SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දශක ගණනාවක් පළපුරුදු දේශපාලන නායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

බහුතර නවක ජනතා නියෝජිතයින්ගෙන් සමන්විතව නවක ආණ්ඩුකරණයක් සහිතව ඇරැඹුනේ පළපුරුදු නායකත්වයන් ජනතාව විසින් එකහෙළා ප්‍රතික්ෂේප කළ තත්වයක් තුළය.

 

එසේම විපක්ෂයේ භූමිකාව දරන කාලය තුළ වත්මන් ආණ්ඩුකරනයේ යෙදුනු ජනතා නියෝජිතයින් පිළිබඳ තැබූ අතිමහත් බලාපොරොත්තු පිළිබඳ ජනතා කණස්සල්ල ඉස්මතු වෙමින් පවතින අතර එය දඩමීමා කරගැනීමේ අවස්ථාවක් පිළිබඳව දේශය අද වාර්තා කර තිබුණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

දේශය පුවතකට අනුව  මෙම විකල්ප පාර්ලිමේන්තුව සඳහා ආරාධනා ලබන්නේ කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එහෙත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විවිධ පක්ෂවල දේශපාලනඥයන්ට බවත් කියැවේ.

 

හිටපු මැති ඇමැතින් 450 ක් පමණ මෙලෙස ඇරයුම් ලැබීමට සුදුසුකම් ලබා ඇතත් ඒ අය අතරින් විකල්ප පාර්ලිමේන්තුව සඳහා තෝරාගනු ලබන්නේ 225 දෙනකු පමණක් බවත් එම පුවතේ සඳහන් ව ඇත.

 

 

මෙහිදී මාසයේ පාර්ලිමේන්තුව රැස්වන දින 8 හිදී විකල්ප පාර්ලිමේන්තුව ද රැස්වෙයි. විකල්ප පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් අතරින් ආණ්ඩුවේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන ඡායා ඇමැති මණ්ඩලයක් ද පත් කෙරේ. ඔවුන් අදාළ අමාත්‍යංශ සම්බන්ධව ක්‍රියා කළ යුතුය. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් කිහිප දෙනෙක් විකල්ප පාර්ලිමේන්තුවේ කතානායක, සභානායක හා විපක්ෂ නායක ලෙස ද පත් කිරීම අරමුණව ඇත.

 

 

මේ හැර දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්), ගිණුම්කාරක සභාව (කෝපා) ඇතුළු කමිටු කිහිපයක් පිහිටුවන බව සඳහන්.

 

 

 

එසේම මෙම විකල්ප පාර්ලිමේන්තුවට විශේෂ ආරාධිතයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්ටද ඇරැයුම් කෙරෙන අතර ලොව විවිධ රටවල සිටි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයන්ටද ශ්‍රී ලංකාවේ විකල්ප පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව සලසා දෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

 

 

නවතම ලිපි