හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ISIS ත්රස්තවාදීන්ගෙන් සහ කොටි කණ්ඩායම්වලින්
මරණ තර්ජන එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නීතිඥ සංගමයේ උප සභාපති මනෝජ් ගමගේ අනාවරණය කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයෙන් හමුදා නිලධාරීන් ඉවත් කර ගැනීමෙන් පසු සැලකිය යුතු ආරක්ෂක ගැටළු පිළිබඳව ඔහු මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින සන්නද්ධ හමුදා නිලධාරීන් වෙනුවට පොලිස් නිලධාරීන් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණය නීතීඥවරයා විවේචනය කළේ තර්ජනවල බරපතලකම අනුව එය ප්‍රමාණවත් නොවන බව පවසමිනි.
මෙම තීරනාත්මක තර්ජන මධ්‍යයේ පළපුරුදු හමුදා නිලධාරීන් වෙනුවට පොලිස් නිලධාරීන් පත් කිරීම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවට හෙතම වැඩිදුරටත් සිය කනස්සල්ල පළ කරයි.