සිරිමා ආණ්ඩුවේ ආර්ථික අර්බුදය ගැන 'New York Times' හි 1974 මැයි 13 වනදා පළ වුණු Bernard Weinraub විසින් ලියන ලද ලිපියෙහි පරිවර්තනයයි මේ.
මේ ලිපිය ලියැවී තිබෙන්නේ, බටහිර නියෝ ලිබරල් වාදය ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් අවධියේය. ලිපියට එකඟද, එය දෘෂ්ටිවාදයක් මතින් ලියවී ඇත් දැයි තීරණය කරන්න.
Sri Lanka, Short of Food, Faces an Economic Crisis - by Bernard Weinraub
අලුයම වන විට මිනිසුන් සිය ගණනක් පාන් පෝලිම්වල රැඳී සිටිති. වයෝවෘද්ධ පිරිමින් සහ කාන්තාවන් කුණු බක්කි වලින් අහුලා ගනිති. සොරුන් ගම්බද පලාත්වල එළවලු සහ සහල් නෙලා ගනිති.
පෙර සිලෝන් නමින් හැඳින්වූ ලංකාවේ පස සරුසාර වුවද, මිලියන 13 ක ජාතිය බරපතල ආහාර හිඟයකට මුහුණ පා ඇත. එපමණක් නොව, එය බංකොලොත් වෙමින්ද, උද්ධමනය මගින් කම්පනයට පත් වී, අභ්‍යන්තර විසංවාදයෙන් දෙකඩවී, අනාගතය ගැන තැති ගන්වන තත්ත්වයකට පත්ව ඇත.
දැඩි දේශපාලඥයෙකු සහ සමාජවාදියෙකු වන අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෑතකදී පැවසුවේ "ආර්ථික අර්බුදය අපව හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයකට හිර කර තියනවා. අපි ඇත්තටම ජීවත් වීමට සටනක් කරමින්ය සිටින්නේ.” කියාය.
ප්‍රබල විවේචනයට ලක්ව සිටින බණ්ඩාරනායක මැතිනිය තම ජාතිය වෙනුවෙන් සෑම විටම ඇයගේ තියුණු සටන් පාටය නැවත නැවතත් කියයි. “(Produce or perish) -නිපදවනු නැතහොත් විනාශ වෙනු"
People Are Well Fed. - මිනිසුන් හොඳින් පෝෂණය වේ.
මේ අර්බුදය එකවරම ඛේදජනක හා විකාර රූපී බවට පත් කරන්නේ, රජයේ පරිත්‍යාගශීලිත්වය නිසා ලංකාවාසීන් දකුණු ආසියාවේ හොඳම පෝෂණයක් ලබන, හොඳම උගත් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාව අතරට පැමිණීම නිසායි. ඔවුන්ගේ සාරවත් නිවර්තන ඉන්දියන් සාගර දූපත, බටහිර වර්ජිනියාවේ විශාලත්වයට සමාන වන අතර, ඝන වෘක්ෂලතාවලින් වැසී ඇත.
බොහෝ විට ශ්‍රී ලංකාවේ දුක්ඛිත තත්ත්වයට මූලික හේතුව වනුයේ, ලංකාවේ අපනයන ඉපැයීම් ස්ථාවරව තිබියදී, ආහාර ආනයන වියදම සර්පිලාකාරව ඉහළ ගොස් පැවතීම විය හැකිය. තවද, රජයේ ගොවිබිම් සඳහා වූ වැරදි කළමනාකරණයද, වගාකරුවන්ට ලැබෙන අවම දිරි ගැන්වීම්ද, ඉඩම් ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලික වතු පවරා ගැනීමද, යටත් විජිත සම්ප්රදායේ ඉතිරිවූ අවශේෂයද, බ්‍රිතාන්‍යයන් සිදුකල තේ සහ රබර් අපනයනය කිරීම වෙනුවෙන් අනෙකුත් ආහාර නිෂ්පාදනය නොසලකා හැරීමද - සශ්‍රීක ජාතියක්, සහල් සහ තිරිඟු සදහා හිඟමනේ යෙදීම දක්වා තල්ලු කර ඇත.
පසුගිය මාසයේ එක්තරා මොහොතක, ශ්‍රී ලංකාව සතුව සහල් තොග තිබුණේ සති දෙකක කාලයක් පමණක් බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. නමුත් චීනයෙන් ලද සහල් ටොන් 40,000 ක හදිසි නැව්ගත කිරීම, උද්ගත වීමට තිබු ක්ෂණික අර්බුදය යන්තමින් වැළැක්වීය. ලංකාවට ආහාර අලෙවි කරන අනෙකුත් ජාතීන් වන්නේ, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය, සෝවියට් සංගමය, කැනඩාව, එක්සත් ජනපදය සහ තමන්ටම කියා බරපතළ ආහාර අර්බුදයක් ඇති ඉන්දියාවයි.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ජීවත් වන්නේ Ship to mouth- හෙවත් "නැව ආවොත් අපි කමු'' පැවැත්මක බවයි. ආර්ථික විද්‍යාඥයෙක් මෙසේ පැවසීය: “රට දැන් ක්‍රියාත්මක වන්නේ සතියෙන් සතියට යන පදනමෙන්. කොපමණ ප්‍රමාණයක් එනවාද සහ කොපමණ ප්‍රමාණයක් පිටතට යනවාද යන්න අපි පරීක්ෂා කරනවා. අපි සතියකට එහා හිතන්නේ නැහැ. මොකද එහෙම කරන්න අපිට බැහැ.”
Two Billion in Debt -ඩොලර් බිලියන 2 ක ණය.
ශ්‍රී ලංකාව වෙනත් ජාතීන්ට බිලියන 2 ක් පමණ ණය වී ඇති අතර, ලංකාවේ දුර්වල ණය තත්ත්වය නිසා, තවදුරටත් ණය ලබා ගැනීමට වැඩි වැඩියෙන් අපහසු වෙමින් පවතී. මේ වසරේ ශ්‍රී ලංකාව, සිය විදේශ විනිමය ඉපැයීම්වලින් තුනෙන් දෙකක් හෙවත් ඩොලර් මිලියන 300 ක් පමණ වැය කරනු ඇත්තේ සහල් සහ තිරිඟු ආනයනය සඳහා පමණක් වන අතර, එහි පිරිවැය පසුගිය වසර දෙක තුළ තුන් ගුණයකින් වැඩි වී ඇත.
මේ අතර ප්‍රධාන අපනයනය වන තේ, රබර් සහ පොල්, විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට 80 ක් සඳහා දායක වුවද, ආහාර බිල්පත් වල වියදම ගෙවීමට ප්‍රමාණවත් තරම් උත්පාදනයක් කිරීමට ඒවා අපොහොසත් වී ඇත. එයට හේතු වන්නේ, පොහොර හිඟයද, නිලධාරිවාදී සීමා කිරීම් සහ නව උපකරණ සඳහා කරනු ලැබූ අඩු ආයෝජනයන්ය. තවද අපනයන මිළ ගනන් , විශේෂයෙන්ම තේ වල මිල ආනයනය කරන ධාන්‍ය මිල වැඩි වූවා සේ වැඩිවී නැත.
ආර්ථික විද්‍යාඥයෙක් පැවසුවේ “ මෙය දර්ශනීය නොජයග්රහණයක්" බවයි. “ඔවුන් අපනයනය කරනවාට වඩා සියයට 50ක් වැඩිපුර ආනයනය කරනවා. ඔවුන් බංකොලොත් වී ඇති අතර, ආහාර සඳහා විශාල මුදලක් වැය කිරීමට ඔවුන්ට බල කෙරී ඇති බැවින්, ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ඛනිජ තෙල්, පොහොර සහ භාණ්ඩ නිෂ්පාදන සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඉතා අල්පයකි.
ආන්ඩුවේ විවේචකයන්ට අනුව, අර්බුදය තීව්ර කිරීමට හේතුවී ඇත්තේ, ආණ්ඩුවට පවරා ගැනීම් සඳහා වූ දෘෂ්ටිවාදීමය ඇබ්බැහිය හා අතිශයින් ඈතට විහිදෙන සමාජ සුබසාධන ක්‍රියා මාර්ග සම්ප්රදායයි. ඒවා අතිශයෝක්තියන් වන අතර සමහර විට අඩපණ කරවන සුළුය.
Big Rise in Population ජනගහනයේ විශාල වැඩිවීම.
අති මහත් බහුතරයක් වන සෑම බදු (නො)ගෙවන්නෙකුටම - දශක ගණනාවක් සිට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර, නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ ආහාර ලබා දීමේ ක්‍රමය, විශේෂයෙන් වසර 25 කින් දෙගුණයක් වූ ජනගහනය සමඟ ආර්ථික වශයෙන් කළ නොහැකි බව ඔප්පු වී ඇති බව ලාංකිකයන් පවා පිළිගනී. මීට අමතරව රජය, තිරිඟු, සීනි සහ පිටි වලට යථාර්ථවාදී නොවන අඩු මිලකට ගැනීමට සහනාධාර ලබා දෙයි.
මේ සහනාධාර නැවතීම දේශපාලන සියදිවි නසා ගැනීමක් වන අතර, බණ්ඩාරනායක මැතිනියගේ සභාග එක්සත් පෙරමුණ 1973 දී බලයට පත් වූයේ වෙන කවරදාටත් වඩා නොමිලේ සහල් ලබා දෙන බවට වූ පොරොන්දුව මතය.
එක්දහස් නවසිය පනස් ගණන්වලදී සතියකට රාත්තල් 10ක් වූ සහල්, පිටි සහ සීනි සලාකය, දැන් රජය සතියකට රාත්තල් තුනක් දක්වා කපා හැර තිබේ. පසුගිය වසන්තයේ රාත්තල් හතරක්වූ සහල් සලාකය දැන් සතියකට රාත්තල් එකහමාරක් දක්වා අඩු කර ඇත.
තමන් බලයට පත් වුවහොත්, සතියකට ආහාර සලාකය රාත්තල් අටක් බවට පත් කරන බව, විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ, ජේ.ආර්. ජයවර්ධන මහතා පවසන්නේ, ලංකාවේ උඩු යටිකුරු දේශපාලන ක්රියාකාරීත්වයේ සළකුණු කිරීමක් ලෙසය.
රටෙහි ජනගහනයෙන් අඩක්, වයස අවුරුදු 30ට අඩුවූ ජාතියක, නිදහස් අධ්‍යාපනය නිසාත්, කඩා වැටෙන ආර්ථිකය තවමත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ නිසාත් - 700,000ක් පමණ උගතුන් රැකියා නොමැතිව සිටිති. මෙය නොසන්සුන්තාවයේ ප්‍රධාන මූලාශ්‍රයකි.
1971 දී මෙම කණ්ඩායම රජයට එරෙහිව කැරැල්ලක් දියත් කළ අතර එය ආරක්ෂක හමුදා විසින් නිහඬව නමුත් දරුණු ලෙස තලා දැමීය. ආණ්ඩුව ඝාතනය කළ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් දක්වා දිවෙයි.
තම සැමියා වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටියදී 1959 දී ඝාතනය වූ අතර, බණ්ඩාරනායක මැතිනිය පක්ෂ තුනක ධනේශ්වර විරෝධී හවුලක නායකත්වය දරයි. ඒවා නම්, 'ප්රජාතන්ත්රවාදී සමාජවාදි" පක්ෂයක් ලෙස හඳුන්වන ඇයගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මොස්කව් ගැති කොමියුනිස්ට් පක්ෂය සහ ට්‍රොස්කිවාදී ලංකා සමසමාජ පක්ෂය වෙයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලික ආයෝජන, දැඩි සීමාවන් යටතේ පවතින අතර, ඕනෑම සමාගමක් ජනසතු කිරීමට ඉඩ සලසන පියවරයන් රජය හඳුන්වාදී ඇත - එය විදේශ ආයෝජන ප්‍රායෝගිකව සිඳී යෑමට සැලැස්වූ පියවරකි.
බදු ගෙවීමෙන් පසු වියදම සඳහා ලඟ තබා ගත හැකි ආදායම ඇමරිකානු ඩොලර් 330ට සීමා කිරීම හා, තම සන්තකයේ තබා ගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50 කට සීමා කිරීම යන පියවර, ආයෝජන සහ නිෂ්පාදනය තවදුරටත් සීමා කර ඇත.
“රට ඉතිහාසයේ කිසිදා මුහුණ නොදුන් ආකාරයේ අර්බුදයකට අපි මුහුණ දී සිටිමු. එකම ගැලවීම ඇත්තේ රට ස්වයංපෝෂිත කිරීම තුළයි." -- අගමැතිනිය මැයි දින ජනතාව අමතමින් පැවසීය. (1974 May 13th.)
පරිවර්තනය -@ Marlon Roshan