නීතීඥ ශිරාල් ලක්තිලක විසින් ඔහුගේ මුහුණු පොතේ පෝස්ටුවක් මගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරයාට කියා ඇත්තේ
රටේ ආර්ථික අගාධය කළමණාකරනය කිරීම පිළිබඳව ඊට ප්‍රණාමය හිමිවන බවත් එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අත නොතැබිය යුතු බවත් ය.
එසේම ඔහු අවධාරණය කරන්නේ බලය අතික්‍රමනය කරන ලද ඔිනෑම විධායක ක්‍රියාවකට එරෙහිව අධිකරණයට මැදිහත් විය හැකි බවය.
ඔහු පළකර ඇති ලිපිය මෙසේය.
රනිල් ජනාධිපති තුමනි, දෙවියන්ගෙ නාමයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අත නොතබනු! (ශිරාල් ලක්තිලක)
රනිල් රටේ ආර්ථික අගාධය කලමනාකරනය කලේය. එයට අපේ ප්‍රනාමය හිමිවන්නේය. නමුත් දැන් දැන් කරන්නට යන දෙය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යට නම් කෙසේ වත් හිත කර වන්නේ නැත.
එම නිසා මෙම උත්සාහය ඔහු විසින්ම නතර කල යුතුය. එසේ නැති නම් පරාජය කල යුතුව තිබේ.
අද පාර්ලිමේන්තුවේදී අගමැති වරයා හරහා ඉදිරිපත් කල ඔබ ඉදිරිපත් කල මතය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හෙලා දැකිය යුතුව තිබේ.
රනිල් ජනාධිපති, ප්‍රජාතන්ත්‍රය පිලිබඳ සමාජ කතිකා වියවුල් කරන්න උපන් ගෙයි හපනෙකි. රනිල් පසුගිය කාලයේදී වියවුල් කරන්නට පටන් ගත් එක කේෂේත්‍රයක් වන්නේ අධිකරනය සතු ස්වභාවික බලතල පිලිබඳ කතිකාවයි. කලක් තිස්සේ රනිල් කියාගෙන යන්නේ අධිකරනයට විධායකයට හා ව්‍යවස්තාදායකයය ඇඟිලි ගහන්න බැරි බවයි. එම තර්කයේම දිගුවක් ලෙස ව්‍යවස්තා සභාව විධායකයේ කොටසක් බවත් රනිල් කියා සිටී. මෙම සියළු කතා හරසුන් ප්‍රලාපයන් වන්නේය.
මේ සියල්ල තම බලය ස්ථාවර කර ගැනීමට ඉවහල් වන ප්‍රකාශ මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කරන්නට ඉවහල් වන ප්‍රකාශ නොවන්නේය.
ව්‍යවස්ථාදායක සභාව යනු ආන්ඩුක්‍රමයේ පවතින තුලන සහ සංවරනයේ කොටසක් මිසක් විධායකයේ කොටසක් නොවේ. ඒ බව සහතික කොට කියන්නේ ලිබරල් රාජ්‍ය ක්‍රමයේ පලමු මුලධර්ම (first principles of liberal constitution) මගිනි.
රනිල් මේ කරමින් සිටින්නේ තම බලය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පවතින මුලික අවශ්‍යතා නිශේදනය කිරීමකි.
රනිල් අතීතයේදී පවසා තිබුනේ තමන් Latima මුලධර්ම වලට අනුගත වෙන බවයි. නමුත් දැන් කියන කරන දැ මුළුමනින්ම එසේ එකඟවු latima මුලධර්ම වලට පටහැනි බව කිව යුතුව තිබේ.
ඒ අනුව ගම්‍ය වන්නේ රනිල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් වියෝවී වෙනත් ගමනක් යන බවද?
අපට අනුව රනිල් පෙන්වමින් සිටින්නේ තමන් ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයකට යන ගමනක ආරම්බක රෝග ලක්ෂන පෙන්නුම් කරමින් සිටින බවකි.
එදා මහින්ද හෝ ගෝඨාබය ඒකාධිපති බලය ජනාධිපති අතට කේන්ද්‍ර කරගන්නා ව්‍යවස්ථා ගෙන එනවිට අපද ඊට එරෙහිවුයේය. එදා රනිල් හිටියෙත් අප සිටි තැනය.නමුත් දැන් රනිල් පෙන්නුම් කරමින් සිටින්නේ ඉතා සුක්ෂම ලෙස තමන් වටා ඒකාධිපති බලයක් ගොනු කරගන්නට කටයුතු කරමින් සිටින බවකි.
මෙය ලාංකික දේශපාලනඥයන්ගේ ජානගත දුර්වලකමකි. විපක්ෂයේදී ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් ලෙස පෙනීසිටියද බලය ලබා ගත් පලමු පැයේ සිට දඟලන්නේ ඒකාධිපතියකු වීමටය. මේ ලක්ෂනය අනාගත ජනාධිපතිවරුන් සියල්ලන්ටම එකසේ අදාල වන්නේය.
රාජ්‍ය පාලනයක් තුල පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ අංග 3 ක ක්‍රියාකාරීත්වය රටේ දේශපාලනයට සෞඛ්‍යට තදින්ම බලපාන්නකි. එනම් පාලනයට පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්, එම ව්‍යූහයන් තුල තීරන ගන්නා ක්‍රියාපටිපාය, හා එම තීරන ගැනීමේදී අදාල කරගන්නා දේශපාලනමය/ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප යන රටේ දේශපාලනයට තදින්ම බලපාන්නාවු තෙවැදැරුම් ලක්ෂන වන්නේය.
දැන් දැන් රනිල් ජනාධිපති තුමන් පෙන්නුම් කරන්නේ තමන් රාජපක්ෂලා මෙන් ව්‍යුහය වෙනස් කිරීමට අත නොගසා එහි කාර්යපටිපාටිය අවුල් කිරීමෙන් විධායකයේ බලය තවදුරටත් තමන්වෙත සංකේන්ද්‍ර කරගත හැකි බවට සිතන බවයි.
උදාහරනයකට අධිකරනය හෝ පොලිසිය වියවුලට පත් කිරීමෙන් තම බල අරමුනු ඉටුකරගත හැකි බවය. මෙම උත්සාහය තව තවත් ඈතට ගමන් කල හැකිව තිබේ.
මෙම උත්සාහය පලමුව අධිකරනයේ විනිසුරන් පත් කිරීම අරබයා අත්හදා බැලු රනිල් දැන් පොලිස් පති ධුරය අරබයාද අත් හදා බලන්නට කටයුතු කරමින් සිටින බවක් පෙනේ.
නමුත් රනිල් මහතා විදින්නේ පඳුරකට බව පෙනුනේ වුවද සැබෑ ඉලක්කය වන්නේ හවා වන අධිකරනය බව පැහැදිලිය. එතුමන් එය ආරම්බ කලේ කාන්තා අයිතිවාසිකම් පිලිබඳ පනත පිලිබඳ අධිකරනමය මතය පාර්ලිමේන්තුව තුල අභියෝග කරමිනි. ඉන් පසුව ඉව ඇල්ලුවේ නව අගවිනිසුරු වරයකු දෙසැම්බරයේදී තම අභිමතය පරිදි පත් කරගැනීමටය. ඒ සඳහා උත්සාහ කලේ නිතිපති ගේ ධුරය මාස 06 කට ව්‍යවස්තා සභාව හරහා දික් කොටගැනීමටය.
එම ගමන් මාර්ගයේම යමින් දැන් රනිල් තමන්ගෙ බර අවි ඔසවා ඇත්තේ IGP තනතුරේ ක්‍රියා කිරීම ශ්‍රේෂ්ඨාධිකරනය විසින් වාරනය කිරීමට එරෙහිව. තම අගමැති හරහා රනිල් කියන්නෙ වාරනය තාවකාලික නිසා දේශබන්දු තවමත් පුටුවේ සිටින බවත්,ඒ නිසා වැඩබලන පොලිස් පති වරයෙකු පත් කිරීමට ජනාධිපති වරයාට බලයක් නැති බවයි. මෙය පැහැදිලිවම රට වියවුලට යැවීමේ අරාජික අර්ථ දැක්වීමකි. එය ඉහතින් දැක්වු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියා පටිපාටිය අවුල් කිරීම සඳහාම ඉදිරිපත් කරන තර්කයකි.
විනිසුරන් පත් කිරීම හබ කල විට රනිල් මානව හිමිකම් නඩුවක අතුරු තහනම් නියෝගයකට මුවා වී ඉහල අධිකරනවලට විනිසුරන් පත් කිරීම සම්පුර්නයෙන්ම නතර කර දැමුයේය. එම හැසිරීම නිසා සමස්ත අධිකරන පද්දතියම අද අකර්මන්‍ය වී තිබේ.
පොලිස් පති ධූරය අරබයා රනිල් අනුගමනය කරන්නට උත්සාහ දරන්නේ ඉහත පිලිවෙතම වන බව අගමැති වරයාගේ කතාවෙන් පැහැදිලි වන්නේය.
මෙවැනි පසුබිමක අපට රනිල් ජනාධිපති වරයාගේ දර්ශනය ගැනද කතා කරන්නට සිදු වෙන්නේය. එය පදනම් වන්නේ, රනිල් රටේ ආර්ථිකය පිලිබඳව දරන චින්තනය අනුසාරයෙනි. ඔහු සිතන බව පෙනෙන්නට තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් තමනට ඒ සඳහා ඒකාධිපති බලතල අවැසි බවය. ඔහුගේ චින්තනය දැන් එසේ නම් යම් හෙයකින් ඔහු ජනතා චන්දයෙන් පත්වුන පූර්ණ බලැති ජනාධිපති ලෙස පත්වුවහොත් කුමන තත්වයකට රටේ පාලනය ඇද වැටෙනු ඇතිද යන කුකුස අප තුල ඇතිවන්නේය.
අප එකල බිය වුයේ ගෝටාටය. නමුත් රනිල් සැබෑ ලෙසම එම බිය අප තුල ඇති කරවමින් තිබේ.
ආර්ථිකය ගොඩදාන්නට ඒකාධිපති බලතල අවැසි වන්නේය යන චින්තනය පැරනි චින්තනයකි. එය දකුනු කොරියාවේද, තායිවානයේය, මලයාසියාවේද සිංගප්පුරුවේද 60 දශකයේද අත්හදා බැලු සංකල්පයකි. නමුත් ඒ සඳහා ඒ ඒ රටවල් දැරු මානව වියදම ඉතා ඉහලය. එම නිසාම 21 වන සියවස තුල විශේෂයෙන්ම කාර්මික විප්ලවයේ හතරවන කාර්තුව තුල ආර්ථිකයක් ගොඩගැනීමට ඒකාධිපතිත්වයක් යොදා ගැනීම අතහදා නොබැලිය යුතු උත්සාහයක් වන්නේය. විශේෂයෙන්ම ලංකාවට නම් සිතන්නටවත් උත්සාහ නොකල යුත්තකි.
නැවතත් අගමැති ගේ ප්‍රකාෂය වෙත යොමු වන්නේ නම් අපට කිව හැක්කේ බලය අතික්‍රමනය කරන ලද ඔනැම විධායක ක්‍රියාවකට එරෙහිව අධිකරනයට මැදිහත් වෙන්න හැකි බවයි. IGP ට එරෙහි අතුරු තීන්දුව මගින් කියවෙන්නේ නඩුවක් අසා නිමවී ලබා දෙන අවසාන තීන්දුවක් අපතේ නොයෑම සඳහා ලබා දෙන තාවකාලික නියෝගයක් බවයි. එසේ නිකුත් කරන්නේ දේශබන්දුට එරෙහිව බැලු බැල්මට නඩුවක් තිබු හෙයිනි. ඒ කියන්නේ හෙට නඩුව අසා නිම කරන ලද්දේ වුවද දේශබන්දුගේ තනතුර අහිමි වීමට ඉහල සම්භාවිතාවක් ඇති බවකි.
එසේම එම අතුරු තීන්දුවෙන් අදාල පුද්ගලයා එම තනතුර දැරිම නිශ්ක්‍රිය කරලනු ලැබ තිබේ. එසේම එම අතුරු තීන්දුව ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න පිලිබඳවත් අධිකරනය නියෝග කොට තිබේ. වැඩ බලන පොලිස්පති පත් කිරීමේ කාර්ය පටිපාටිය ඉතා පැහැදිලිය. දැන් ජනාධිපතිට තිබෙන්නේ කාර්යපටිපාටිය අනුගමනය කිරීමට මිස අගමැතිවරයා ලවා වහසි බස් කීමට නොවේ.
යම් නීතියක් හෝ විධායකයේ ක්‍රියාවක් අර්ථ නිරුපනය කිරීමේ බලය තිබෙන්නේ ඉහල අධිකරනයන්ටය. එම බලය විධායකයට හෝ ව්‍යවස්තාදායකයට නැත. අගමැති කියනවනමු අවුලක් තිබෙනවා කියලා එක්කෝ මොවුන් නැවත අධිකරනයට ගොස් ඒ පිලිබඳව නව අර්ථ නිරුපනයක් ඉල්ලා සිටිය යුතු අතර එසේ නොමැති නම් නව පනතක් හෝ ව්‍යවස්තා සංශෝදනයක් ගෙනැවිත් තමන් මතු කරන හිස්තැන මඟහරවන්නට කටයුතු කල යුතුව තිබේ. ඒ කිසිවක් නොකොට අගමැති වරයා හරහා ජනාධිපති වරයා විසින් කොස් ඇට බාන්නට දරන උත්සාහය පරාජය කල යුතුය.
දෙවියන්ගෙ නාමයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අත නොතැබීමට අප සියළු දෙනා වග බලා ගත යුතුව තිබේ.
@Shiral Lakthilaka fb page