ලාල්කාන්තට කිරිකෝඩු කෙනෙක් ගැන හිතක් පහළ වෙලා..
කිරිකෝඩු ඉන්නවලු නිකං ජම්බු ගෙඩිය වගේ..
පහුගිය දවසක ජාතික ජන බලවේගෙ ලාල්කාන්ත සහෝදරයට ඔන්න ආල හිතක් පහළ උනාලු.
ලාල්ගෙ වචනවලින්ම කියනව නම් ජම්බු ගෙඩියක් වගේ කෙල්ලෙක්ටලු..
අපි නම් දන්නෙ නැහැ.. ඒක ගැන කියන්නෙ ලාල්ම තමයි..
ඔන්න එයා ගිහින් තියෙනව මැතිවරණ ප්රචාරක කටයුතුවලට..
පාර දිගේ එයාගෙ වාහනය දාවනය වෙද්දි එකපාරටම ලාල් ගෙ හිත බ්රේක් ගහල.
ඒ කියන්නෙ එකපාරටම පාරෙ තිබුණු ලොකු පින්තූරයක් ලඟ හිත නතර වෙලා..
ඒ ගැන ලාල් කියන්නෙ මෙහෙම..
“මහනුවර දිස්ත්‍රික්කෙ අපිට මන්ත්රීකම් තියෙනව හයක්.
එහෙනම් අපි තව දෙකකට ට්‍රයි කරමු.
දෙකක් අරගොල්ලන්ටත් තියමු.
කිරිකෝඩු සිතට ආල නුඹේ දෑස යා උනා..
එයාටත් පොඩ්ඩක් තියමු..
හැබැයි ෆොටෝ එක ටිකක් ගතිය
ක් තියෙනව නේ?
මම වාහනේ නතර කරලත් බැලුව..
ඉන්නව නිකං ජම්බු ගෙඩිය වගේ..
මාත් තවම කොල්ලෙක්නෙ, තරුණයෙක්නෙ තාම..
මට නිකං බලන්නම හිතුන.
මම රියදුරු මල්ලිට කිව්ව පොඩ්ඩක් නතර කරපං..රිවර්ස් කරපං කියල..
ඇත්තටම බැලුව..
දැන් ඔය අක්කටත් බලන්න හිතුනනම් මට බලන්න හිතිච්ච එක සාධාරණ නැද්ද?”
ලාල්කාන්ත මේ කියන්නෙ මෙදා පාර මහනුවරින් හාහා පුරා කියල තරඟ කරන කිරිකෝඩු කිරිඇල්ල ගැන.
ඒ කියන්නෙ සමගි ජන සන්දානයෙන් තරඟ වදින චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ලයි.
මොනව උනත් මෙදා පාර මාලිමාවෙ වාරෙ උනත් ලාල් කිරිකෝඩු වෙනුවෙන් එයාගෙ මනාපය දෙන්න තීරණය කරල.
එයා එයාගෙ පාක්ෂිකයින්ටත් කියනවා කිරිකෝඩුව මෙදා සැරේ පාර්ලිමේන්තු ගේන්න මනාපයක් දෙමු කියල..
අනේ ඉතිං ලාල්..
ලාල් තමයි අපි දැක්ක මාලිමාවේ සජීවීම කාඩර්වරයා, සහෝදරයා, කොටින්ම තරුව..
ලාල්ට කිරිකෝඩු එක්ක දියවන්නාව තරණයට සුභ පැතුම්..
ලාල් මේ අරගෙන එන්නෙ අලුත් දේශපාලන සංස්කෘතියක්..
ලාල් දේශපාලනය කරන විදිහ හුඟාක් මාලිමාවන්ට දිරවන්නෙ නැහැ..
ඒත් ලාල් කියන්නෙ ඒ දිරවන්නෙ නැති මාලිමාවන්ට වැඩිය දේශපාලනයේ කරක් ගහපු, කට්ට කාපු කාඩර්වරයෙක්.
එයාට දේශපාලනය කියන්නෙ රණ්ඩු විතරක් තියෙන තැනක් නෙවෙයි..
විරෝධය විතරක් තියෙන තැනක් නෙවෙයි..
ඒක එයා ආශාවෙන්, ආදරයෙන්, වගේම උද්ඝෝෂනකාරී විදිහටත් සමරන තැනක්..
විප්ලවය කියන වචනය නිතර මතුරන්නෙක් වෙච්ච ලාල් මේ වෙද්දි මාලිමාවේ අවංක ම ලිබරල්වාදියා.
අන්න ඒ හින්ඳ ලාල්ගෙ මේ කතාව , ඒ වචනවලට විතරක් සීමා නොවී අපි ගන්නවා..
මොක උනත්
කිරිකෝඩුත් මෙවර දියවන්නාවට යන එක
කිරිගහට ඇන්නැහෙ ඇත්තක් වෙයි වගේ..
ඒ කතා මොනව උනත් ලාල් ඔය ජම්බු ගෙඩිය අරව මේව කියන්නෙ බලාගෙන හොඳේ..
දන්නවනේ අර ඔයාලගෙ හරිනි නෝනල ඉස්සරෝම කාලෙ හිටපු ස්තිරිවාදයෙ නෝනල ටික පත්තු වෙයිද දන්නෑ නොවැ..
ඔන්න හරිනෙ එහෙනම්...
මෙන්න ලාල්ගෙ හිත පැහැරගත්ත කිරිකෝඩු කිරිඇල්ලගේ ඒ පින්තූරයත් තෑග්ගකට..
@ලාල්ගෙ කොලම