විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි
සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති දැනුම් දී ඇත.
පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසුරිය දැනුම්දී ඇත.
එසේම පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.