SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 වැනි දා තෙක් තැපැල් කාර්යාලයෙන්

පත්‍රිකා ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව  දැනුම් දී ඇත.

 

 

කෙසේ වුවද 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

             

 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින් සිටී නම් අද (19) සිට 21 වැනි දා දක්වා  තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගන්නා ලෙස නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කරයි.

 

 

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකි අතර කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

නවතම ලිපි