කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින්
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළදාම හා ජාවාරම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් බවට පත් කරමිනි.
SCFR/10/2025 යන අංකය යටතේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සෘතුමය වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාව වෙත යොමු කිරීම සදහා අත්සන් කරන ලද අවභෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් කර ඇතැයි පැවසෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාලව හුදු දේශපාලන එදිරිවාදිකම් මත පදනම්ව ද්වේශ සහගතව සහ අනීතික ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්ය.
ඒ අනුව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සිය පෙත්සම මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඉදිරියේදි එම පෙත්සමට අදාලව පෙත්සම්කරුගේ නීතීඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.