SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දහතුන් වන සංශෝධනයට එහා ගිය බලයක් උතුරු නැගෙනහිරට ලබා දිය යුතු බව

ජාතික ජනබලවේගය ජයග්‍රහණයක් තබා 5% ක වත් ජනමතයක් නොමැති මොහොතක පළමු වරට ප්‍රකාශ කලේ හරිනි අමරසුරිය ය.

 

ජාතික ජන බලවේගය එම ප්‍රකාශයත් සමග ම දේශපාලනයේ ඉදිරියට ආ හැටි අපට බලා සිටින්නට හැකි විය. අරගලය බිහි විය. අරගලය විසින් සිදු කරන ලද දේශපාලන පරිවර්තනය ධනාත්මක හා ඍනාත්මක වශයෙන් සියුම්ව අධ්‍යයනය කල හැකිය. දැන් එළඹ ඇත්තේ අරගලය විසින් බිහි කරන ලද පශ්චාත් අරගල කාලයට ය. එම කාලය දිගු වන්නේ බෙදුම්වාදය හා ඉන්දීය වාදය වෙතය.

 

 

ශ්‍රී ලංකාව වසර 30 ක යුද්ධයක් අවසන් කරන ලදී. එහි ලකුණු රාජපක්ෂලාට ගියද වැඩිම ලකුණු ප්‍රමාණය හිමිවන්නේ CBK ට හා රනිල් වික්‍රම සිංහටය. කෙසේ නමුත් ඒ වසර තිහම ලෝකයේ බල කඳවුරු පැහැදිලිව ලාංකීය කතෝලික සභාවේ හා දෙමල කොටි ඩයස්පෝරාවේ බලපෑම මත හා අවශ්‍යතාව මත පෙනී සිටියේ බෙදුම්වාදය වෙනුවෙනි.

 

 

ඒ බෙදුම්වාදය පරාජය කිරීමට සේද මාවතේ සාර්ථකත්වය වෙනුවෙන් චීනය මැදිහත් විය. ඒ මුහුදු කොටි නිසා අපේ මුහුදු තීරය විදේශීය බලපෑම් වලින් බේරී තිබුණි බැවිනි. චීනයට අවශ්‍ය වුයේ නිදහස් මුහුදු තීරයකි. සේද මාවත වෙනුවෙන් ඔවුනට අපේ රට අවශ්‍ය  විය. ප්‍රභාකරන් එයට බාධාවක් විය. කෙසේ නමුත් යුද්ධය පරාජය වීම, හා කිරීම කොටි ඩයස්පෝරාවට ලැබුණු දරුණු හීන මානයක් විය. ලංකාව සියලු භූ දේශපාලනයන් ගසා වසා දමා යුද්ධය පරාජය කිරීම ඉන්දියාව ඒ මොහොතේ භූ දේශපාලනයේ මධ්‍යස්තව සිටියද ගනු ලැබුවේ විශාල අභියෝගයක් ලෙසිනි. ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ජාතිය නැවත වරක් ඉන්දීය හා ලෝක බලපෑම ඒ සිද්ධියෙන් තරණය කර තිබුණි. සිංහල-බෞද්ධ ශ්‍රී ලාංකේය රාජ්‍ය බලය හිස ඔසවමින් තිබුණි. පරාජය කල නොහැකි ජාතියක් බවට තේරුම් ගිය ඒ ජවය භූ දේශපාලනය ඉවසුවේ නැත. ඔවුනට අවශ්‍ය වුයේ ශ්‍රී ලංකාව කඩා වැටුණු රටක් ලෙස තවත් දශක දෙකක් වත් ඇදගෙන යාමය. දැන් දශක එකහමාරක් ගත වී තිබේ. එයින් පසු එළඹෙන්නේ වසර තිහක යුද්ධයකින් පසු දිනා ගැනීමට නොහැකි වූ වෙනම රාජ්‍යයේ යථාර්තයය.

 

 

කොටි ඩයස්පෝරාව (දමිල සමස්ත ඩයස්පෝරාව නොවේ) මේ සඳහා දිගු කාලීන සැලසුමක සිටිමින් භූ දේශපාලනය කළමනාකරණය කළේය. ඔවුන් ලෝකයේ රාජ්‍ය නායකයන් ගේ මැතිවරණ වලදී අත දිගහැර වියදම් කල අතර තම ප්‍රජාවගේ චන්ද කේවල් කරමින් ඉල්ලීම් දිනා ගනිමින් තම අරමුණ වෙත යමින් තිබේ. ඔවුන් කිසිදිනක තම ප්‍රජාව විදේශයන්හිදී තනි කලේ නැත. එකමුතුව තුන් වන පරම්පරාවට පවා දමිල භාෂාව උගන්වමින් තම උරුමය වෙනුවෙන් දශක ගණනක් අද දක්වාම මෙහෙයවෙයි. හෙටද එසේ වනු ඇත.ගෝටාභය ගේ දුර්වල පාලනය අරාබි වසන්තයක් මෙන් ලංකාව සුණු විසුනු කරනු ඇතැයි ලියා තැබීමි. ජුලේ චන්ග් ලංකාවට පැමිණෙන විට ලංකාව් උඩු යටිකුරු කරන බවද  ලියා තැබීමි. මේ කරුණු දෙකම අද වන විට සිදු වී ඇත.

 

 

අරගලය බිහි වීමට ඇමෙරිකානු බලපෑම හා පෙර සුදානම් කිරීම, මාධ්‍ය මෙහෙයවීම යහමින් ම තිබුණි. ගෝටා-බය ඇවිලෙන ගින්නට තෙල් පෝලිම් පිටින් ඉස දැමුවේය. අරගලය ට කොටි ඩයස්පෝරාවේ සහය ද හොඳින්ම තිබුණි. එසේම ප්‍රගතිශීලි ජනතාවගේ ද සහය ලැබුණි. කොටි ඩයස්පෝරාව හා ගෝලීය දෙමල ෆෝරමය මෙය ඉතා හොඳින් කළමනාකරණය කරන ලදී. එනම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ගොඩ නැගීම හා බලය ඇල්ලීම ය.

 

 

ඒ සඳහා ඔවුන් භාවිතා කල අනෙක් උපක්‍රමය වුයේ ලංකාවේ අලුත් දේශපාලන ප්‍රවාහයන් වෙනුවෙන් ගොඩ නැගෙන, මාලිමාවට අභියෝගයක් විය හැකි චරිත අල්ලා ගෙන සිටීමට පුද්ගලයන් යෙදවීමය. ඔවුන්ගේ දේශපාලන ගමන් මග අවහිර වන සේ නොමගට ඇදීමය. ගෝලීය දෙමල ෆෝරමය ලංකාවේ භික්ෂුන්ට පඬුරු පාක්කුඩම් දෙමින් හිමාලයන් යනුවෙන් කුමක්දෝ ලියවිල්ලක් ද සකස් කරන ලදී. මේ සියල්ල තුලින් ගෝලීය දෙමල ෆෝරමය රට තුල මාලිමාවට විරුද්ධ විය හැකි සියලු බලවේගවල කට වසා දමනු ලැබුණි. අනෙක් අතින් ඇල්ලී රාජා කුඩා කුඩා පක්ෂ වලට හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ට මුදල් විසි කරමින් අනෙක් සියල්ල වෙනුවෙන් කතා කලද බෙදුම් වාදයට විපක්ෂව හැසිරෙන්නේ නැති තැනට ගෙන එන ලදී. එම කුඩා පක්ෂ හා සිවිල් සංවිධාන වල මෙහෙයවන්නා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් දැන් වේගයෙන් කරලියට පැමිණ තිබේ. පාස්කුව ලංකාවේ බුද්ධි අංශ මත පවරා සෝදා හැරීමට ඔහුගේ සහෝදරයා පොතක් ලියා තිබේ.

 

 

මේ සියළු සිද්ධි කුළු ගැන්වුයේ මාලිමාව බලයට ගෙන ඒම සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය  රාමුවෙන් පිටතට නොයා පවත්වාගෙන ආරක්ෂා වීමට ය. ඒ සඳහා මාලිමාව පොරොන්දු වූ පරිදි අවශ්‍ය නිලධාරීන් පත් කර දී තිබේ. කෙසේ නමුත් රටේ බොහෝ පුද්ගලයන් කොටි ඩයස්පෝරාවේ මුදලට විකිණී ඇත. දැනට බලපෑම් කල හැකි රුපවාහිනි නාලිකාවන් හා යු ටියුබ් වේදීන් බහුතරයක් ඇල්ලී රාජාගේ බලපෑම් මත ලංකාවේ ජනමතය සකසා ඇත. දැන් උතුරු-නැගෙනහිරට වෙනම රටක් දීම ට එරෙහි වීම වෙනුවෙන් මහා නායකලා වත් නැගිටින්නේ නැත. ඒ කොටි ඩයස්පෝරාව ඉන්දියාව හරහා බුදු දහමේ උන්නතියට ඩොලර් මිලියන 15 ක් ලබා දී මහනායකලා තෘප්ත කර ඇති බැවිනි. මිහින්තලේ තැන ඇල්ලී රාජගෙන්ද මුදල් ගැනීමට සිව්ල් සංවිධාන ඔස්තාඩ් ලා ගෙන්වා ගෙන මාධ්‍ය සාකච්චාවක් පවත් ව තිබුනේය. ඒ අනුව ඇල්ලී රාජා තම මුදල් මත ශ්‍රී ලාංකීය හඬ වෙනස් කරන ලදී. ජනමතය වෙනස් කරන ලදී. මේ මවා පෑම හරියටම ඔබට වැටහෙන්නේ තවත් දශකයක් ගත වූ පසුවය.

 

 

ඒ අතරේ කැනඩාව, එංගලන්තය  සංචාර වලදී අනුර කුමාර දිසානායකට වැඩිම අනුග්‍රාහක දායකත්වයන් ලබා දෙමින් ඔවුන් පවතින ආණ්ඩුව සමග ඉතා හොඳ සැලසුම් සහගත සම්බන්ධකමක් සකසා ගන්නා ලදී. කොටි ඩයස්පෝරාවේ උන්ඩියල් ගණුදෙනු IMF යෝජනා සමග අවහිර වන විට එතැනට ඔවුන් දේශපාලන පක්ෂ යොදාගන්නා ලදී . ඒ අතරේ එංගලන්තයෙන්, අමෙරිකාවෙන් කොටි ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් විශාල යු ටියුබ් මාධ්‍ය සමග සුඛෝපභෝගී ජිවිත පෙන්වමින් කොළඹ ස්ථාපිත කරන ලදී. ඔවුන් ඇල්ලී රාජා සුභාෂ්කරන් ගේ මෙහෙයුමේ සිටින බව අපට අවබෝධ වී තිබුණි. අද රන්ජන් රාමනායක සමග ඇල්ලී රාජා දේශපාලන කඳවුරේ සිටින චරිත දෙස බලන විට අරගලයේ හෑෂ් ටැග් කර් නර්, අදිසි ධනවතකු ලෙස පෙනී සිටින ත්‍රිත්ව පුරවැසි නිශ්ශංක හා ඔවුන්ගේ මාධ්‍ය චැනල මෙතෙක් හා ඉදිරියට කටයුතු කරන්නේ අල්ලි රාජා ප්‍රමුඛ කොටි ඩයස්පෝරා මුදලින්, ඔවුන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් බව පැහැදිලිය. වසර ගණනක් හැංගි හැංගි වෙස් බැඳ දැන් ඔවුන් මේ මැතිවරණයේ එළිපිට ඇල්ලී රාජා ගේ පක්ෂයෙන් චන්දය ඉල්ලීමට ඉදිරිපත් වී සිටිති. රන්ජන් රාමනායක හෙලිකොප්ටර් වලින් ගොස් චන්දය කරන්නේ ඔවුන්ගේ මුදලිනි. රන්ජන් නියෝජනය කරන කතෝලික ප්‍රජාව හා ඔහු විශේෂිතව නියෝජනය කරන මැල්කම් කුලකය සහය දක්වන්නේ ඉතිහාසයේ සිට බෙදුම් වාදයට ය.

 

 

අරුගම්බේ ආරක්ෂක කරුණ දියත්වන්නේ තුර්කියේ ආයුධ නිපැයුම් හලට එල්ල වන ත්‍රස්ත ප්‍රහාරයට සමගාමීවය. එහෙත් එයින් සිදු වුයේ උතුරු නැගෙනහිර කාටත් නොදැනී නැවතත් යුධමය තත්ත්වයට සමාන තත්ත්වයක් ගොඩ නගා ගැනීමය. දකුණේ මිනිසුන් පළමුව උතුරෙන් ඈත් කිරීම සිදුවෙයි. සංචරාක ආදායම් නැති වීම නිසා පිඩනයට පත්වෙයි. දැන් එහි මිනිසුන් නැවත අධීක්ෂණයට ලක්වේ. මේ පීඩනය නැවත උතුරේ මිනිසුන්ට දැනට කිසිදු උවමනාවක් නැති බලෙන් දෙන්නට හදන වෙනම රාජ්‍ය හැඟීම නුදුරේදීම ඇති කරවනු ඇත.

 

 

එයින් පසු සැලසුම් සහගත පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාන ගත වී ඇති පරිදි වෙනම රාජ්‍යක් වෙනුවෙන් කටයුතු සම්පාදනය වනු ඇත. එයට ආණ්ඩුව සුන්දර වචන පෙළක් දැනටමත් සොයාගෙන ඇතිවාට සැක නැත. සරල බහුතරයක් වත් නොලැබෙන ආණ්ඩුවට සජිත් කලින්ම සහය දීමට කැමැත්ත පළකර තිබේ. රන්ජන්ලාගේ කඳවුර, ඉන්දීය සහය ලබන දිලිත් විසින් (ජාතික වාදීන් උරාගෙන හලා දැමීමට) ගොඩ නැගු කඳවුර මේ සියල්ල සහය දක්වන්නේ ඊළඟ බලතල බෙදීමේ නාමයෙන් දියත්වන උග්‍ර බෙදුම්වාදී තීරණයකට බව පැහැදිලිය. ඒ අනුව ඊලඟ පාර්ලිමේන්තුව ජාතික වාදීන් නැති එකකි. පසුගිය වසර 5 තුල කරන ලද මාධ්‍ය මෙහෙයුම සොම්බි ලන්තයක් ගොඩ නැගීමට සමත් වී තිබේ. අප මෙයින් අදහස් කරන්නේ ජාතිවාදය හොඳ යයි කීම නොවේ. ජනතාවට බලය ලැබීම යහපත් නොවන බව නොවේ. බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන බව පමණි.

 

 

ලංකාව නොබෙදුණු රටක් ලෙස ඉතා හොඳින් බලය විමධ්‍යගත කල හැකි කුඩා රටකි. එදාද බෙදුම්වාදය භූ දේශපාලන උපක්‍රමයකි. දැන් බෙදුම්වාදය බලෙන් පැටවීමට බිම සකසා ඇත. දැන් කොටි ඩයස්පෝරාව එදා එල් ටී ටී ඊ යට විරුද්ධ වූ විජේවීර බලකායම ඒ සඳහා යොදාගෙන තිබීම දෛවයේ සරදමක් ලෙස පෙනුනද ඔවුන්ගේ සුක්ෂම භාවය එයින් පෙන්නුම් කරයි. ප්‍රධාන සතුරා මිතුරා කරගත්තේ කව්රු හරහාද යන්න හා කුමක් හරහාද යන්නට පිළිතුර පාස්කු ප්‍රහාරය, උන්ඩියල් ගනුදෙනු හා මාලිමාව ට රිංගවා ඇති භූදේශපාලන ඩයස්ෆොරා චරිතයන් ගේ සංයෝගය යන්නයි. අනෙක් අතින් සමාජයේ අනෙක් කොටස් වෙත විසි කරන ලද මුදල් ය. ඔබට මට ඇත්තේ බලා සිටීමටද ? ක්‍රියාත්මක වීමටද? මාලිමාව සංකේතය ලෙස ගැනීමට පෙළඹවීම කාගෙන්ද යයි මම දන්නේ නැත. එහෙත් කටුව හැරෙන්නේ උතුරට බව නම් පැහැදිලිය.

 

 

@Subhashini Wipfler

නවතම ලිපි