SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර ප්‍රතිව්‍යුහගකරණය කිරීම සඳහා ණය හිමියන්

එකගතාවය පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

 

 

ජාත්‍යන්තර සෛවරී බැදුම්කරහිමියන්  සහ වානිජ ණය හිමියන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියාව ලැබී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

 

 

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර හිමියන් සමග මෙන්ම චීන සංවර්ධන බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 3.3ක ණය මුදලද ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවී ඇති බවය.

 

 

මේ සමගින් වර්තමානයේ පවතින ණය ප්‍රමාණයෙන් සියයට 40.3ක සහනයක් රටට ලැබී තිබේ.

 

 

මේ මගින් ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර පොලී ගෙවීම් අඩුවීම තුළින් මූල්‍ය ස්ථාවරයත් ඇති කරගැනීමට හැකියාව ලැබෙන බව මාධ්‍ය අංශය කියයි.

 

 

නවතම ලිපි