වර්ථමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන
තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අමාරි කලම්බෝ හෝටල් ජාලය ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු පහේ පළමු ජාත්‍යන්තර හෝටලයයි.
එහි අධිපතිත්වය දරනුයේ විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් විසිනි.
එම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජිත හේරත්, මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
"මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා."