වෙලාව උදෑසන හය පසුවී විනාඩි තිහයි. මේ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයයි.
මෙන්න බස් පුවත්.
ප්‍රකාශය සැමදා මග තපින හුදීජන
උදෑසන පහයි විසි අටට විතර ගාලු පාරේ වාඩියමංකඩ හන්දිය. මං කොළඹ එන්න. වේගයෙන් ආපු බස් එකක් නැවැත්තුවා. 'ඉක්කමට ඉක්කමට' කොන්දොස්තර ට හරි කලබල. බස් එක මායම් රුවැත්ති. ඒකී පස්සෙන් තව බස් එකක් එලෝගෙන එනවා. ඒකයි කලබලේ. ඇත්ත තමයි රුවැත්ති පස්සෙන් එලවගෙන එන එකා ස්ත්‍රී දූෂකයෙක්ද දන්නවයැ.
මං අන්තිමට නගින්න හිටියෙ කොන්දොස්තර ඉලන්දාරියා මගෙ තට්ටම මිරිකලා මාව ඇතුලට දාගත්තා. මට කිතිත් වගේ.
රුවැත්ති ගෙ ලයිට් ඔක්කොම රතු පාට. එක සුදු පාට එලියක් නෑ. එල් ඊ ඩී. බස් එකට එන ලයිට් ඔක්කොම ගලවලා. මායම් රුවැත්ති එන්නෙ මඩවල (මතුගම) ඉඳලා.
මං ග්ලූකොමා රෝගයෙන් පෙලෙන්නෙක්. ඇස් වලට දරාගන්න බෑ ඒ රතු එළිය. මං ඇස් පියාගත්තා.
'ටිකට් ගන්න' විධානය ඇහුනම මං ඇස් ඇරියා.
'මාමෙ කොහාටද'
මට මාර තන්තෝසයි. හුකේ මේ මගෙ බෑනා නොවැ.
'කොහාට නෙවෙයි පුතේ මට. කොළඹට.'
කොල්ලා මට රුපියල් හතළිහක් අඩුවෙන් දුන්නා.
'මාමෙ බහිනකොට ඒක.'
'කෝ පුතේ ටිකට් එක?'
'දෙන්නං මාමෙ'
බෑනත් එක්ක රණ්ඩු කරන්නද මං ආයෙම ඇස් පියාගත්තා.
හැතැක්මක් යන්න නෑ සෙට්ටෙක අවදිවුනා. කන පුපුරන ගානයි. කෙල්ලො දාලාගිය කොල්ලන්ගේ සෝකාලාපය. පව්නෙ මුලු දවසම දවල් රෑ නැතුව බස්සෙකේ එල්ලිලා ඉන්න මුන්ව දාලා කෙල්ලො යනවා ඇති තමයි.
පානදුරේදී තේමාව වෙනස් වුනා. දැන් යන්නෙ ආතල් පෙම් ගීත. එයින් එක සිංදුවක් මට අල්ලලම ගියා. ඒක පාසැල් ප්‍රේමය ගැන.
ඒකෙන් පෙම්වතා කියන්නෙ මෙහෙම දෙයක්.
පංතියේ කොනක එක පුටුවේ කිරිල්ලිව හුරතල් කරපු හැටි. ෂෙහ්, මට පද පෙල මතක නෑනෙ. හැබැයි එක පුටුවෙ ඒ හුරතලේ නම් මරු. ඉස්කෝලෙ විනය කමිටුවේ ටීචර් කෙනෙක් මේක ඇහුවනම් මුත්‍රා පහවෙනවා සත්තයි. එක පුටුවෙ හුරතලේ. ආයෙම ඉස්කෝලෙ යන්න ඇත්නම් කියලා හිතුනා.
මගෙ බෑනා හැමෝටම ටිකට් ගන්න කිවුවට කාටවත් ටිකට් දෙන්නෙ නෑ.
මං කොල්ලුපිටියෙදි ඉතුරු සල්ලි එක්ක මගෙ ටිකට් එක ඉල්ලුවා. ඉතුරු දුන්නා ටිකට් එක නෑ.
'කෝ පුතේ ටිකට් එක?'
'දෙන්නං මාමෙ'
බෑනත් එක්ක රණ්ඩුවෙන්නද, ඌ කෙල්ලව දාලා ගියොත්. මං මේ කල්පනා කරන්නෙ ඌට දීග දුන්නෙ කොයි කෙලීද කියලයි. බැරි වෙලාවත් මායියත් හිටියා නං ගෝරි ගොඩයි.
මං ගෝල්ෆේස් හරියෙදි ආයෙම ටිකට් එක ඉල්ලුවා. බෑනාට අප්සෙට්. මාමණ්ඩිගෙ ආසාවනෙ, ඌ මට ටිකට් එකක් දුන්නා. මේ තියෙන්නෙ ඒ ටිකට් එක. ගාන සටහන් නැති ඒත් ගමන්නතය දක්වා රැකගන්න කියන උපදෙසත් සමග එන ටිකට් එකක්.
ඒක ගැන බලන එක ප්‍රවාහන කොමිසම සහ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බාරයි.
ඇස්වලට හානිකර ආලෝක වධ ගැන වෛද්‍ය නිර්දේසත් අරගෙනම බෑනට කියලා දෙන්න හොඳේ.
මේ බස් බෑනලා අපේ මහලු ජීවිත කාලකණ්නි කරන එක ගැන ඉස්සෙල්ලම ඒ අයට සහේතුකව කියලා දෙන්න. එච්චරටම ඇස් දන ලයිට් වලට ආසා නං එයාලට ගෙදරටම රතු එල් ඊ ඩී දාගන්න කියන්න. බහිනකොටත් මගෙ ඇස් දනවා.
අර හුටප්පර තුනේ දෙකේ සීට් එකක මැද කකුල් හිරකරගෙන ඇවිත් රුසන කෝස දෙකම හිරිවැටිලා. මට මතක් වුනේ චින්තන ඉස්සර පලකරපු කොලම පත්තරේ විජේ කුමාරතුන්ගව නුවර මීටිමකට උස්සගෙන ගිය සපෝටර්ලගෙන් එකෙක් විජේගෙ රුසන මිරිකපු කතාව. මට දැං බය මේ රුසන හිරිය දිගටම ගිහිං මට දජ බංගෙ හැදෙයිද කියලයි.
බස් එක පිටිපස්සෙ මෙහෙමත් තිබුනා.
'තාත්තගෙ ශක්තියයි, අම්මගෙ ආදරයයි'
බුදු බෑනෝ මේකත් ගහපං
'මාමාගෙ ආසිර්වාදෙයි'
බස්සෙකක යනකොට මොන ආඩතාඩද අප්පා, ඕන්නෝකයි පස්නෙ.
බලධාරීනි මේ ඔබේ අවධානය පිණිසයි.
වී රිපෝට් යූ ටේක් ඇක්ෂන්!
ප්රවෘත්ති සමාප්තයි.
'තුනේ දෙකේ සීට්වල හිරවීමෙන් රුසන කෝස හිරිවැටීම වළක්වන රුසන ගාඩ් ඔබත් අදම මිලදී ගන්න. රුසන මැන බලා අදම ඔබේ ගාඩය සපයනු ලැබේ. වහාම ගයි පාඩ් ආයතනය අමතන්න.
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබනා දැන්වීමකි.
@ චූලානන්ද සමරනායක fb page