SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාන් කාලක් පරිප්පු කරියකුත් එක්ක කෑවම කැලරි 500 - 600 ක් අතර ගාණක් ඇඟට වැටෙනවා.

(පාන් කාලක කැලරි 275 ක් සහ පරිප්පු කරි පීරිසියක කැලරි 320 ක් විතර තියෙනවා.)

 

 

ගල් අරක්කු කාලක් සිසිල් බීම මිලිලීටර් 400 කුයි බයිට් එකට චිකන් ඩෙවල් ප්ලේන්ටි එකකුත් එක්ක බිව්වොත් කැලරි 830ක් විතර ඇඟට වැටෙනවා . ( සැර 33.5% අරක්කු කාලක කැලරි 65ක් තියෙනවා. සිසිල් බීම මිලි 400 බෝතලයක කැලරි 165ක් සහ චිකන් ඩෙවල් ප්ලේට් එකක කැලරි 600 ඉක්මවායන ගාණක් තියෙනවා.)

 

 

එතකොට කලින් විදියට ගල් කාලක් බීලා පාන් කාලක් කෑවොත් කැලරි 1300ක් විතර ඇඟට වැටෙනවා.

 

 

දවසකට සාමාන්‍ය මණුෂ්‍යයෙකුට ඕන වෙන්නේ කැලරි 1900- 2000ත් අතර ප්රමාණයක්. කැලරි වැඩියෙන් ඇඟට ලැබුනාම ඒ වැඩි ශක්තිය අක්මාවේ තෙල් හදා ගන්නවා. වැඩි වෙච්චි එනර්ජි ඇඟ පත මහන්සි කරල බර්න් කර ගත්තෙ නැති වුනාම කාලයක් ගියාම ලිවර් එකේ ෆැට් වැඩිවෙලා ලිවර් එක ඩැමේජ් වෙනවා .

 

 

බඩවල් පස්සවල් අත් ගොබ මහත් වෙනවා. තඩි බඩකුයි දියවැඩියාවයි ප්රෙෂරුයි කොලෙස්ටරෝලුයි තමයි අන්තිමට උරුම වෙන්නේ.

 

 

@Gemunu Saliya