SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට

කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ ව කරුණු දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබුණි.

 

 

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙසත් නියම කර තිබුණි. එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය විසින් කළ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබීය.

 

ඊට අදාළව කරුණු දැක්වීම සඳහා නිලන්ත ජයවර්ධන ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අධිකරණය හමුවට පැමිණ තිබුණි.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත්දා නිකුත් කළ නොතිසියකට අනුව නිලන්ත ජයවර්ධන අද අධිකරණයේ පෙනී සිටියේය. 

 

එහිදී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් ඔහුට මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි. 

 

කෙසේ වෙතත් මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ හිතමිත්‍රයින් ඉදිරිපත් වී ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල් සොයාදීමට කටයුතු කර ඇති බවත් එම මුදල් අද (07) දින බැංකුව හරහා හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියේය.

 

ඒ අනුව අධිකරණ නියෝගයට අවනත වී අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කරන හෙයින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු විභාගයක් පවත්වාගෙන නොයන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

 

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය  විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුවන්ට ලබාදුන් කාලය මේ වනවිටත් ඉක්මගොස් ඇති බවයි.

 

කෙසේ වෙතත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද පස්වරු 1.30ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළේය.

 

 

marrikkar

නවතම ලිපි