SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1975 වසරේදී අනුරාධපුරයේදී උපත ලද  සුභාෂිනී ටිකිරි බණ්ඩාර අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ පාසැල් අධ්‍යාපනය ලබා 2003 වසරේදී  කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.

2002-2003  කාලය තුළ  ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සේවය කරමින් තම වෘත්තීමය ජීවිතය අරඹන ඇය  එම  කෙටි කාලය තුළ පළාත් පාලන ආයතන වලට ආවේණික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් බිහි කිරීම වෙනුවෙන් කටයුතු කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ දෙහිවල-ගල්කිස්ස නගර සභාව විසින් මත්ද්‍රව්‍ය වැළක්වීමේ ප්‍රතිපත්තියක් බිහි කල පළමු පළාත් පාලන ආයතනය ලෙස සැලකෙන අතර ටිකිරි සුභාෂිනී විසින් එහි සුවිශේෂී කාර්යභාරයක් සිදු කර ඇත.

 

 2007 වසර වනතුරු උතුරු මැද පළාතේ පළාත්  සභාව, ජාතික ඒකාබද්ධතා හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය, නිපුණතා කටයුතු අමාත්‍යාංශය හා වරාය අමාත්‍යංශයන්හි  රාජකාරී කිරීමෙන් තම වෘත්තීමය අත්දැකීම් උකහා ගෙන ඇති ඇය 2003 වසර සිට 2006 වසර දක්වා උතුරුමැද පළාත් උපාධිධාරී සංගමයේ සභාපති තනතුර හොබවමින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා කැපවී කටයුතු කර ඇත.

2005 වර්ෂයේ සිට Public service international ආයතනයේ ශ්‍රී ලංකාවේ  කාන්තා හා තරුණ වෘත්තිකයන් නියෝජනය සිදු කරමින් ම වකවානුවේදීම කාන්තා හා වෘත්තීය අයිතීන් මෙන්ම ළමා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇත.

2007 වර්ෂයේ දී ජර්මනියේ පදිංචියට පැමිණෙන සුභාෂිනී පරිටෙටිෂ විශ්විද්‍යාලයයෙන් ජර් මනියේ හා යුරෝපයේ  සමාජ ආරක්ෂණය, නීති පද්තිධය, අන්තර් ග්‍රහණය මෙන්ම පශ්චාත් යුධ භීතිය යන කරුණු සම්බන්ධව වැඩි දුර අධ්‍යාපනය ලබමින්,  ඩියකොනි අධ්‍යාපන ආයතනයේ යුරෝපා හා ජර් මනියේ  විදේශිකයන් සම්බන්ධ නීති, මානව හිමිකම් නීතීන් හදාරමින් එක්සත් ජාතීන් මෙන්ම සරණාගත අයිතීන් වෙනුවෙන්  සක්‍රීයව සහභාගී වීම ආරම්භ කර ඇත.

20005 වර්‍ෂයේ  නොවැම්බර්   සිට 2021  දෙසැම්බර් මස දක්වා ජර්මනියෙ චාන්සලර් ව සිටි ඇන්ජෙලා මර්කල් ගේ පක්ෂය වන CDU පක්ෂයට සම්බන්ධ වූ ඇය මේ දක්වා එරට  ප්‍රාදේශීය දේශපාලනයේ සක්‍රියව කටයුතු කරයි. ජරමනියේ පිලිප්ස්බුර්ග් නගරයට පැමිණෙන හා ජිවත්වන විදේශිකයන් නීති පද්ධතියට, දේශපාලන හා සමාජීය, සංස්කෘතික පද්ධතියට අන්තර් ග්‍රහණය කිරීමේ කළමනාකාර වරිය ලෙස වසර 10 කාලයක් සේවය කරමින් සිටින ටිකිරි සුභාෂිනී එරටදී විවාහ දිවියට ඇතුල් වෙමින් විෆ්ලර් පවුලට සම්බන්ධ වී ඇත.

ටිකිරි සුභාෂිනී විෆ්ලර්  ජර්මනියේ ශ්‍රී ලාංකික  හා දේශීය ප්‍රජාව සම්මුඛ වන මදර් ආයතනය ගොඩනගමින් 2014 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට සමාජීය හා අධ්‍යාපනික සේවා රාශියක් ඉටු  කරමින් සිටින්නීය.  මදර්  ආයතනය විසින් මෑතකදී ඇයගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ පාසල් 500 ක් වෙනුවෙන් සිංහල-දෙමල--ඉංග්‍රීසි යන ත්‍රෛ භාෂා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද අතර ඉදිරි වසර 5 ඇතුලත ශ්‍රී ලංකාවේ පාසල් 11000 ම ආවරණය කරමින් ළදරු වියේ සිටම භාෂා තුනෙන්ම ගොඩ නැගෙන අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියා බිහි කිරීමට අවශ්‍ය පදනම සකස් කෙරෙමින් ඇත.

එසේම ඇයගේ පෞද්ගලික ධනය වැය කරමින් ලංකාවේ ආරම්භ කර ඇති  waste  to  taste ව්‍යාපෘතිය ගෘහ ආර්ථිකය නැංවීමට, කසල කළමනාකරණයට හා රටේ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් දැනට ගොඩ නැගෙමින් ඇති වැදගත් ව්‍යාපෘතියකි.  ඒ සඳහා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන ද සහභාගීවී කුටුම්භ ආර්ථිකයන් ඉලක්ක කරගත් වැඩසටහන් ආරම්භ කර ඇත.

ඇය විසින් යුරෝපයේ ජිවත්වන විද්වතුන් හා එක්ව ජර්මනියේ පිහිටුවා ඇති තවත්  වැදගත් ව්‍යාපෘතියක්  වන්නේ ශ්‍රී  “ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය” යි. එම ආයතනය පසුගිය කාලය තුළ  ශ්‍රී ලංකාව යහපත් ගමන් මාර්‍ගයක් වෙත ප්‍රවිෂ්ට කිරීමට ,මානව අයිතීන්,ආර්ථික අයිතීන් සුරැකීමට හා නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා වන කැපී පෙනෙන කාර්යභාරයකට දායක වී ඇත.

අනුරාධපුරයට ආවේණික වැව් පද්ධතිය හා ඒ හා බැඳුණු කෘෂිකර්මය සමග බැඳුනු ගොවි පවුලකින් පැවත එන ටිකිරි සුභාෂිනී විෆ්ලර් දියණියන් දෙදෙනෙකු සහ පුතෙකුගේ දයාබර මවකි.

මේ, ඇය විසින් රචිතව, අප වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ කෙරෙන "මා දකින මව්බිම" ලිපි පෙළේ සත් වැන්නය.

 

Waw 3

 

ජලය හා බලශක්තිය රටේ ජිවනාලියයි

 

අතීත රජවරුන් විසින් වැව් තිස් තුන්දහසක් කරවීමට ජනයාගේ ශක්තිය එකතු කරන ලදී.රජයට ගෙවිය යුතු බදු  හිලව් ලෙස දින ගණනක් සෑම පුද්ගලයකුම වැව්‍ ,විහාරය පන්සල හෝ කුඹුරු වලට ජලය ගෙන යන ඇල මාර් ග වල සේවය කරන ලදී.අතීත මුතුන් මිත්තන්ගේ බදු ගෙවීම අපද අපෙන් මතුවටද භුක්ති විඳින බව වටහා ගැනීමට මෙය සාක්ෂියකි. 2010 වසරේ ජූලි 8 දින සිට එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි  බල ශක්තිය,ජලය,පිරිසිඳු පානිය ජලය මිනිසකුට සනීපාරක්ෂක ලෙස ජීවත් වීමට හා අනෙකුත් සියළුම මුලික අයිතවාසිකම් භුක්ති විඳීමට ඇති මුලික පදනම ලෙස දක්වා තිබේ.

 

 මේ පදනම අපේ අතීත රජවරුන් විසින් වසර දහස් ගණනකට පෙර වටහාගෙන සිටින ලදී. එදා  පණ්ඩුකාභය රජු දවස අනුරාධපුරයේ පැවති වැසිකිලි පද්ධතිය සනීපාරක්ෂාව සම්බන්ධ කරුණු සපථ කරයි.අනෙක් අතින් බලශක්තිය සපයා ගැනීම ගැන අතීතයේ පැවති ක්‍රම ගැනද අදහසක් නැතුවාම නොවේ. කෙසේ වෙතත් ජලය සිරි ලංකාවේ ඉතා වැදගත් කරුණක් බව අතීතයේ සිටම වැව් ඇල වේලි ගොඩ නැගීම හා පසු කාලීනව ජලාශ ගොඩ නැගීම සම්බන්ධව අධ්‍යනය කරන විට පෙනේ. 80 දශකයේ ජලාශ බිහිවන විට ඒවා සමග ලංකාවේ බලශක්තිය සම්බන්ධ විය. අදටත් ලංකාවේ විදුලි සැපයුමෙන් 80% ක ප්‍රමාණයක් ජලය මගින් නිපදවනු ලබයි.

 

KalawewaTank SriLanka 1

 

සිරි ලංකාවේ මුළු බලශක්ති අවශ්‍යතාවය කිලෝවොට් ට්‍රිලියන 13,99 කි.සිරි ලංකාවේ ජල හා අනෙකුත් බලාගාර වල ධාරිතාව කිලෝවොට් ට්‍රිලියන 15 කි. එනම් සියළුම බලශක්ති මාධ්‍ය බාවිතයට ගැනීමේදී ජාතික අවශ්‍යතාවයට වඩා නිෂ්පාදනය ඉහලින් ඇත.110% ක වන බලශක්ති නිෂ්පාදනයෙන් 10% ක් බාවිතයට නොගන්න බවත් ශ්‍රී ලංකාවට තම බලශක්ති අවශ්‍යතා තනිව සපුරා ගත හැකි බවත් ජාත්‍යන්තර දත්ත විසින් ප්‍රකාශ කරන මතයයි. එහෙත් ලංකාව දිගින් දිගටම බලශක්ති අර් බුධයට මුහුණ දෙන බව අප අපගේ ජිවිත කාලයේදීම අත් විඳ ඇත.බොහෝ ගම් දනව් වල විදුලි බලය නොමැති නිවෙස් ඕනා තරම් තිබේ.දැන් දැන් විදුලි ඒකකය මිල සහ විදුලි බිල්පත් වල මිල ඉහල යාම නිසා විදුලිය විසන්ධි වූ පවුල් මිලියනක් ඇතැයි වාර් ථා වේ. ජාත්‍යන්තර දත්ත හා ඇස්තමේන්තු අනුව  බලශක්තියෙන්  ස්වයං පෝෂිත රටක් අභ්‍යන්තරයේ මෙවන් අර්බුධයකට මුහුණ දෙන්නේ ඇයි ?

 

පරිපාලන දුර්වලතා හා වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හා ඒ ක්‍රියාත්මක වන දේශපාලන බල ව්‍යාපෘති රටේ බලශක්තියට හානි කරන බව ඕනෑම කෙනෙකුට පැහැදිලිය.සොරා කෑමට  පමණක් නොව කඩා කප්පල් කිරීමට ,මෙන්ම පරිස්සම් කිරීමට හා  විනාශ කිරීමට  පමණක් ක්‍රමවේදයක් සැකසුණු රටක බලශක්ති අර් බුධය අප  විසින් ම නිමවා ගත් ගැටළුවක් බවත් එය විසඳීමට කල් දැමීම නිසා ඇති වූ උග්‍ර දේශපාලන අර්බුධය දැන් ජිවත්වන පරම්පරාවට විඳින්නට සිදුව තිබෙන බවත් පැහැදිලිය. රටේ බලශක්ති ප්‍රශ්නය දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය හා ප්‍රජාතන්ත්‍ර වාදය කෙරෙහි කර ඇති බලපෑම අධිකය. ජනජිව්තය ගුණාත්මක භාවය  පමණක් නොව ආර්ථිකය 63% කින් හැකිලී යාමටත් ආයෝජකයන් පැමිණීම ප්‍රතික්ෂේප වීමටත් මෙම බලශක්ති ප්‍රශ්නය බලපා තිබේ. රටේ විසඳිය යුතු මුලිකම ප්‍රශ්න දෙක අතර බලශක්තිය ප්‍රමුඛ වන්නේ එබැවිනි.

 

waw 10

 

දිගින් දිගටම ඔඩු දුවන මෙම ප්‍රශ්නයට අඩු වියදම් කාරී ,ගෘහස්ත විසඳුම් ලබා දීමට රජය ප්‍රතිපත්තියක් සැකසිය යුතුය. 2005 වසරේ කාර් මික  අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන විට මවිසින් කල යෝජනාවක් වුයේ සුර්ය කෝෂ උපකරණ නිමැවීමට අප දෙපාර් ථ මේන්තුව සතු විද්‍යාල වල වැඩි ඉඩක් දිය යුතු බවය.එයින් මා අදහස් කලේ සිරි ලංකාවේ බලශක්ති ප්‍රශ්නය ට දිගු කාලීන විසඳුමකි. අද සුර්‍ය කෝෂ මගින් ගෙවත් සෝලාර් පැනල මගින් විදුලි නිෂ්පාදනය සිදු වුණත් ඒවා නිසි පරිදි නඩත්තුවට ශ්‍රම බලකායක් බිහි වී නැති නිසා ආධාර ලෙස හා චන්ද ගුණ්ඩු ලෙස ලබා දුන් සෝලාර් පැනල බාවිතයට නොගෙන තිබෙන බවට ඕනා තරම් දැකීමට පුළුවන. එවැනි යෝජනා ගැන ක්‍රියා කරනවාට වඩා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට විදේශ සංචාර වෙනුවෙන් සුදානම් වීම වැදගත් බව දැනීමෙන් කල කිරිනු සිතින් නිහඬ වීමට අපට සිදු විය.

 

waw 5

 

අනෙක් අතින් සුළං බලයෙන් නිපදවෙන විදුලිය අධෛර්‍ය මත් කර තිබෙන්නේ දේශපාලන හා වෘත්තීය සමිති උවමනා වටය.ලංකාවේ දුපතක ඇති ජෛව විවිධත්වයට හානි නොවන ලෙස ස්වභාවික බල ශක්තිය යොදාගත යුතුය. සිරි ලංකාවට දැන් බිහි කල යුත්තේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් ය. අනෙක් අතින් බල ශක්ති සේවකයන්ගේ දේශපාලන නැඹුරුව එම ප්‍රතිපත්ති ය තුලින් ජාතික බල ශක්ති සැපයුමට හානි නොවන  ක්‍රමවේදයකට ගොනු කල යුතුය.ලොව බොහෝ රටවල මෙන් එය අත්‍යවශ්‍ය සේවයක් කරමින් දැඩි නියාමනයකට ලක්වෙන ජාතික ව්‍යුහයක් බවට පත්විය යුතුය. එසේ නොවී එම ආයතන වසාගෙන සිටින මුග්ධ දේශපාලනයේ හස්තය අවසන් කල නොහැකිය. එය අවසන් කරන තුරු ජාතියේ බලශක්තිය වෙනුවෙන් ඇති මුලික අයිතිය මෙන්ම අනෙකුත් මුලික අයිතීන් භුක්ති විඳීමට සිරි ලංකා වාසීන්ට අවසර යක් නැත.ආර්ථිකය 100% ක් දක්වා නැන්වීමට මෙන්ම ආයෝජකයන් ගෙන්වා ගෙන සේද මාවතේ හා මහා ආර්ථිකයන් වන ඉන්දීය, ඉන්දුනීසියානු ආර්ථික වල බලපෑමෙන් වාසී ලැබීමට නොහැකිය.

 

waw 7

 

 

ලංකාවේ බිහි විය යුතු බලශක්ති ය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය දිස්ත්‍රික්ක 25 ක දේශගුණික විවිධත්වය හොඳින් සලකා බලා සැකසිය යුතු එකකි.උතුරු-උතරු මැද , නැගෙනහිර , වයඹ යන පළාත් වල දිස්ත්‍රික්ක 11 ක් ම සමකයට ආසන්නය.කුරුළු විවධත්වය ගැන නොසලකා සුළං බලයෙන් විදුලිය නිපදවෙන යන්ත්‍ර මන්නාරමේ පිහිටවා ඇති බවට පුවතක් දුටිමි. එම පුවත නැවත නැවතත් සනාථ කරන්නේ බලශක්තිය සම්බධයෙන් යථාර් ථ විසඳුමකට කිසිවකු වායු සමීකරණ කාමරයෙන් පිට ප්‍රයෝගික ලෝකය නොදකින අතර පාරිසරික, ජෛව ගෝලීය කරුණු කිසිසේත්ම තීන්දු තීරණ ගැනීමේදී සලකා බලා නැති  බවයි. සිරි ලංකාවට බහුවිධ ලෙස ප්‍රති චක්‍රීකරණය වන බලශක්තිය උපදවා ගැනීමේ හැකියාව පවතී. ඒනිසාම රටේ වෙනසක් අපේක්ෂා කරන්නේ නම් බලශක්තියෙන් ස්වයං පෝෂිත වීම මුලිකම ඉලක්කය කරගැනීම  වැදගත් ය.

 

waw 9

 

ජලය සම්බන්ධව ආරම්භයේදී කිව්වාක් මෙන් මෝසම් වැසි රටේ ඕනෑම කොටසකදී වසරකට අවස්ථා දෙකකදී ලැබේ. වැව් තිස්තුන්දහසක් ගංගා ජලාශ රාශියක් පැවතියත් කෘෂි  කර් මයට හා පානයට ජලය තවමත් ගැටලුවකි.සමකයට ආසන්න දිස්ත්‍රික් 11 තත්ත්වය හා හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික්ක වල තත්ත්වයද එසේය. එනම් රටේ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් ජල කළමනාකරණයකින් තොරව ක්‍රියාත් මක වේ. වැව් බොහොමයක් රොන් මඩ  එකතු වීම නිසා,වැව් ඉසමත්ත, තාවුල්ල අනවසර  ඉදිකිරීම් වෙනුවෙන් බාවිතා කරමින් ඇති නිසා ගොඩ වී ඇත. වැව් සුරක්ෂිත කිරීම ට නම් දැන් දැන් ප්‍රමාද බවද සිතේ. ඒවා සුරක්ෂිත කරන ජාතික ප්‍රතිපත්තියකදී ආර්ථිකයට දායක වන හෝටල්,නිවාස කර් මාන්ත වැනි දේ ඉවත් කිරීමට සිදු වීම විශාල පාඩුවකි. කෙසේ නමුත් මේ ආකාරයෙන් හෝ වැව් පද්ධතිය සුරක්ෂිත කිරීමේ ජාතික ප්‍රතිපත්තියකට යා යුතු වීම ප්‍රමාද නොකළ යුතුය. වැව යනු වියලි කලාපයේ ඍතු පවත්වාගෙන යන බහුවිධ ජෛව පද්ධතියකි.ආර්ථික ඒකකයකි. සිරි ලංකාවේ අතීත ආර්ථිකය පැවතියේ වැව නිසාය.සංස්කෘතිය හා සමාජීය ජීවිතය ක්‍රියාත්මක වුයේ වැව මුලික කරගෙනය.වැව් තිස් තුන්දහසක් පිළිසකර කර ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්නා විට වියලි කලාප වල භූගත ජලය තුලනය වීමක් අපේක්ෂා කෙරේ.එම තුලනය එම පළාත් වල ජිවන චක්‍රයට ඉතා වැදගත් කරුණකි.

 

waw 4

 

waw 8

 

පානිය ජලය ලංකාවට කොයි ආකාරයෙන් හෝ ගැටළුවකි. පානිය ජලයේ ගුණාත්මක භාවය බොහෝ නිධන්ගත රෝග වලට හේතු වී තිබේ. රජය විසින් දැරිය යුතු සෞඛ්‍ය වියදම් හා සංසන්දනය කරන විට පානීය ජලය ප්‍රශ්නයද බලශක්ති ප්‍රශ්නය මෙන් උවමනාවෙන් ඉටු නොකරන රාජ්‍ය වගකීමක් බවට පත්ව තිබේ. මේ සඳහා අවශ්‍ය දැනීම නොමැති වීම නිසා සපුරාගත යුතු තාක්ෂණ අවශ්‍යතා මගින් දියුණු ක්‍රමවලට යන්නට රාජ්‍ය දේහයට නොහැකි වී තිබේ.ආයතනික, වංචා දුෂණ, අක්‍රිය රාජ්‍ය දේහය හා දේශපාලනික දෘෂ්ටින් නිසා ඇති වෘත්තීය අර් බුධ සෑම කරුණකින්ම පසු පසට ඇද දමා ඇත. මේ කරුණු සලකා බලද්දී සිරි ලංකාව මතුපිටින් වටහාගෙන ගොඩ ගත හැකි රටක් නොවේ.ප්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනසක් අවශ්‍ය රටකි.

 

අවබෝධයෙන් සැකසිය යුතු රටක් වෙනුවෙන් පෙනී සිටීමට,වැඩ කිරීමට හා කැප වීම් කරන්නට මිනිසුන් අවශ්‍යව තිබෙන බව දකිමි.

 

@Subhashini Wipfler

 

නවතම ලිපි