SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙර-සටහන

 

මට සංවාද කරන්න ඉන්නේ හරිම සීරුවට තෝරාගත්තු මට වඩා වෙනස් මිතුරෝ අතලොස්සක් විතරයි. එයාලත් මං නිතර හමුවන අය නෙවෙයි. ඒ අතුරින් මම ගොඩක් ප්‍රිය කරන, ජෙනුයින් සංවාදයක් කරගන්න තරම් ශිෂ්ට හැසිරීමක් තියෙන, කෘතිම නැති ගලා යන නිරායාසී සංවාදයක් කරන්න තරම් වන රස සංජානන තියෙන, මං ගොඩක් කැමති, මටත් ගොඩක් කැමති මිතුරෙක් ඉන්නව.

 

ඔහුට මං ගැන වටිනාකමක් තියෙනව වගේ ම මටත් ඔහු ගැන වටිනාකමක් තියෙනව. ඒ් කියන්නේ අපි දෙන්නට අපි දෙන්නව වටිනව. අපි දෙන්න ඒක හා සමාන ඩමී දෙකක් නෙවෙයි. ඒත් අපි අතර තියෙන කෙමිස්ට්‍රි ඒක නිසා අපි දෙදෙනා අතර තියෙන ඒකිනෙකාට විරුද්ධව යන අදහස් පවතින විට දී පවා අපි දෙන්නගෙ කුළුපග යාළු සම්බන්ධය නොනැසී පවතිනව.

 

අපි නිතර හමුවීම් නඩත්තු කරන යාළුවො දෙන්නෙක් නෙවෙයි. ඒත් අපි දෙන්නට ම කාලෙකට පස්ස හමුවලො වුණත් අසුරු සැනකින් ගැඹුරු සංවාදයකට යන්න පුළුවන් ආශිර්වාදයක් ලැබිල තියෙනව.  මේ වගේ යාළුවො නැති වුණා නං එහෙම ජීවිතය හරි ම කඨෝර තෙතමනයක් නැති වියලි මුග්ධභාවය පිරි තැනක් බවට පත් වෙනවා. නිරායාසී ගැඹුරු දාර්ශනික සංවාදයක් කරන්න හරි හමං කෙනෙක් නැතුව අහස දිහා බලන් හිස් හැඟීමෙන් උකටලීව හිටපු මිළිඳු රජ්ජුරුවන්ගේ තැනකට අපිව ඇදන් වැටෙනව.

Pic 02 1

 (මිලිඳු රජ්ජුරැවෝ යොනක වරිගයේ අයෙක් බව සඳහන්. ඔහුට ග්‍රීක සම්භවයක් තියෙන බවත් මං අහල තියෙනව.)

 

මේ යාළුවාගෙ නම ප්‍රසිද්ධියේ ඔයාලට කියන්න අවසරයක් ගන්න මං එයාට කෝල් කිහිපයක් ගත්තා. ඒත් එයා ආන්සර් කළේ නැහැ. කෝල් ඒක ගන්න වෙලාවෙ මධ්‍යම රැයට ලංව තිබූ නිසා භාගවෙලාට එයා නිදියං ඉන්න ඇති. ඉතිං එයා අවසරය ලබා දුන්නොත්, මේක කියවන ඔයාලාට මං එයාගෙ නම කියන්නං.

 

කොහොම උනත් අද හවස අපි දෙන්න අතර වට්ස්අප් හරහා කෙටි නමුත් ගැඹුරු සංවාදයක් ඇති වුණා. ඒ සංවාදය ජනගත කරන්නට එයා හෙට හරි අවදි වෙලා කෝල් ඒක ආන්ස කරනකං මට බලන් ඉන්න බැහැ. මොකද මේ සංවාදය තුළ පුද්ගලිකත්වය ඉක්මවා ගිය සමාජ දේශපාලනික සංදර්භයක් පවතින නිසා. ඒ නිසා, මේක මේ රටේ ජනයා දැනගත යුතුයි. මේ සංවාදයේ දී අපි දෙන්නා අතර පැහැදිලි ප්‍රතිපක්ෂ මත දෙකක් පැවතුන නිසා ම සංවාදයට යම් දයලෙක්තිකමය ගැඹුරක් ආව කියලත් මට හිතෙනව. ඒහෙම තේරුන හින්ද තමයි, මේ සංවාදය කියවන ඔයාලාගේ මනස වෙතට මුදාහරින්න තීරණය කළේ.

 

මේ සංවාදයට පාදක වුණේ මා විසින් ඊයේ දවසේ දී ජනගත කරන්නට යෙදුන මගේ ලිපියක්. මම ඒ ලිපිය ඔහු වෙත වට්ස්අප් කර, ඒ්ක ඉවරෙට කියවන්න කියල කිව්වා. ඔහු ඒක කියවල, ඒ ලිපියේ වියමනට දුන්නු සෘජු කෙටි පිළිතුර තමයි මේ සංවාදයට නිමිත්ත වුණේ.

 

මේකට අදාළ ලිපියේ මාතෘකාව වුණේ, “අවසන් හෝරාවේ එළිදකින කුමන්ත්‍රණයකින් ජවිපෙ ජය වැල‌කෙන්නට ඇති ඉඩ..” යන්නයි.

ඒ පාදක  ලිපියට අදාළ සබැඳිය : https://slleader.lk/life-style/9652-2024-04-10-18-10-18

 

මේ ලින්ක් එකේ පෙන්වන ලිපිය කියවපු මගේ මිතුරාගේ පළමු ප්‍රතිචාරයත් සමඟ පටන් ගන්නා ඒ සංවාදය මෙතැන් සිට. 

 

 

pic 03

 

 

මිතුරා  -

“මචං, මේක බියවැද්දීමක් නැත්තං නෙගටිව් ප්‍රතිචාරයක් මිනිස්සු තුල ඇති කරන්නක් වෙන්න පුළුවන් නේද? මැතිවරනයකදී වෙන වංචා ගැන කුමන්ත්‍රන ඇහැකින් බලන්න කිව්වොත් රට ලොකු අවුලකට යන්න පුළුවන්. කොහොමත් ජවිපෙ වගේ පොඩි පක්ෂයක් ප්‍රධාන පක්ෂ එකතුවෙලා අන්දන්න තියෙන ඉඩ වැඩියි.”

 

මම  -

“බියවද්දන්න දෙයක් නැ. මේක තමයි සාමාන්‍ය තත්වය. බිය වැද්දුවත් නැතත් මේක පවතිනව, සිද්ධවෙනව, නැතිවෙනව, ආයෙමත් පවතිනව.                                                                                   

මට අනුව මේක හැමදා ම ජවිපෙ අවිඥානය. ඔවුන්ව පරාජයට ගෙන යන සහ ඔවුන්ගේ යම් නොදැනුුුුුුවත්කම් නිසා නොසලකා ද හරින පක්ෂ-ව්‍යූහික අවිඥානය.           

ඉතිං මම ජවිපෙ සවිඥානක කළා.                     

පොදු යහපත සහ ඔවුන්ගේ යහපත ද උදෙසා.

මොකද අනතුර අවසාන වශයෙන් භුක්ති විඳින්නේ සමස්ත සමාජය ම වන නිසා.

                                                                                                                                                       

21වන ශතවර්ෂයේ දී අනතුර කියන එක පවතින්නේ භය, චකිතය, කලබල වීම, තරහ ගැනීම වැනි හැඟීම් මත පදනම් වෙලා නොවේ. 21වන ශතවර්ෂයේ දී හැඟීම් යනු බොරුවට රඟන ඒවා විතරයි. බලන්න සෝෂියල් මීඩියා දිහා. ඇත්ත හැඟීමයි, රඟන හැඟීමයි අතර පවතින්නේ පරතරයක් නෙවෙයි. ඒ දෙක පරතරයෙනුත් එහා ගිය ඒකිනෙකින් වියුක්ත වෙනස් ම ප්‍රපංච දෙකක්. ඒ නිසා, තව දශක දෙකතුනකින් සමාජය මුහුණ දෙන අවුල නම්, තමන්ගේ ම ඇත්ත හැඟීම සොයාගැනීමට නොමැතිවීමේ සහ නොහැකි වීමේ සමාජ-තත්වය (Social Condition)  යි. 

 

21 වන ශතවර්ෂයේ දී අනතුර පවතින්නේ, නිහඬව, නිසලව අතිශය සාමාන්‍ය වූ කුසීත දෙයක් විදිහට යි. කොටින් ම අනතුර පවතින්නේ, අනතුරක් විදිහට නෙවෙයි. වෙනත් දෙයක් විදිහට යි. අනතුර වෙනත් දෙයක් බවට අර්ථකථනය වෙමින් පවතින දසුන් වලින් පිරුණු ඩිස්නිලන්තයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා සමහරවිට  21 ශතවර්ෂයේ අනතුර පවතින්නේ නොසලකා හැරිය හැකි තරම් වන අනදාළ දෙයක් විදිහට යි.

 

බොද්‍රිලාද් කියන විදිහට හැඟීම් පිළිබද ගොඩනංවන ලද මාධ්‍යමය මායා දසුනෙන් හිත් නිලංකාර ‌වෙච්ච ජන සන්නිපාතයක් තමයි මේ ගෙවන මොහොතේ පවතින්නේ. ඒ නිසා නිහඬව, නිසලව අතිශය සාමාන්‍ය දෙයක් ලෙස පවැතීම තමයි,  21වන ශතවර්ෂය තුළ අනතුරෙහි නව-නූතන වේශනිරූපනය සහ අනන්‍යතාවය. ඒ නිසා මිනිස්සු කලබල වෙන්නේ සහ නෙගටිව් වෙන්නේ අනතුරට නෙවි, අනතුර නොවන දේවල් වලට. සාමාන්‍ය දෙයක් ලෙස වේශනිරූපනය වි සිටින අනතුර ඉදිරියේ මිනිස්සු හරි ම සාමාන්‍යය විදිහට ජීවත් වෙන්නෙ. කොටින් ම අනතුරක් නැති සේ ජීවත් වෙන්නෙ.

 

මේ ජනයාට “අම්මට සිරි මාර පරිප්පුවක්නෙ අපි කාල තියෙන්නෙ?” කියල හදිසියේ ම තේරෙන්නේ, අනතුරු නහුතයක එකතුවකින් එන මහා අනතුරුමය අතුරු ප්‍රතිඵලයක් පොළව පලාගෙන එළිදරව් විට දී විතරයි. හරියට ලංකාවෙ ආර්ථිකය බංකොලොත්වීම වගේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතිං මේ බංකොලොත්භාවය යනු ඉතා සුළු කාලයක් අතුළත දැනගන්න වෙච්ච දෙයක් විදිහට තමයි ජනයාගෙන් බහුතරය සහ සමහර විද්වතුන් පවා හිතන්නේ.

 

ඉතිං මිනිස්සුන්ට වැදගත් වන්නේ අනතුර නෙවෙයි. මිනිස්සුන්නට වැදගත් වෙන්නේ දසුන (Spectacle) විතරයි. දසුන යනු යථාව (Real) නෙවෙයි. දසුන කියන්නේ සොෂියල් මීඩියා වලින් සහ ඇල්ගෝ රිදමයන් විසින් ගොඩනංවන ලද ප්‍රභන්ද යතථාර්තය. සැබෑ යථාව සහ ප්‍රබන්ධ යථාර්තය අතර සබඳකමක් නැහැ. ඒවා වෙන වෙන ම නඩත්තු වන ඒවා යි. හරියට ලංකාවෙ මිනිස්සු ෆෝන් එකෙන් දකින දසුන් වලට වැඩිකාලයක් මිඩංගු කරන ගමන් ම, සාමාන්‍ය ජීවිතයේ කන බොන සහ අනෙකුත් භෞතික අවශ්‍යතාමය දේවල් හොයාගන්න කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙන ම සිදු කරගන්නවා වගේ. මේ දෙක ඒකක් කියල ජනයා හිතන් හිටියට, මේ දෙක එකක් නොවේ, වෙන වෙන ම නඩත්තු වන දෙකක්.                                                                                                                                               

ඉතිං අර වැනි  ‌අනතුරු නහුතයක එකතුවකින් ඇතිවන මහා අතුරු ප්‍රතිඵලයක (මහා-අනතුරන) දී, කලින්  අනතුරු සමාන්‍ය දේවල් විදිහට සලකපු ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ මහා-අනතුර (Central Accident) වුණාය කියල කුවුුුරුක් කියන්න දන්නේ නැහැ. පිළිගන්නෙත් නැහැ.  ජනතාව ම ඒ කලිං අනතුරු ටික යට ගහනව. මහ අනතුරට විතරක් වියුක්තව මුහුණ දෙනවා.  

අනතුරට ප්‍රතික්‍රියා දැක්වීම, පිළිතුරක් සැපයීම, විසඳුමක් දීම වගේ දේවල් නොකොට අනතුර ඔහේ තියෙන්න ඉඩහැරීම මේ ගෙවෙන නව-නූතන සමාජ තත්වයේ ස්ටයිල් ඒක.  ඒ හින්ද බය වෙන්න ඒපා!”

 

pic 04 1

 (අවසාන මහා අනතුර විතරක් සෘජුව අත්විඳින සුළු කාලයේ දී විතරක් භෞතිකයි වගේ දැනී නිවී යයි  ...)

    

මිතුරා  -

“කුමන්ත්‍රනයකට වඩා ඒක හැමෝම එකග ස්වබාවික යතාර්තය කියල මං හිතන්නෙ. ජවිපෙත් ඒක බාරගන්නවා. උන් ඒකෙ උන්ට අයිති කොටස කරනවා. ජවිපෙ චන්දෙකට එන්නෙ ජනාදිපති වෙන්න නෙමෙයි කියල මං හිතන්නෙ.”                             

මම  -

“ඔය කියන දේ ඕනවටත් වඩා සාපේක්ෂයි මචං ....

මහා අඳුරක දුරස්ත තැන් දෙකක ඒකිනෙකට මුහුණලා තියෙන ලයිට් කෝන්ස් 02ක් ගැන හිතන්න. මේ ලයිට් කොන් දෙක අතර තියෙන්නේ අඳුර. මේ දෙක ම ඇතුළෙ තියෙන්නේ ආලෝකය. ඉතිං අඳුර අතරින් එක ලයිට් කෝන් ඒකක ඉන්න කෙනෙකුට අනික් ලයිට් කෝන් එක පේනවා සහ දකිනව. ඒත් භෞතිකව අත්දැකල නැහැ.                                                                                                                                                     

 

කතිකාවක් (Discourse) කියන්නේ මේ වැනි ලයිට් කෝන් එකක් කියල හිතන්නකෝ.  ඉතිං එක ලයිට්කෝන් ඒකක (ඒක කතිකාවක) ඉන්න කෙනෙකුට, තවක් ලයිට් කොන් එකක (තවත් කතිකාවක) ඉන්න කෙනෙ‌කුව පේනව සහ දකිනව. ඒ් කියන්නේ තම කතිකාවේ භාෂාමය අරුත් හරහා අනෙකාව දකිනව. නමුත් එයා අනික්  ලයිට් කෝන් එක දකින්නේ, තමංගෙ ලයිට්කෝන් ඒක හෙවත් තම කතිකාවේ භාෂාමය අරුත් සමස්තය හරහා උපකල්නය කරගෙන පමණයි. අනික් ලයිට් කෝන් එකේ ඉන්න කෙනාත් මේ ලයිට් කෝන් එක දකින්නේ මේ විදිහට ම යි.

 

ඒ නිසා මේ දෙන්නට ම තම අනෙකාගේ භෞතික ‌යථාව හමුවෙන්නේ නැහැ.  පළමු ලයිට්කෝන් ඒකේ කෙනාට අනෙක් ලයිට් කොන් ඒකේ කෙනාගේ භෞතික ඇත්ත දැනගන්න උවමනා නම්, තම ලයිට් කෝන් ඒක අතහැර අනික් ලයිට්කෝන් ඒක වෙතට ප්‍රායෝගිකව යන්න ම වෙනව. සැබෑ යථාව (True Real) දැන ගන්න නම්, ඒ්ක කරන්න ම වෙනව. හරියට සොෂියල් මීඩියා විසින් අපට කියන පුවතක සබෑ ඇත්ත දැනගන්නට ඊට අදාළ සිදුවිම සිදුවූ තැනට ම භෞතිකව යා යුතු වෙනව වගේ.

 

නමුත් ජනයා තම තමන්ගේ එක් එක් ලයිට් කෝන් ඇතුළෙ ෂෙඩුල් වෙලා ඉන්නේ. ඒ නිසා අනික් ඒකකට යන්න තියෙන කාලය (TIME) සහ ඉඩ අඩුයි. අවකාශය (SPACE) තියෙන්නේ මේ ලයිට් ‌කෝන් දෙක අතර නොපෙනෙන අඳුරෙ. මේක උඹට සහ මටත් අදාළ යි. අපි ජීවත් වෙන්නෙත් මේ විදිහට.

 

නමුත් සාපේක්ෂ මිතුරෙකු ‌ලෙස අනුර කුමාරට හමුවන රනිල් වික්‍රමසිංහ යනු තම පක්ෂය නම් ලියිට් කෝන් ඒකේ විනය නොතකන, තම පක්ෂය ඇතුළට මොන කෙනෙකුට වුණත් ඇතුළ් වී යා හැකි සැලුන් දොරක් සේ පක්ෂය මේන්ටේන් කරපු කෙනෙක්. ඒ නිසා අනුරට ඒ දෙදෙනාගේ ඇසුර ඇතුළේ රනිල් සහ ඔහුට අයත් පක්ෂයේ ව්‍යූහ ප්‍රයෝගිකව සමීකරණය කරගන්න ලැබෙනව.

 

නමුත් අනුරගේ පක්ෂයේ ව්‍යූහාත්මක සැකැස්ම තුළට ගොස් ඒහි යථාව සමීකරණය කරගන්නට තියා ඒ ගැන හෝඩුවාවක් ලබාගන්නට පවා රනිල්ට කම්මැලියි. ඔහු ඒහිදී කවුරුහරි කියන දෙයක් ඔළුවට දාගන්නව. නැත්තං තමන්ගේ ලයිට් කෝන් ඒක නැමති කතිකාවෙන් අරුතක් අරං ඔහේ බකං නිලාගෙන ඉන්නව.                                                                                                                

රනිල් උනන්දු පක්ෂයට වඩා ගෝලීය ව්‍යූහ සම්බන්දයෙන් පමණයි. ඔහු ග්රාස්රූට් ලෙවල් එකේ දි දුර්වලයෙක්. ඔහුගේ මුළු වෘත්තීයමය දේශපාලන ජීවිතයෙන් ම ඒක පේනව.          

                                                                                                                                                                                        

ඒ නිසා රනිල්ට විශාල ගෝලීය බලවතෙකුගේ හදිසි සහයක් ලැබුණොත් මිසක, ජවිපෙ විසින් චන්දය ජයගන්නට හැකි විශාල සම්භාවිතාවක් ද තියෙනව. ඒක ආපසු හරවන්නට පුළුවන් බලවේගය ගෝලීය බලවතෙකු මිසක පොහොට්ටුව යැයි සිතීම මුලාවක්. දේශපාලකයා පොහොට්ටුව දෙස බලන්නේ 69 ලක්ෂයක් ජනයා දිහා බලනවා වාගේ වුණාට ඒක කතිකාමය ප්‍රබන්ධයක් (Discursive fiction) මිස සැබෑ යථාව නොවේ.

 

උඹ ජවිපෙ දකින්නේ පිටත ලයිට්කෝන් එකක් විදිහට. ඒජාපය දකින්නේ ඇතුළත ලයිට් කෝන් එකක්  විදිහට. මේක දේශපාලනයේ දී ගයිඩ් ලයින් එකක් තියාගන්න අපි කාටත් කරන්න වෙන දෙයක්. ඒ තමයි පැත්තක් ගැනීම. ඒත්  ව්‍යූහය පසුකර යන විද්‍යාවන්ට අනුව ඒක ට්රැප් ඒකක්.”

 

pic 05 1

(සෝවියට් සමූහාණ්ඩු විරෝධී සහ චීන විරෝධී ඇමරි-යුරෝ කේන්ද්‍රීයවාදී  හොලිවුඩයටත් 2010 දශකය පහුවෙනවාත් සමඟ කොලනිවාදයට ඒරෙහි බ්ලැක් පැන්තර් වනි සිනමා පට හදන්නට සිද්ධ වෙනව. මහා කුමන්ත්‍රණය නොවුණොත් මේ ලංකාවට සිද්ධ වන්නට යන්නේ ඒ්ක. අනුර කුමාර තමයි ලංකාවෙ බ්ලැක් පැන්තර්. සිනමාවේ ජනකාන්ත වෙන්නට දකුණු ඉන්දියාවෙ නළු විජේ විසින් රැජිනිකාන්ත්ගේ තලපති - Commander ඉමේජ් ඒක ණයට ගත්තා වගේ.  අනුරගේ මීඩියා කැම්පේන් එකට හොඳ අනුවර්ත නාමයක් “බ්ලැක් පැන්තර්”.)

මිතුරා  -

“සජිත් ඉන්නවනෙ මචං. ඌට තියෙනවා හොද බේස් එකක්. රනිල්ට නැති වුනත්. ලංකාවෙ සාම්ප්‍රදායික සහ සුළු ජන චන්දය මට හිතෙන්නෙ තීරනාත්මකයි.”

 

මම  -

“මං කතා කලේ චන්දය පිළිබඳ චන්දයේ ම දසුනට (Spectacle) අදාළ අරුත් අනුව නෙවෙයි. මං කතා කළේ චන්දය පිළිබඳ ව්‍යුහික සහ පසු-ව්‍යුහික විද්‍යානුකූල යථාව (Real) පිළිබඳව.                                                                                                                                                                                                      

චන්ද බේස්වලට තිබුණ අනන්‍යතා දැන් විසිරිලා ඉවරයි. ඒක කළේ මහින්ද. ඒ අනුව මහින්ද ජවිපෙට කළේ ඒක්තරා ආකාරයක වක්‍ර උදව්වක්. බලන්න, කලින් ඒජාපය සමස්ත වශයෙන් පරදින චන්ද වලදී පවා, කොලඹ සහ නුවර එජාපයට තිබුණ කොලෝනියල් සිලෝනියස් බෙස් ඒක කවදත් දිනුවා. ඒත් ඒක  මහින්ද විසින් වෙනස් කරල  ඉවරයි. 69ලක්ෂය කියන්නේ ඒජාපයට තිබුණ ඒ නාගරික ස්ථාවර චන්ද බේස් එක ම අවසාන වශයෙන් මුළුමින් කඩපු කූටප්රාප්තික අවස්ථාවක්. ඒ කියන්නේ නාගරික චන්ද දායකයා ගමේ චන්ද බෙස් ඒකට හිස නමපු විකෘති අවස්ථාවක්. (ධනේෂ්වර සංවර්ධනයට අනුව සාමාන්‍යයෙන් විය යුතු දේ නගරයට ගම හිස නැමීම.)   

                                                                                  

ලුම්පන් සමාජ පසුබිමක දේශපාලන කතිකාවක් අනුව සිතමින් පතමින් දේශපාලනය කරන සජිත් සහ හිරුනිකාලාට කොළඹින් සැතැප්ම 20ක් ඒහාට ගියා ම කොළඹ සිස්ටම් එකෙන් වියුක්ව ජීවත් වන අයාලකාමියාව තේරෙන්නේ නැහැ.  මහින්දට තේරෙන්ව. ජවිපෙට වඩා හොඳින් තේරෙනව.                                                                                       

හොඳට මතක තියා ගනින් සජිත්ට රණසිංහ ප්‍රෙමදාස වැනි පෘතුළ දේශපාලන දැක්මක් සහ පැවත්මක් නැහැ. නූතන පසුබිමක හිටපු රණසිංහට ප්‍රේමදාසට සාපේක්ෂව නව-නූතන පසුබිමක ඉන්න සජිත් කියන්නේ දුර්වලයෙක්. ඒක රනිලුත් පිළිගත්තා.                                                                                                                                                                                            

ඉතිං ජවිපෙ කුමන්ත්‍ත්‍රණකට බය විය යුතු නම්, ඒ වාගේ ම, ඉදිරියේ දී ගොඩනැගෙන්නට නියමිත එජාප-පොහොට්ටු-සජබ පූට්ටුව ද චන්ද බේස් ගැන විශ්වාසය තබන්නට බිය විය යුතුයි.  නමන්ද එය නොපවතින යථාවක් නිසා. මන්ද, දැන් පවතින ලංකාවේ චන්ද බේස් වලට කලින් තිබූ අනන්‍යතා කුඩුසංසාර වෙලයි තියෙන්නේ. ඒක බහුල වශයෙන් කළේ සෝෂියල් මීඩියා වලින්. වෙන් වෙන්ව තිබූ චන්ද චන්ද බෙස් අනන්‍යතා මිශ්‍ර තනි පොකුරු අනන්‍යතා නහුතයක් බවට පත් කළේ සෝෂියල් මීඩියා.

 

එජාපයට තිබූ පක්ෂයේ චන්ද පදනමික අනන්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් සජබය වෙත ගියාට, ඒක එජාපයේ බෙදීම වෙන්න පෙර තියා ම මොනුයමන්ට් එකක් (ස්මාරකයක්) විදිහට තිබුණ චන්ද පදනමක් විතරයි. ඒක  වර්ධනය කරගන්න නම්, ඒජාපය නූතන පක්ෂයක සිට නව-නූතන ධනේෂ්වර පක්ෂයක් බවට ප්‍රතිසංවිධානය කරගන්නයි තිබුණෙ.

 

ඒක කරගැනීමේ දැනුම තිබුණෙ සජිත්ට නෙවෙයි, රනිල්ට. නමුත් රනිල් පක්ෂ සංවිධානය කිරීම වගේ වැඩවලට කම්මැලි යි. සාගල සහ අකිලවිරාජ් අතර පරස්පරය නැමති කළුකුහරයට ගොස් ආපහු එනකොට පක්ෂය හැදීම එච්චර ආතල් වැඩක් නෙවෙයි එයාට. නමුුුත් නූතන සංදර්භයක වැඩ කරපු ජේ.ආර්. ජයවර්ධන වැනි චරිතයකට ආතල් ම වැඩේ වුණේ ම පක්ෂය. ඒ නිසා නූල් බෝලෙ ලිහුණ වගේ දැන් එජාපයේ පක්ෂ ව්‍යුහය ලිහිල තියෙන්නේ. ඒකට සාගලට සහ අකිලට ද ජවිපෙ තුතිවන්ත විය යුතුයි.

 

සජබය මේ අවුල ලිහන ඊට රිප්ලේස් එකක් නෙවි. සජිත්ට නව-නූතන පක්ෂය කියන ඒක තේරුම් ගන්න තරම් ඥාන-විභාගක් (Epistemology) නැහැ. එයා තාත්තගෙ සිංදු පුතා කියනව වගේ පරම්පරා විරෝධී  බඩී ඒකක් විතරයි. හර්ෂ ද සිල්වාටත් ඒයාව නියෝ-මොඩන් කරන්න බැරිවෙලා තියෙන්නේ. දැන් මොනව කරන්නත් බැහැ, මොකද හැමෝම ඉන්නේ මාස කිහිපයකින් චන්දය කරගන්නට තටමන ඩෙඩ් ලයින් ප්‍රෙෂර් එකක.                                                                                                           

ජනාධිපති වෙච්ච වෙලාවෙ ඒ පදවියේ බලතල සහ ප්‍රාග්ධනය භාවිතා කරල එජාපයේ පක්ෂය සංවිධානය කරන්න ප්රයෝරිටි දුන්න නම්, මේ වන විට රනිල්ට තියෙන්නේ කේවල්  කරන්න පුළුවන් දේශපාලනය ව්‍යුහයක්. ඒත් ඒක කරන්නේ කොහොම ද? පක්ෂයේ ප්‍රධාන සංවිධායක සාගලනෙ. නියෝජ්‍ය නායකයා  නිදිමත විජේවර්ධනනේ. මේ දෙන්නා ම අවිඥානිකව ජවිපෙ පැත්තේ. මේ දෙන්නාට කුණු වෙද්දීත් ගඳ උහුලං ඉන්න පුළුවන් මාර ස්කිල් ඒකක් තියෙනව. ඉතින්, දැන් කොහොමත් පමා වැඩියි.‍ දැන් කේවල් කරන්න පුළුවන් පක්ෂ ව්‍යුහ ව්‍යුහයක් තියෙන්නේ රටේ ම අනුරට විතරයි.

 

එජාපයට කරන්න තිබුන දෙය නම්, රවී කරුණානායක-හරීන්-අකිල වැනි අයගේ සමූහ නායකත්වයක් හදල ඔවුන් හරහා පක්ෂය භෞතිකව සහ ඩිජිටලි ගොඩඩනගා ගැනීම. මොකද සජබෙ කැඩිල ගියත් පක්ෂයේ බහුතර සාමාජිකත්වය රඳල හිටපු එජාපයේ තුන්වෙන් සහ හතරවෙනි පෙළවල් ඉතුරුවෙලයි තිබුණෙ. ඒවායේ දක්ෂ සාමාජිකයෝ සංවිධානාත්මක නායකත්වයක් නැතුව රනිල්ට යි සාගලටයි බැන බැන යන තත්වයක් තිබුණෙ. දැන හෝ නොදැන දේශපාලනයේ සැඟවි මුග්ධයාගේ චරිතය රඟන රුවන් ෆර්ඩිනැන්ඩස් එජාපයේ පක්ෂ සංවිධානය කිරීම ක්ලෝස් කරල රනිල්ගෙ අවධානය වෙනතක හරවල නටපු අරාජිකවාදී නාඩගමෙනුත් වක්‍ර සහ සෘජු වාසිය ගියේ ජවිපෙට. ඒකට රුවන් ෆ්ර්ඩිනැන්ඩස්ටත් ජවිපෙ ස්තුති කළ යුතුයි.

 

pic 06

(දේශපාලනයේ දී මුග්ධයෙකු-idiot වීමට වඩා මුග්ධයෙකු ලෙස රඟපෑම ප්‍රයෝගික කලා භාවිතාවල කෙපැමිණි අතිනිපුන චාලි චැප්ලින්ටත් වඩා අසීරු කාර්යභාරයක්. එයා දෙන්නේ මාරම හැන්ග්ඕවර් ටයිප් ෆන් නායකත්වයක්.)

 

මොකද නව-නූතන පක්ෂයක් සංවිධානය කරන ඒකේ වැදගත්කම සහ අසීරු උවමනාව දන්නේ නැති එජාපය සහ සජබෙ වගේ සංවිධානවල වල ඉන්න නූතනත්වයවත් හරියට ග්‍රහණය නොකරගත්තු උදවිය රටට ඊළඟ ධනවාදය ගේනවට වඩා හොඳයි, විනයගත පක්ෂ රාමුවක් තියෙන ජවිපෙ විසින් ම ලක්දේශයට ධනේෂවර නිෂ්පාදන උපකරණ ගේන ඒක. ඒක, 1978දි චීන කොමියුනිස්ට් පක්ෂයේ ඩෙන් ෂියා පෙන්ග් පවා ගත්තු දේශපාලනාර්ථික උපාය මාර්ගයක්. ඒ තමයි ධනවාදී සංවර්ධනයෙන් නොලැබුණු ටික සපුර ගන්න ගමන් ඊට සමාන්තරව සෙමින් සමාජවාදය කරා යාම.   

     

pic 07

(“වකන්දා ෆොර් එවර්” වසර 70ක් රට කරවපු කොලෝනියල් පුභූන්ගේ නොදන්න කම සහ ඉහළ මධ්‍යම පංතික කුසීත කම පරයාගෙන සහ එය ම දඩමීමා කරගෙන ඌන-සංවර්ධිත හෙළ අසුර කිංඩම් ඒකේ බ්ලැක් පැන්තර් වන අනුර කුමාරගේ තියුණු බැල්මක් සහිත කළු ඉංගිරිවයාව 68 ලක්ෂ ශාකයට මුවා වී මේ වන විටත් රටේ ජනාධිපති පුටුවට ක්ෂණ  බැල්මක් හෙලා අවසන්. පුළුවන්නම් ඉලක්කය වලකන්න.)  

                                                                              

රනිල් ධනේෂ්වර දේශපාලනයක් නම් කරන්නේ, කරන්න තිබුනේ, පොහොට්ටුව ගාණකට නොගෙන විධායක බලතල භාවිතා කරල කරල පක්ෂය ගොඩනැංවීම සහ නව-නූතන නිෂ්පාදන උපකරණ ආනයනය කරන්න අයිඒම්එෆ් ණයෙන් කොටසක් යෙදවීම. 90දශකයේ දී ඉන්දියාවටත් මේ වගේ  ම ආර්ථික අර්බුදයක් ඇවිත් අයිඒම්ඒෆ් ගියේ එවැනි බිස්නස් ප්ලෑන් ඒකක් අරගෙන. නමුත් රනිල් ඒ සියල්ල ම වෙනුවට පුද්ගලික ආතල් ගැනීම තොරාගත්තා. ඒක හරියට අපායේ ඉන්ටවල් ඒක වගේ. ඒ තීරණාත්මක කාලාවකාශය පාවිච්චි කරලා ජවිපෙ තමන්ට තියෙන දැනුම අනුව පක්ෂ සංවිධානාත්මක සංවර්ධනයන් වල නියැළුනා. දැන් රටේ ග්රාස් රූට් ලෙවල් ඒකට රනිල්ට සහ සජිත්ට ඒකතුවෙලා කරන්න මහ ලොකු දෙයක් නැහැ. කළ හැක්කේ සුළු බලපෑමක් විතරයි. ලුම්පන් හිරුණිකාට ඉතුරැවෙලා තියෙන්නේ ආශු මාරසිංහ වාද-විෂය වගේ තවත් අදේශපාලනික කක්ක ගොඩක් අවුස්සන්න.

 

@අරවින්ද හෙට්ටිආරච්චි 

(මිතුරෙකු හා කළ සංවාදය වාර්තා කිරීම)

 

බ්ලැක්පැන්තර් 01 -සිනමාපටයේ සබැඳිය -

https://www3.6movies.net/watch-movie/free-black-panther-hd-19797.5297200

 

නවතම ලිපි