SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය 21 වෙනි දා - මා කළණ මිත‍්‍ර ධර්මසිරියන් වෙනුවෙන් පැවැත් වූ උපහාර සංභාෂණයෙ හි කළ කතා ගැන නොයෙක් කතිකා බිහි වෙමින් පවතී.

ඉතා හොඳ ය !!!

ඔහුගේ 'හංස විලක්’ සහ ‘තුන්වෙනි යාමය’‘ යනු ආකෘතික වශයෙන් මෙ රට සිනෙමාවෙ හි හැරවුම් ලක්ෂයන් ය.

ඒ ගැන කතා දෙකක් නැත.

එහෙත් - එහි සන්දර්භය ගැන විමසා බැලීමෙ හි දී - මේ කෘති දෙකෙ හි දෘෂ්ඨිවාදය වනාහි අන්ත ප‍්‍රතිගාමී එකකි.

මා කළණ මිත‍්‍ර මහාචාර්ය සුචරිත ගම්ලතුන් - මේ කෘති දෙක ට ම - අම්බානට නෙලූවේ ඒ නිසාවෙනි.

මන්ද - මේ කෘති දෙකම - සම්ප‍්‍රදායික වික්ටෝරියානු සදාචාරය ආරක්ෂා කරනා නිර්මාණයන් වූ හෙයිනි.

‘‘හංස විලක්’ චිත‍්‍රපටය ගැන - මෙතෙක් හොඳම විචාරය කර ඇත්තේ මා කළණ මිත‍්‍ර දීප්ති කුමාර ගුණරත්නයන් විසිනි.

එහෙත් - ඔහු ද බඩ ගා ඇත්තේ - අර වික්ටෝරියානු සදාචාරය මත ය. ඔහු ට අනුව එය මහ අනර්ඝ කෘතියක් වන්නේ - තමන ද අනුගමනය කරනා ඒ වික්ටො සදාචාරය ට සමීප නිසාවෙනි. මා දන්නා දීප්තියන් වනාහි “ලිංගික නිදහස ට’’ එරෙහි අති සම්ප‍්‍රදායික මිනිසෙකි. පුද්ගලිකව - සිය බිරිඳ ට ලිංගික නිදහස තියා - මොන නිදහසක් වත් නො දුන් පෘත්ජනයෙකි. සිය ගෝලයින් හමුවෙ හි - තම ඇඹේණිය අපහාසයට පත් කළ අති සාමාන්‍ය පොරකි.

ධර්මසිරියන් - සිය මුල් සිනෙමා කෘති දෙක හරහා - මෙ රට සිනෙමාව ට නව ආකෘතියක් හදුන්වා දුන් නමුදු - දෘෂ්ඨිවාදය අතින් අපට දුන්නේ පට්ට ප‍්‍රතිගාමී අදහසකි.

ඔහුගේ 'සුද්දිලාගේ කතාව’’ චිත‍්‍රපටය ද සයිමන් නවගත්තේගමයන්ගේ නවකතාව විකෘති කළ එකකි.

එය ඔහුගේ මූණට ම කියූ වග - සයිමන් මට කීවේ ය.

නව කතාව අනුව - සුද්දී යනු සාමාන්‍ය ගැමි කතකි.

චිත‍්‍රපටය ට අනුව ඇය වේසියකි.

විසුලූ සහගත කාරණාව වන්නේ - සිය පුද්ගලික ලිංගික ජීවිතය අසම්මත ව ගත කරනා ධර්මසිරියන් - තම නිර්මාණ හරහා අපට බණ දේශණා කිරීම ය.

ධර්මසිරියන් ද - මා ද - දැන් ඉන්නේ රෝගී ව ය.

අප දෙදෙනා ට ම - පිං සිත් ඇත්තෝ පිහිට වේවා !!!

@sirimal wijesinghe fb

marrikkar

නවතම ලිපි