SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (18) මධ්‍යම රාත්‍රි 12.00 ට 2024 ජනාධිපතිවරණය සඳහා වූ සියලුම ප්‍රචාරක රැස්වීම්

අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.

 

 

ඒ අනුව එම රැස්වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 

 

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය උපමානයන්ට අනුව අදින් අවසන් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලට අදාල දර්ශන, ඡායාරූප සහ විස්තර අද දින රාත්‍රි සහ හෙට දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශවල මෙන්ම හෙට දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල පමණක් විකාශය කිරීම හා පළකිරීම කළ හැකි බවයි.

 

ඒ අනුව හෙට දහවල් 12.00 න් පසුව ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වල වාර්තා මෙන්ම ප්‍රචාරක දැන්වීම් පළ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

 

මෙම නියමයන් රූපවාහිනී, පුවත්පත් ආයතනවල හා සෙසු සියලුම සමාජ මාධ්‍ය සඳහා ද අදාල බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

 

නවතම ලිපි