SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම

ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.

 

 indian army in sri lanka

 

ඔහු විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද The India way (ඉන්දීය මාවත) නැමති ග්‍රන්ථයෙහි මෙම ප්‍රකාශය ඇතුළත්ය. පාත්ෆයින්ඩර් පදනම සිංහලට පරිවර්තනය කරන ලද ‘ඉන්දීය මාවත’ ග්‍රන්ථයෙහි ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සටහන් කිහිපයක්ම ඇතුළත් වෙයි.

 

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව පාමුලම අභියෝගයක් වූ බව ඔහු පවසයි. එහිදී මෙරට වාර්ගික ගැටලුව පිළිබඳව කනස්සල්ලෙන් ඉන්දියාව විසින් සහතික කරන ලද විසඳුමක් ගෙන ඒමට උත්සාහ දරන ලදී. ආරම්භයේදීම එය වැරදී ගියේය. එහෙත් එය සුළුපටු පියවරක් නොවූ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 unnamed

 

එසේම ශ්‍රී ලංකාවේ සාමසාධක මෙහෙයුමට ඉන්දියාව මහන්සි වුවද ඊට ලැබිය යුතු අවධානය ලැබුණේ අඩුවෙන් බවද විදේශ අමාත්‍යවරයා සිය ග්‍රන්ථය මගින් අවධාරණය කර තිබේ.

 

විදේශ කටයුතු විෂයෙහි ලෝකයම පිළිගත් විද්වතකු වන ආචාර්ය ජයශංකර් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට මෙයට වසර 37 කට පෙර ඉන්දියාව කළ මැදිහත්වීම ගැන පළ කළ මෙම අදහස් බෙහෙවින් ආන්දෝලනාත්මක බව සඳහන් කළ යුතුය.

 

28 page6 S2 5 

 

@deshaya

marrikkar

නවතම ලිපි