SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමරිකාවේ කැලිෆෝනියාවේ Moringa for life  සංවිධානයේ  නිර්මාතෘ "ජපානයේ අම්මා" හෙවත් මොරිකෝ  ගිල්ෆොඩ්" (Moriko Gilffod)

අද (19) ත්‍රීකුණාමලයේ මුරුංගා  පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන වැඩමුලුවකට සහභාගී වී තම පර්යේෂන දැනුම ලාංකිකයන්ට ලබාදීමට කටයුතු කර ඇත.

 

මෙම වැඩමුළුව සඳහා එකී ව්‍යාපෘතිය ලංකාවේ ප්‍රවර්ථනය කරන දමයන්ති ජෝන් ලී  (DamayanthiJoan Lee) ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

 WhatsApp Image 2024 04 19 at 11.40.17

 

 

WhatsApp Image 2024 04 19 at 12.31.56

 

එමගින් අපේක්ෂා කරන්නේ මුරුංගාවල ඇති පෝෂනීය ගුණය සහ ඖෂධීය වටිනාකම් ආදී හෑම සංඝටකයක් සහිත ලෝකය පිළිගන්නා ශාඛය පිළිබඳව ලාංකිකයන් දැනුවත් කිරීමය. එසේම ලංකාවේ සුළභව වැවෙන ශාඛයක් වන මුරුංගා ශාඛය පිළිබඳ ලාංකිකයන්ට නොමැත්තේ ඒ පිළිබඳ අවබෝධය බව ව්‍යාපෘතියේ සංවිධායකයන්ගේ මතය වී ඇත.

 

එමෙන්ම අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන Miracle tree හෙවත් මහෞෂධ ශාකය ලෙස ලොවම හඳුන්වන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා ශාක සෑම නිවසකම රෝපණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

WhatsApp Image 2024 04 19 at 00.09.171

 

ඒ අනුව ඊයේ  (18) 10.16  යෙදෙන එළඹෙන සිංහල දෙමල  අලුත් අවුරුදු පැල සිටුවීමේ  නැකතට කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිනි. අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත් දිනය මෙරට මුරුංගා ජාතික දිනය ලෙස නම් කෙරී ඇති අතර ඒ සඳහා වන ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසයි.

 

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට මුරුංගා පැළයක් නිවෙස්වල සිටුවීමට ජනතාව දිරිගන්වමින් මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩ සටහන 18 උදේ 10.16 නැකතට අනුව ආරම්භ කරමින් මුරුංගා පැල 09ක් සිටුවන ලදී.

 

WhatsApp Image 2024 04 19 at 00.09.172

 

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර  ජයකොඩි, ගංගාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි , මුරුංගා ශාකය පිළිබඳ ඇමරිකාවේ කැලිෆෝනියාවේ වසර 26ක් පුරා පර්යේෂන කරමින් මුළු ලෝකයම එම මහෞෂධ ඖෂධය පිළිබඳ  දැනුවත් කරන  Moringa for life  සංවිධානයේ  නිර්මාතෘ "ජපානයේ අම්මා" හෙවත් මොරිකෝ  ගිල්ෆොඩ්" (Moriko Gilffod), තිරිකුණාමලයේ මුරුංගා  පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී  (DamayanthiJoan Lee) , ව්‍යාපෘති අධ්‍යක්ෂ වසන්ත කුලත්‍රංග ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.

 

WhatsApp Image 2024 04 18 at 21.46.33WhatsApp Image 2024 04 18 at 21.46.38WhatsApp Image 2024 04 18 at 21.46.43WhatsApp Image 2024 04 18 at 21.46.44WhatsApp Image 2024 04 18 at 21.46.431WhatsApp Image 2024 04 19 at 00.09.19WhatsApp Image 2024 04 19 at 00.09.21WhatsApp Image 2024 04 19 at 00.09.171WhatsApp Image 2024 04 19 at 00.09.191WhatsApp Image 2024 04 19 at 11.13.14WhatsApp Image 2024 04 19 at 11.13.15WhatsApp Image 2024 04 19 at 11.13.17WhatsApp Image 2024 04 19 at 11.13.45WhatsApp Image 2024 04 19 at 11.13.141WhatsApp Image 2024 04 19 at 12.32.29

 

@සමාරා

පෙර ලිපි

https://slleader.lk/life-style/9570-18

නවතම ලිපි