘෂ්ටිවාදීමය යෂ්ටිය හොබවන හා බලය ප්‍රමුඛ අභිලාශය කොටගත් පශ්චාත් යුධ සමාජීය, මිලිටරි-ජාතිකවාදී ව්‍යාපාරික සහ බුද්ධිමය හවුළක අභිලාශයි. එම බල හවූල අතිශය කඩිනම් ආකාරයෙන් රාජ්‍යයේ දේපළ අත්පත් කරගනිමින්, එහි නීතිය හා ව්‍යවස්තානුකුල පාලනය සීග්‍රයෙන් ආපසු හරවමින්, මිලිටරිවාදී හා අත්තනෝමතික රාජ්‍යය ආකෘතියක් කරා මෙරට දේශපාලන පද්ධතිය මෙහෙයවමින් සිටී. එවන් පසුබිමක ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වැනි ප්‍රතිමානයන් ගේ අර්ථ ඔවුන් විසින් තමන්ගේ බල ව්‍යාපෘතියේ ස්වභාවයට සරිලන ලෙස හා එහි පැවැත්ම තහවුරු වන ලෙස ඒක මානිතව විකෘති කරමින් තිබේ.

වත්මන් වර්ගවාදී රාජ්‍යයයේ සහ එහි පාලක දෘෂ්ටියේ සීමාව පිරික්සීම සඳහා ඉතා වැදගත් නිදසුනක් මෙහි දී සළකා බලමු. එම නිදසුන මඟින් පෙන්නුම් කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය යන කවචය පුපුරා එතුළින් එලියට විහිදෙන මෘගත්වයේ ස්වරූපයයි. එම මෘගත්වයේ ගොදුර බවට පත්වන විශාල පිරිසක් අතර ඉතාමත් මෑතක, ජිනීවා සමුළුවට පෙර නිදහස ලැබුවේ, ස්වකීය අධ්‍යාත්මය හා භාෂණයේ, හෘද සාක්ෂියේ නිදහස විධාරණය කිරීම නිසා අත්තනෝමතිකව සිරදඬුවම් විඳි, හා ජාති වාදයේ හා එහි ක්‍රියාධරයන්ගේ වෛරයට හා පහර කෑමට ලක්වූ තරුණ ලේඛක ශක්තික සත්කුමාරයි.

ශක්තික සත්කුමාර

නිදහස 2

ශක්තික සත්කුමාර යනු ඉතාමත් මෑතක දී තමන්ගේ ලේඛනයේ අයිතිය ආරක්ෂා අකරගැනීමට සටන් කිරීම නිසා රාජ්‍ය මර්දන යාන්ත්‍රනය විසින් දඬුවම් පමුණුවනු ලබා, පසුව දේශීය සහ ජාත්‍යන්තර සිවිල් සමාජය ගෙන ගිය අතිශය අප්‍රතිහත සටන නිසා  පසුගිය 09 වැනි දින දී නීතිපති අනුමැතියෙන් නිදහස ලබා ගත් දීප්තිමත් තරුණ ලේඛකයෙකි. ඔහු කළ වරද කුමක්ද? එයනම්, මූලික අයිතිවාසිකම් අනුව ලැබී ඇති අයිතියට අනුව ඔහුගේ නිදහස සහ පරිකල්පනය මෙහෙයවමින් සාහිත්‍යකරණයේ යෙදීම යි. අසුව දශකයේ අග භාගයේ පැවති භීෂණය තුළ තරුණයන් මර්දනය වූයේ යම්සේ ද, විසි එක්වන සියවසේ දී ද තරුණයන් එලෙසම මර්දනය වන බව ශක්තික සිරගත වීම පිලිබඳ සිද්ධිය අධ්‍යනයෙන් පෙනීයයි.



"අර්ධ" නැමති කෙටිකතාව සිය ෆේස්බුක් ගිණුමේ පලකල ශක්තික 2019 වසරේ අප්‍රේල් 01 දින පොලිස් රැඳවුම් භාරයට පත්වන්නේ එම කෙටිකතාව නිසා බුද්ධාගමිකයන් තුළ කිසියම් සිත් තැවුලක් ඇතිවිය හැකි බවට සිදු කල පැමිණිල්ලකට අනුවය්. බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංවිධානය පොලිස්පති තුමාට ලියන ලද ලිපියකට අනුව ශක්තිකගේ "අර්ධ" මඟින් බුද්ධ චරිතයට හා බෝසත් චරිතයට අපහාස වී ඇති බව පෙන්වා දෙනු ලන අතර එම සංවිධානය මෙම පැමිණිලි ලිපිය ඉදිරිපත්කොට තිබුණේ තිබුනේ 2019 පෙබරවාරි 25 දිනයි. ඉන්පසු පොල්ගහවෙල පොලීසිය ශක්තිකගෙන් මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකරන අතර, බෞද්ධ සංවිධානයේ සහ වෙනත් දේශපාලන පාර්ශවවලින් පොලිසීයට සිදුවිණැයි උපකල්පනය කල හැකි බලපෑම නිසා අප්‍රේල් මස දී ඔහු පොලිසීයට කටඋත්තරයක් දීමට ගිය අවස්ථාවේදී 'ඉහළින්' සිදුවුණු බලපෑම් කරන කොටගෙන පොලීසිය ඔහු රැඳවුම් භාරයට ගනී.

වර්ගවාදී ගෙරවිල්ලෙහි හඬ

මේ අවස්ථාව වන විට තමාගේ ෆේස්බුක් ගිණුමෙන් "අර්ධ" කෙටිකතාව ඉවත්කර ගැනීමට ශක්තික කටයුතු කර තිබුණු අතර ඔහු තමන්ට එරෙහිව පැමිණලි කළ සංඝයා සමඟ සාමකාමී විසඳුමකට එළඹීමට අපේක්ෂාවෙන් සිට තිබේ. නමුත් භික්ෂු ජාතිකවාදීන්ගේ නැතිනම් රාජ්‍යයේ වර්ගවාදී ගෙරවිල්ලෙහි හඬ විසින් ශක්තිකගේ ඉල්ලීම යටපත්වූ අතර ලිවීමේ වරදට ඔහු මහේස්ත්‍රාත්වරයා වරයා ඉදිරියට පමුණුවන්නේ අතිශය බරපතල අපරාධයක් කල අයෙකු පරිද්දෙන් දණ්ඩ නීති සංග්‍රහය (291බී වගන්තිය) සහ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ගිවිසුමට (එහි 2/1 සහ 1/3 වගන්ති ) අනුව චෝදනා කරමිණි. මහේස්ත්‍රාත් වරිය විසින් ශක්තිකව දින දහයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කෙරිණ. අප්‍රේල් 09 දින ඇප ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශක්තික වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් විසින් ඇප අයදුම්පතක් යොමු කල ද අප්‍රේල් 09 දින නැවතත් පැමිණිලිකාර පාර්ශවයේ කරුණු දැක්වීම පිළිගැනීම නිසා ශක්තිව අප්‍රේල් 23 වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

දිගින් දිගටම පුර්ණ විමර්ශනයකින් තොරව අසීමිතව විශාල කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වීමට ශක්තිකට සිදුවෙයි. නැවත අප්‍රේල් 23 සිට මැයි විසි නවය දක්වා ඔහුව බන්ධනාගාර ගතකෙරුණි. එහි දී ශක්තිකගේ නීතීඥයන් පෙන්වා දුන්නේ නීතිපතිගේ අනුමැතියකින් තොරව මෙලෙස දිගින් දිගටම ඔහු බන්ධනාගාර ගත කිරීම අයිතිවාසිකම් උල්ලංඝනයක් බවයි. පුද්ගල නිදහස අහිමිකරමින්, නිවැරදි පරීක්ෂණයක් හෝ නීතිපතිගේ අවසර යක් නොමැතිව ශක්තික බන්ධනාගාරයේ ගතකල දින ගණන 130කි. දිගින් දිගටම මහේස්ත්‍රාත් උසාවිය විසින් ඉවත දැමුණු අප අයදුම්පත දිස්ත්‍රික් උසාවිය විසින් සලකාබලනු ලදව ශක්තික බන්ධනාගාරයෙන් එලියට එන්නේ 2019 අගෝස්තු 01 දිනය. ඔහුට එම දණ්ඩනය මෙම රාජ්‍ය හා එහි පර්දනීය නීතිය විසින් උරුම කොට දුන්නේ ඇයි? උසාවිය විසින් ශක්තිකට අදටත් නොපවසා ඇත්තේ එම හේතුවයි. එය නම් රාජ්‍යය දෘෂ්ටිවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය නොව වර්ගවාදය බවත්, වර්ගවාදීන්ට අනුව නීතියේ පාලනය යනු ප්‍රජතතන්ත්රීය අයිතියට වඩා මුලධර්මවාදයේ දර්ශනය වන බවත්ය.

ඉන්පසුව වාර ගණනාවක දී එනම් මැයි 07, මැයි 21 ජූනී 04 සහ ජුනි 21 ද ඔහුව එකදිග ට සිරගත කෙරුණි. ජුනි 25 දින පොලීසිය උසාවියට දැනුම් දුන්නේ ශක්තික පිලිබඳ පොලිස් විමර්ශනය අවසාන බව හා නීතිපතිගේ තීන්දුව නඩු පැවරීම සඳහා අවශ්‍යය බවයි. කෙසේමුත් මහේස්ත්‍රාත් විසින් ජුලි 04 තෙක් ඔහුව නැවත බන්ධනාගාර ගත කෙරුණි. ඉන්පසුව ජුලි 04 දින නැවත ජුලි 18 තෙක් එම දඬුවම දික්කෙරුණි. කෙසේමුත් දිස්ත්‍රික් උසාවියේ ම,මැදිහත්වීමෙන් ශක්තිකට අප ලබා ගත හැකිවුණේ 2019 අගෝස්තු 01 දිනය. ඒ අත්අඩංගුවට පත්වී දින 130කට පසුවය. ඒ වනවිට ජාතිකව සහ ජාත්‍යන්තරව ශක්තිකගේ අයිතිය වෙනුවෙන් විශාල හඬක් නිර්මාණය වී තබුණි. නමුත් නීතිපති ගේ තීරණය පැමිණෙන තෙක්ම එනම් පසුගිය 09 වනතෙක්ම ශක්තික ජීවත්වෙමින් සිටියේ නැවත වසර ගණනාවක සිර දණ්ඩනයකට මර්දනීය රාජ්‍යය සහ එහි නීතිය විසින් ඔහුව යොමුකරනු ඇති යන බියෙනි. සමාජය සුවපත් කිරීමට එහි විවිධ සංස්ථාවන් තුල පවතින අයුක්තිය, අසාධාරණය එලියට ගනිමින් මහජන කක්ෂයේ දී සාකච්ඡාවට යොමු කලයුතුයි යන තිර අදිටනින් ලේඛනයේ යෙදෙන ශක්තික වැනි ලේඛකයන් ජාතිවාදී පෙරමුණුවල අනුහසින් සිරබත් කන්නට සිදුවන්නේ ඇයි?

මෙරට ව්‍යවස්ථාවේ මුලික අයිතිවසික පරිච්චේදයට නිසි ගෞරවයක් දැක්වීමට පොලීසිය දිගින් දිගටම අසමත් වන බව මේ ඩකා දණ්ඩනයට ලක්වූ ලේඛකයන්, මාධ්‍ය වේදීන්, කවියන් ගේ ප්‍රමාණය දෙස බලන විට පෙනීයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12(1), 13(1), 13(2), සහ 14(1) (අ) වගන්ති මගින් පුද්ගලයා සතුහු අතිශය බරපතල අයිතිවසික කිහිපයක් සහතික කොට තිබේ. පිලිවෙලින් එම අයිතීන් වන්නේ සිතීමේ නිදහස, හෘදය සාක්ෂිය සහ ආගම, වධහිංසාවෙන් නිදහස් වීම, සමානාත්මතාවයට ඇති අයිතිය, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, සහ කතා කිරීමේ නිදහසයි. ශක්තික සත්කුමාර තමන්ගේ පෑන සහ චින්තනය නිසා සිරගත වන්නේ මෙම සියලු අයිතීන් අහිමි කරගනිමිනි. පොලිසිය සහ නීතිය මෙහෙයු පිරිස් දින 130ක් ඖඅ සිරගත කළේ මෙම අයිතීන් පිළිබඳ නොන්දන්ද? නීතිපති පවසන තෙක්ම නිදහස් පිළිබඳ තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ අවර්දක් ශක්තික සිදු කලේද?

 

මෙරට ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්චේදයට නිසි ගෞරවයක් දැක්වීමට පොලීසිය දිගින් දිගටම අසමත් වන බව මේ දක්වා දණ්ඩනයට ලක්වූ ලේඛකයන්, මාධ්‍ය වේදීන්, කවියන් ගේ ප්‍රමාණය දෙස බලන විට පෙනීයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12(1), 13(1), 13(2), සහ 14(1) (අ) වගන්ති මගින් පුද්ගලයා සතු අතිශය බරපතල අයිතිවාසිකම් කිහිපයක් සහතික කොට තිබේ. පිලිවෙලින් එම අයිතීන් වන්නේ 'සිතීමේ නිදහස, හෘදය සාක්ෂිය සහ ආගම, වධහිංසාවෙන් නිදහස් වීම, සමානාත්මතාවයට ඇති අයිතිය, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් වීමේ, රඳවා තබා නොගැනීමේ, සහ කතා කිරීමේ නිදහසයි'. ශක්තික සත්කුමාර තමන්ගේ පෑන සහ චින්තනය නිසා සිරගත වන්නේ මෙම සියලු අයිතීන් අහිමි කරගනිමිනි. පොලිසිය ට සහ නීතිය මෙහෙය වු පිරිස් විසින් දින 130ක් ඔහු සිරගත කළේ මෙම අයිතීන් පිළිබඳ නොදැනද? නීතිපති පවසන තෙක්ම නිදහස පිළිබඳ තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ වරදක් ශක්තික සිදු කලේද? නීතියේ පලානය කඩා වැටී ඇති දේශයකින් මෙම ප්‍රශ්න විමසා පාලක නොමැත.

නැවත ජිනීවා

ජිනීවා මානව අයිතිවාසිකම් කොම්සම ඉදිරියේදී එළඹෙන මාර්තුවේ දී ශ්‍රී ලංකාව ට නැවත වග උත්තර බැඳීමට සිදුව තිබේ. යුද්ධය නිසා සිදුවූ අපරාධ පිළිබඳ චෝදනා පසෙක තැබුවත්, 20 වෙනි සංශෝධනය හරහා නැවත රටේ මුලික නීතිය ආපස්සට යැවීමෙන් වත්මන් රජය විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රීය පාලනය ආපස්සට හරවා තිබීම හා මිලිටරිකරණය දැන් ජාත්‍යන්තරව අවධානය ලබන තත්වයන්ය. එම සියලු තත්වයන් යටතේ ලේඛකයන් සිරගත කිරීම, සාහිත්‍යකරුවන්ට අත්තනෝමතික ජාතිවාදීන්ට දඬුවම් ලබා දියයුතු පණත් භාවිතා කොට වධහිංසා කිරීම ආදිය නිසා මෙවර ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නම අප කීර්තියට ලක්වීමට නියමිතය. අවිහිංසාවේ දේශයක් වශයෙන් ඔසවා තැබිය යුතු මෙරට, වර්ගවාදයේ ගහල භූමියක් බවට පත්කරන ඊනියා ජාතිකවාදී දේශපාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රීය බලමුළු ඉදිරියට පැමිණිය යුතුය. එයට ජාත්‍යන්තර මානවවාදීන් ගේ සේම දේශීය මානවවාදීන් ගේ හඬ ද වැඩියෙන් අවැසි යුගයකි මේ.

නවතම ලිපි