හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට
තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔහු දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
අද වන විට දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත් සෞඛ්‍ය තත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් ඔහු මෙම තීරණය ගෙන ඇත.
සාම්ප්‍රදායික දේශපාලනයට එල්ල වී ඇති විවේචනයන් ද මේ සඳහා බලපා ඇති බව ද දැනගන්නට තිබේ.
තිස් වසරක යුද්දය අවසන් කිරීම, ආර්ථිකය 7.6%ක වේගයකින් වර්ධනය කිරීම, දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය කිරීම ඔහුගේ ජනාධිපති ධුර කාලය අතුලත සිදු කිරීමට සමත් විය.
lankacnews