“අද කාන්තාව ලංකාවෙ සම අයිතිය ලබාගෙන ඉන්නෙ. ඒක කාන්තාවො පාවිච්චි කරන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ” - රාජ්‍ය නායිකාවක්.
“රාත්‍රියේ කොළඹ ඇවිද්දට තරුණියො හතර දෙනෙක්ට දඩ ගහලා.” - පුවතක්
“වසරේ වැඩිම අලෙවි ආධායම් උපයාගත් මාධ්‍ය වෙළදාම” - හංවැල්ල සිදුවීම
“කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැටලු නිරාකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශයට පත් කිරීම” -1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියෙන්
බොහෝ දෙනා මෑත ඉතිහාසයේ කතාබහට ලක්කරන කාරණයක් තමයි දැන් ලංකාවේ ගෑණුන්ට අමුතුවෙන් දිනාගන්න අයිතිවාසිකමක් නැතිය. ගෑණු පිරිමි දෙකොටසම එක වගේම අයිතීන් සහිත මනුස්සයො විදියට සමාජය පිළිගන්නව කියල. තවත් සමහරු කියනවා, “සමතැන? සමතැන නෙවෙයි කාන්තාවටත් පිරිමින්ට වගේම නිසි තැන දෙන්න ඕන.” කියල. මෑතකදි මේ රටේ රාජ්‍ය නායිකාවක් එක්ක කරපු කතාබහකදිත් මේ අදහසම වර නැගුන. ඇය කීවෙත් ඔය ආකාරයේම කතාවක්. ඇය කියනව,
“අද කාන්තාව ලංකාවෙ සම අයිතිය ලබාගෙන ඉන්නෙ. ඒක කාන්තාවො පාවිච්චි කරන්නෙ නැති එකයි දැන් වෙලා තියෙන්නෙ” කියල.
මේ රට පාලනය කරපු රාජ්‍ය නායිකාවක් එහෙම කියද්ද තවත් පුවතක් වාර්තා උනේ මේ විදිහට.
“රාත්‍රියේ කොළඹ ඇවිද්දට තරුණියො හතර දෙනෙක්ට දඩ ගහලා.”
මේක සිද්ධවෙලා තියෙන්නෙ රෑ නවයෙන් පස්සෙ කොළඹ නගරයේ ඇවිද්ද තරුණියො හතර දෙනෙක්ට පාරෙ ඇවිදගෙන ගියාට පාදඩ පනත අනුව දඩ ගැහීමක්. එතකොට මොකක්ද මේ හතර බීරි කතාව. කොහොමත් දැන් කාලෙ රෑට පාරෙ තනියම ඇවිද යන්නට ගෑනු සහ ළමයි කොහොමටත් බයෙන් ඉන්නෙ. මොකද කොයි වෙලේ ඇදගෙන ගිහින් දූෂනය කරල මරල දායිද කියන භය අවිශ්වාසය ඔවුන් තුළ තියෙනවා. ඊට සාධාරණ හේතු සහ සාක්ෂි බැලූ බැලූ අත.
මෙන්න මේ වගේ පරිසරයක් තියෙන රටක කාන්තාවට අවශ්‍ය සම අයිතිය වගේ ඇට්ටිකුණා වෙච්ච සටන් පාඨවල හරසුන් වචන නෙවෙයි, නිදහස! මිහිපිට අනෙක් දෙපා සිව්පා ඇතුළු හැමෝටම වගේ නිදහස. මනුස්සයෙක් විදිහට අනෙකෙකුට හිරිහැර කිරීමකින් තොරව තමන්ටද හිරිහැරයකින් තොරව ජීවත්වීමේ නිදහස. තවත් මිනිහෙක් දැක්කම භයක් හිතට නොඑන නිදහස! ඒක සොයා යන්න වෙලා, ඒ උනත් රාජ්‍ය මට්ටමින්ම නඩත්තු කරන පිරිමි පොලීසියට රාත්‍රියට පාරෙදි දකින ගෑණුන්ව දඩාවතේ යන්නන් වශයෙන් දැකීමත් පිරිමියෙකු එවන් තත්වයකලා නොසැලකීමත් කවර නීතියක් තුළ බහා තේරුම් ගන්නද?
නීතිය ඇතුලෙ ගැහැණිය සහ ළමුන් වර නැගෙන්නෙ සුවිශේෂ පුරවැසියො විදිහට. එහෙම වර්ග කරල තියෙන්නෙම ස්ත්‍රීන්ට හා දරුවන්ට අසමානව සැලකීමක් විදිහට නෙවෙයි, අන් අයගේ ආරක්ෂාව සැලකිල්ල ඔවුනට ලබාදිය යුතුය යන විශේෂ තැනක පිහිටුවලයි.
මේ ගැන හිතන්න පහුගිය කාලෙ හේතු කිහිපයක් ම කතාබහට ලක් උනා. එකක් තමයි ජාතික තලයේ මාධ්‍යයන්වල සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල කුණු රසය හා ජඩ රසය බෙදමින්, අලෙවි ආධායම් සීග්‍ර ලෙස උපයමින් ගෙන ගිය හංවැල්ල සිදුවීම. මේ සිදුවීම වාර්තාකළ, වාර්තා කිරීමට එරෙහි වුනු, පක්ෂ වුනු හා විරුද්ධ වුනු එකී මෙකී හැම දෙනාම වැටුනෙ එකම කුණු වලකටයි.
වඩාත්ම සිහිතලවන කාරණය වන්නේ අළුතින් විවාපත් වන මනාළ යුවලවල් විසින් තම ඡායාරූප ඇල්බමයට ලොකු සූට්කේසයද නව අංගයක් ලෙස ඇතුලත් කර ගැනීමයි. මෙය රටේ සිදුවන අති බිහිසුනු සිදුවීමක් පවා සමාජ මාධ්‍ය භාවිතාව තුළින් හාස්‍ය - නාට්‍යානුසාරී රසයක් එකතු කරගනිමින් මිනිස් සබදතා තුච්ඡ තත්ත්වයට පත්කිරීමකි.
බලාගෙන! ඔබේ සෑම ක්‍රියාවක් පසුපසම ප්‍රතික්‍රියාවක් ගමන් කරනු ඇත.
ඉදිරියට......”මිට මොලවාගත් අතට යමක් ලබාගත නොහැක”