SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට පොලිස්පති කාර්යාලයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති

අතුරු නියෝගයට මැදිහත් වෙමින් එය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගොනු කළ අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) ප්‍රතික්ෂේප කළේය.

 

 

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. 

 


හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු සහන සහ ජනාධිපතිවරයා කිසිදු පත්කිරීමක් නොකිරීම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ ජනාධිපතිවරණයේ වගකීම් ඉටුකිරීමට බලපාන බව මැදිහත් වූ පෙත්සම්කරුවෝ මෙහිදී ප්‍රකාශ කළහ. 

 

මෙම අතරමැදි පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

ඒ අනුව නියෝගය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම අතරමැදි පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව දැනුම්දී තිබුණි.

 

 

නවතම ලිපි