SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාතලේ දිස්ත්‍රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය  මුදල් අච්චු ගැසීම පිළිබඳ ව

පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

ඒ සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කර  තිබූ පිළිතුර   සම්බන්ධයෙන් රෝහිනී කවිරත්න හිටපු මන්ත්‍රීවරිය පුවත්පත් නි‌වේදනයක් නිකුත් කර ඇත.

 

 

පුවත්පත් නිවේදනය

 

වාර සහ එක් රැය වෙන්දේසිය යනු මුදල් මැවීමය
සල්ලි අච්චු ගසන්නේ මහ බැංකුවේ මිස අච්චු කන්තොරුවේ නොවේ

 

 

 ශ්‍රී ලංකා මහ බැංකුව සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා මුදල් අච්චු ගැසීම ගැන නිවේදන නිකුත් කර ඇත. එම නිවේදනයන් හි මාගේ නම සඳහන් කිරීමක් සිදු නොවන නමුත්, ඔවුන් පිළිතුරු දී ඇත්තේ මා විසින් 2024 ඔක්. 28 දින නිකුත් කළ නිවේදනයට ය.

 

තමන් ලඟ නැති මුදලක් රජය වෙනුවෙන් මහ බැංකුව උත්පාදනයට, ආර්ථික විද්‍යවේ කියන්නේ ‘මුදල් අච්චු ගැසීම‘ හෙවත් Money Printing කියාය.

 

කෙටි කාලීන මුදල් සම්පාදනය යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක

1. වාර වෙන්දේසිය (Term auction) හා
2. එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් බව මම ප්‍රකාශ කළෙමි.

 

ශ්‍රි  ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා (overnight auction) රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා. එය කරුණු වශයෙන් නිවැරදි ය.

 

පසුගිය සතියේ දින 7 තුල මහ බැංකුව වාර වෙන්දේසි මගින් (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 කි. කරුණු වශයෙන් එය ද නිවැරදි ය. මහ බැංකුව හා කැබිනට් ප්‍රකාශක මාගේ මේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර නැත.

 

Term auction, overnight auction මගින් කරන්නේ සල්ලි අච්චු ගැසීම ජවිපෙ ආර්ථික කමිටුවේ සමාජික රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කීබියහෙට්ටි මහතා ද සිය සමාජ මාධ්‍ය පිටුවේ පිළිගෙන ඇත.

 

2024 ඔක්තෝබර් 25 දින වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 138 සිට 193.4 දක්වා අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity) රු. බිලියන 55.4 කින් ඉහළ ගොස් ඇති බව මාගේ නිවේදනයේ නිවැරදිව දක්වා ඇත.

 

රජය භාණ්ඩාගාර බිල්පත් හරහා තවත් රු. කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක් (හෙවත් බිලියන 145) ක් ඔක්. 29 දින ලබා ගෙන ඇත. මේ දක්වා රජය භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මගින් ලබා ගෙන ඇති මුදල රු. කෝටි 80,900 කි. එය අරමුදල් සම්පාදනයක්, අතමාරුවක්, වැනි වචනයකින් අර්ථ කථනය කළ නොහැකිය. මුදලක් ලබාගෙන එයට පොලියක් සමඟ ආපසු ගෙවීම ‘ණය‘ කි.

 

 

සිද්ධ වෙන්නේ මොකක්ද?

 

 

පසුගිය මාසයේ උද්ධමනය සෘණ අගයක පැවතුණි. මහ බැංකුවට එය ධන අගයක් ලෙස, උද්ධමනය වැඩි කිරීමට අවශ්‍යව ඇත. එනම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් දක්වා ඇති උද්ධමන ඉලක්කය කරා ලගාවීමට භාණ්ඩ හා සේවා මිල ඉහළ නැංවීමට අවශ්‍යය. මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා සිදු වන්නේ මිල ඉහළ යාමය.

 

 

සැප්තෑම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසයේ එළවළු හැර අන් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගියන්ට සියළු දෙනාට දැනෙමින් ඇත.

 

 

දිනනවා නම් දිනන්න ඕනි ලොවෙත් නැති වෙන්න කියනවා වගේ, අච්චු ගහනවා නම් අච්චු ගහන්න ඕනි ලොවෙත් නැති වෙන්න!

 

ණය ගන්නවා නම්, ණය ගන්න ඕනි ලොවෙත් නැති වෙන්න!

 

 

මා හිතවත් ගරු අමාත්‍ය විජිත් හේරත් ඇමතිතුමා, මුදල් අමාත්‍යතුමාගේ අත්සන සහිත මුදල් නෝට්ටු ගැන සඳහන් කර තිබෙනවා. එතුමාගේ තරුණ කාලයේ සල්ලි අච්චු ගහනකොට මුදල් ඇමතිතුමා මුදල් නෝට්ටුවේ අත්සන් කළ බව ඇත්ත. අද යුගයේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ක්‍රිප්ටෝ කරන්සි යුගයේ මුදල් මැවීම කියන්නේ, කඩදාසි, තීන්ත දාලා, ප්ලේට් කපලා විජය ප්‍රින්ටර්ස් අච්චු කන්තෝරුවේ අච්චු ගහනවාට වැඩි දෙයක් බව අවධාරණය කළ යුතුය.

 

 

අරමුදල් සම්පාදනය (ණය ගැනීම), සල්ලි මැවීම (සල්ලි අච්චු ගැසීම) රජයේ මහ බැංකුවේ ප්‍රතිපත්තිය නම්, එයට පසුගිය ජනාධිපතිවරණයෙන් ජන අනුමැතියක් ලැබී ඇත. එහි ප්‍රතිඑලය ගැන කථිකාවක් නිර්මාණය විය යුතුය.

 

 

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි