SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටක සෑම අංශයකම ස්නායු පද්ධතිය අධ්‍යාපනයයි.

උපතේ සිට මරණය දක්වා පුද්ගලයන් අධ්‍යාපනය ලබති.ළදරුවාගේ සිට වැඩිහිටි අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය විධිමත් වීම දියුණු ජාතියක ලක්ෂණයකි. ළදරුවකු නාවන බේසමේ ඇති ආකෘතියේ පවා අධ්‍යාපනයක් ගැබ් වේ. වැඩිහිටි වී රෝගී වී සිටින විට පවා විවිධ අධ්‍යාපන කටයුතු මනස ,කය නිරෝගිව තබන්නට උපකාරී වෙයි.

 

මේ අර්ථයෙන්  අපිට වටහා ගත හැකිවනුයේ මිනිසකුගේ උපතේ සිට මරණය දක්වා සක්‍රිය අධ්‍යාපනය බද්ධ වන බවයි. උපතකට උදව් වන වෛද්‍ය කණඩායම, මරණ මංචකය දක්වා ජිවත් කරවා ගැනීමට සහය වන සියල්ල තුලම ඇත්තේ අඛණ්ඩ ඍජු හා අධ්‍යාපනයේ සමායෝජනයයි. මේ නිසාම  අපගේ සිරි ලංකාවේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය නවීකරණය විය යුතුය. අළුත් අධ්‍යාපන ඉසව් සොයා යා යුතුය යන සංකල්පය වටහා ගැනීම හා ක්‍රියාත්මක භාවයට ගෙන ඒම අළුත් සිරි ලංකාවක පදනම විය යුතුය.

 ma dakina mawbima comman

 

ඕනෑම රටක අධ්‍යාපනය එහි ආර්ථික ප්‍රතිපත්තිය සමග හොඳින් ගැලපිය යුතුය. දැනට සිරි ලංකාවේ අධ්‍යාපනය පෝෂණය කරන්නේ විදේශ ආර්ථිකයන් ය. අපගේ කාර්මික විද්‍යාලවල වෘත්තීය පුහුණුව ඉලක්ක වන්නෙම විදේශගත  වීමට සුදුසුම පාට මාලා ලෙස හඳුන්වා දීමෙනි. රටේ ආර්ථිකය නැංවීමට සැකසු අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපට දැනට නැත.මේ ගැන කථා කිරීම පවා මගහරින ක්‍රමවේදයක් ගොඩ නැගී ඇත. සැබවින්ම අපගේ ආර්ථිකය හා බද්ද වන අධ්‍යාපනයක් හෝ ,අධ්‍යාපනය හා බද්ධ වන ආර්ථිකයක් අපට නැත. එයද නව රටක ගොඩ නැගිය යුතුය.

 

ජාතියක් ගොඩනැගීම හා පුර්ව ළමාවිය සංවර්ධනය

 

purwa 2

 

පුර්ව ළමා විය සංවර්ධනය යනු මිනිස් ජීවිතයක වැදගත්ම අවස්ථාවය. ජාතියක් විසින් ගොඩ නැගීමට අපේක්ෂිත  පුරවැසියා ගේ පද්ධතිය ස්ථාපනය වන්නේ පුර් ව ළමා විය සංවර්ධනයෙනි. ලංකාවේ එසේ ඒකමතික පුරවැසියකු බිහි කිරීමේ සැලසුමක් සහිත එවැනි ළමා විය සංවර්ධන  ප්‍රතිපත්තියක් නැති රටකි. පළාත් නවයට ප්‍රතිපත්ති 09 කි.  ළදරු පාසල් අධ්‍යාපනය ගුණාත්මක, ඒකමතික පුරවැසියකු බිහි නොකරයි. ළදරු පාසල් ගුරුවරු හා ඔවුන්ගේ අධ්‍යාපනය විවිධය. පුරවැසියකු ගොඩ නැගීමට ඒ අධ්‍යාපනය කිසිසේත්ම සමත් නැත.  අද පවතින රට එය කියාපායි.  ඒකමතික, විනය ගරුක පුරවැසියා බිහි වීමට නම් ජාතික  ළදරු පාසල් ප්‍රතිපත්තියක් හා ළදරු පාසල් ගුරුවරුන් වෙනුවෙන් නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් පැවතිය යුතුය.  ළදරු පාසල් අධ්‍යාපන ය ලංකාවේ අවිධිමත් ම තැනයි. ඇති හැකි අය  තම දරුවන්  අන්තර් ජාතික පාසල් වල ළදරු පාසලට දරුවන් යවති. අනෙකුත් මිනිසුන් තම තම ආරථික හැකියාව අනුවය. අන්තර් ජාතික මට්ටමේ ළදරු පාසල් වල සකසන දරුවාගේ පදනම වෙනත් රටක භාෂාවකි. අත්දැකීම්ය. වෙනත් පුරවැසි මානසික මට්ටමකි. දුප්පත් රටක ජීවත්වෙමින් දරුවන් වෙනස් ලෙස ජිවත් වීමට හුරු කිරීම පුරවැසියකු තැනී මක් නොවේ.

 

තම මව් රටේ කිසිදු හරයක් එවැනි පාසල් වල ඉගැන්වේද?  ජාතියක් වෙනුවෙන් විෂය මාලා සංශෝධනය වී ඇත්ද? 

පිළිතුර නැත යන්නය.  රටක පුරවැසියා ගොඩ නැගීමට නම් පස්වන පන්තිය දක්වා වත් ජාතික ඒකමිතියකට දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ නැංවිය යුතුය. එසේ නොවී රටට ජාතියට පෑහෙන්නේ නැති දරුවකු බිහිවීම තුල සිරි ලංකාව මේ වන විට සිරවී සිටි. අනෙක් අතින් ග්‍රාමීය මට්ටමේ ස්වයං රැකියාවක් වන ළදරු පාසල් ගුරු වෘත්තීය ට අවම  අධ්‍යාපන  සුදුසුකමවත් සලකා බලන්නේ නැත. මෙනයින් සිරි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පළමුව නිවැරදි කල යුත්තේ පුර් ව ළමා විය සංවර්ධන යට අදාල සියළු කරුණුය.  එය ජාතික කාර්‍යයක් නොවනතාක් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩ නැගෙන්නේ නැත. ශ්‍රී ලාංකීය පුරවැසියකු ගොඩ නැගෙන්නේ නැත.  ඉදින් වියවුලෙන් වියවුලට සමාජ සංකිර් ණ තාවය පමණක් බිහි කරනු ඇත.  එය නිවැරදි කිරීම  දියුණු පුරවැසියකු බිහි කිරීමේ පදනම වෙනුවෙන් වහා කල යුතුව ඇත.

 

පුරවැසියා ට සමාජ අත්දැකීම් නොලැබීම.

purwa 3

 

දරුවන් තමන්ගේ රට, පරිසරය, කාලගුණය,ආවේණික භාෂාවන් හා ආගම් මෙන්ම විවිධත්වය තුල ඒකීයත්වය අත් විඳිනවා වෙනුවට හොඳම වයසේ ක්‍රීඩාවෙන් කලාවෙන්,පරිසරයෙන් ඈත් කරන ලද විභාග පිඩනය මත දිවයන දරු පරපුරක් බිහි කර ඇත. ශිෂ්‍යත්ව ක්‍රමය නිසා දිනපතා පාන්දර හතරේ සිට සවස හය දක්වා කිලෝමීටර සිය ගණන් පාසල් යන දරුවන් ගෙන් සමාජ ආශ්‍රය, සාමුහික ජිවත් වීම හා සාමුහික මානසිකත්වයක් වෙනුවෙන් කිසිවක් සිදුවන්නේ නැත. එලෙස සංවේදී නොවන, සවිඥාණක නොවන අධ්‍යාපන ක්‍රමයක්  නිසා වත්මන් රට බිහි කර තිබේ. සහකම්පනය හා සාමුහික ජීවිතය සම්පු ර් නයෙන්ම   යෙන්ම බිහි කරන තුරු යහපත් රටක් අපේක්ෂා කල නොහැකිය. ජනප්‍රිය පාසල් ක්‍රමය හා අනවශ්‍ය දුර බැහැර ගෙවාගෙන දරුවන් පාසල් යන ක්‍රමය වහා නැවැත්විය යුතුය. රටේ ආර්ථික ය නොව වෙනත් රටක ආර් ථිකය නංවන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව විශාල පිරිවැයක් දරමින් සිටි. ඒ පාසල් පද්දතිය හා අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් සාම්ප්‍රදායික අවගමන කළමනාකරණය කිරීමට නොහැකි වී ඇති බැවිනි.

 

පාසල් පද්දතිය හා ගුරු වෘත්තීය හා උපකාරක පංති  හා නිදහස් අධ්‍යාපනය.

 

purwa4

 

පාසල් පද්ධතිය නාමික නිදහස් අධ්‍යාපනයකට සීමාවී ඇත. පළමු වසරට දරුවකු ඇතුලත් කිරීමේ ක්‍රමවේදය අතිශය දුෂිතය, මිල අධිකය.පාසල් වෙත ගෙවිය යුතු මුදලේ අවමය රුපියල් විසිපන්දහසකි. ලෝකයේ එවන් මිල අධික, දුෂිත නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් නම් දකින්නට නැත. පාසල් වල උගන්වන ගුරු භවතුන් උපකාරක පන්ති වල සේවය කරති.  එකම අධ්‍යාපනය දෙවරක් දරුවාට ලැබේ.  උපකාරක පංතියේදී පාසලේ නොමිලේ ලැබිය යුතු අධ්‍යාපනය මුදල් ගෙවා නැවත ලබා ගනී. මෙවන් අධ්‍යාපන විකෘතියක් නිවැරදි නොකර අධ්‍යාපන ක්‍රමය  නිවැරදි කරන්නේ කෙසේද? ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පාසල්, ගුරුවරු හා අධ්‍යපාන ක්‍රමවේදය තිබෙද්දී ජනතාවට වැටුපෙන් සියයට  25 පමණ එකම විෂය නිර් දේශය ඉගැන්වීමට ගෙවති. මේ විකෘතිය ලිහා ගැනීමට හා නිවැරදි කිරීමට නිර් භීත තීරණ ගත යුතුව ඇත. එවැනි තීන්දු තීරණ වෙනුවෙන් නිවැරදි දේශපාලනයක් අවශ්‍යව ඇත.

 

tuition

 

වෘත්තීය අධ්‍යාපනය

 

මේ සියල්ල සමග නිවැරදි විය යුතු අධ්‍යාපන ක්‍රමවේදය හා විභාග ක්‍රමවේද මෙන්ම, අධ්‍යාපනයේ විෂය මාලා ගැන ගැඹුරු තීරණ වලට එළඹිය යුතුය.වෘත්තීය අධ්‍යාපනය ,මධ්‍යස්ත මට්ටමේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය වයස අවුරුදු 18 ට පෙර ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් පැවතීම වැදගත් ය. ලංකාවේ කර්මාන්තවලට බද්ධ වන වෘත්තීය අධ්‍යාපනය ලාංකේය පුරවැසියාට යහපත්, ගුණාත්මක ජිවිතයක් වෙනුවෙන් සැලසුම් සහ ගත විය යුතුය. උදාහරණයක් ලෙස ලංකාවේ වැසිකිලි පද්ධති වල ගුණාත්මක භාවය පුරවැසියන්ගේ ජීවත්වීමේ ගුණාත්මක බව වැඩි කරයි. වෘත්තීය අධ්‍යාපනය යොමු විය යුත්තේ එවැනි ඉලක්ක වෙතය. සුවපහසු මෙට්ටයක් නිෂ්පාදනය කිරීමට වෘත්තිකයකු නිමවා ගත යුතුය. නැතහොත් සුවපහසු නින්දක් ලැබෙන ජාතියක් ගොඩ නොනැගෙනු ඇත. එකින් එක සැලසුම් කල යුතු ඉසව් බොහෝ ගණනකි. සිරි ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් ඔබට පොල් ගස් නගින වෘත්තිකයකු සැකසීම ද ක්‍රමානුකුලව කල යුතුය.මෙනයින් ලංකාවේ පවතින කාර් මික විද්‍යාල 38 ක් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දහසකට ආසන්න කොටසකින් ජාතියේ අවශ්‍යතාවය සපුරමින් කාර් මික අධ්‍යාපනය ලබා දීමට හා එම අධ්‍යාපනය නිෂ්පාදනයට,ආර්ථිකයට  යොදා ගැනීමට හැකි ක්‍රමවේදයක් නිර් මානය කල යුතුය.

 

වෘ ත්තීය

 

උසස් අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය ගුරු කුලවාදයෙන් හා යාවත් කාලීන නොවූ අධ්‍යාපන විෂයමාලා වලින් ඔබ්බට ගෙනවිත් අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කල යුතුය. විදේශ අධ්‍යාපන ආයතන මේ මොහොතේ රටේ අධ්‍යාපන අවශ්‍යතාවය සම්පුරණ කරමින් සිටි.රජයේ විශ්ව විද්‍යාල වල අඩු පාඩු ඇති නමුත් ඒවා සම්පුර් නයෙන්ම රාජ්‍ය විසින් මුල්‍ය වශයෙන් ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කිරීම වරදකි.අධ්‍යාපනය සැමට විවෘත සේම එයට මිලක් තිබේ. එම මිල දරන්නේ රජයෙන්ද,පෞද්ගලිකවද යන්නට  විවාද තිබිය නොහැකිය. එම මිල චක්‍රීකරණය නොවීම නිසා දාමය බිඳ වැටි ඇත.  උසස් අධ්‍යාපනය දායකත්ව ක්‍රමයට නිර් මානය වීම, වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකම් ස්ථිර කරනු ඇත.

 

උසස්

 

 

වැඩිහිටි අධ්‍යාපනය.

 

රැකියා විරහිත භාවය වලක්වා ගැනීමට වැඩිහිටි අධ්‍යාපනය අවශ්‍ය කරුණකි. වැඩිහිටි සෞඛ්‍ය,ශාරීරික වෙනස්කම්,හා ජිවන රටාව,සෞඛ්‍ය සම්පන්න ලෙස හොඳින් සිටීම වෙනුවෙන් ඇති අධ්‍යාපනය යාව ජීව ව ලැබීමේ පහසුකම් පැවතිය යුතුය.වැඩිහිටි වයසේ ලිංගික අධ්‍යාපනය පවා එයට ඇතුලත් වීමෙන් සමබර බුද්ධිමත් ජාතියක් බිහි කරගත හැකි වනු ඇත. මානසික සෞඛ්‍ය හා බැඳුනු අධ්‍යාපනය අත්‍යවශ්‍ය කරුණකි.

 

අධ්‍යාපනය පුළුල් විෂයකි. සටහනකින් කිව  හැක්කේ දල අදහසක් පමණි. ක්‍රමවේදයන් ට අනුගත වීමේදී මේවා ඉතා කුඩා කුඩා කරුණු දක්වා විස්තීරණය කල යුතුය.යහපත් අධ්‍යාපන ක්‍රමයක් නොමැතිව යහපත් පුරවැසියකු බිහි කල නොහැකිය. සිරි ලංකාව වැනි විවිධත්වය සහිත රටක ත්‍රයි භාෂා පුරවැසි යකු අත්‍යවශ්‍ය අංගයකි. ආගමික අධ්‍යාපනය මධ්‍යස්ත මට්ටමක පැවතිය යුතුය. ලිංගික අධ්‍යාපනය ආගමික අධ්‍යාපනය මෙන්ම වැදගත් කරුණකි.එකිනෙකට බැඳුනු සුමටව ක්‍රියාත්මක වන ජාතික අධ්‍යාපන ක්‍රමවේදයක් හා ප්‍රතිපත්තියක් නොමැතිව ඉදිරියට යා නොහැකිය. ඊළඟට බිහිවන ආණ්ඩු වලදී මේ කරුණු නිවැරදි කරගන්නට හැකි වේවා යි පතමි.

 

@ සුභාෂිණි විෆ්ලර්

විධායක අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය.

නවතම ලිපි