SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්  විසින් අද(04) හමුවේදී

සිදුකරන ලබන  ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යනු ඇත.

 

 

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක  ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු හමුවීමට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ එස්. ජෙයශංකර්ය.

 

 

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ 'අසල්වැසියා  පළමුව' යන  ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලීව,  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට දෙරටේ හවුල්කාරී  කැපවීම ජෙයශංකර්ගේ සංචාරය අවධාරණය කරනු ඇති බවය.

 

 

මෙම සංචාරයේදී ජෙයශංකර් ශ්‍රී ලංකාවේ ඉන්දීය අරමුදල් සපයන ව්‍යාපෘති සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග  පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ජෙයශංකර් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී , සුපුරුදු පරිදි  ශ්‍රී ලංකා රාජ්‍ය නායකත්වයට  සාකච්ඡා සඳහා නවදිල්ලි නුවරට පැමිණීමට නිල සංචාරයක් ලබා දෙනු ඇත.

 

 

ඒ අනුව ජනාධිපති දිසානායක ප්‍රථමයෙන් නවදිල්ලි නුවරට ගොස් පසුගිය ජනාධිපතිවරුන්ගේ මෙම 'සම්මතය' රකිනු ඇත.

 

 

දින නියම කර නැතත් ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

 

 

 

marrikkar

නවතම ලිපි