SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි දින කිහිපය සඳහා රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ සම්පූර්ණ කාලගුණ වාර්තාවක්

මැතිවරණ කොමිෂන් සභාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල් රත්නායක අද ප්‍රකාශ කළේය.

 

 

අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් ජනාධිපතිවරණයට බාධාවක් නොවන පරිදි කටයුතු කිරීමට සහ පූර්වාරක්ෂක පියවර ගැනීමට කාලගුණ වාර්තාවක් ලබා ගත් බව ඔහු පැවසීය.

 

ඊට අමතරව සිකුරාදා (20) සිට පැය තුනකට වරක් කාලගුණ වාර්තාව ලබා ගන්නා බවද ඔහු වැඩිදුරටත්  පවසයි.

 

 

අයහපත් කාලගුණය සහ ආපදා තත්ත්වය හේතුවෙන් මැතිවරණයට බාධාවක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමට සූදානමින් සිටින ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

 

ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඔරු සහ බෝට්ටු සීරුවෙන් තබා ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම නාවික හමුදාවට උපදෙස් දී ඇත.

 

dailymirror

නවතම ලිපි