SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක්

කඩා වැටී ඇති බව එරට බලධාරීහු පවසති.

 

 

මූලික වාර්තා අනුව දිවි ගලවා ගත් 25 දෙනෙකු සිටින අතර ඉන් 22 දෙනෙකු රෝහල් ගත කර ඇති බව කසකස්තානයේ හදිසි සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

 

අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු පවසති.

 

අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

aser

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සංරෂිත ඡායාරූපයකි

 

එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි සමහර මගීන් ද එහි සිටි තිබේ.

 

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට රුසියාවේ ග්රෝස්නි දක්වා පියාසර කරමින් තිබී ඇති අතර මීදුම නිසා එය වෙනත් නගරයකට හරවා යවා ඇති බව වාර්තා වේ.

 

අක්තාවු ගුවන් තොටුපළ විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.

 

BBC