පසුගියදා හිටපු එක්ස් කණ්ඩායමේ නායක දීප්ති කුමාර ගුණරත්න නව දේශපාලන පක්ෂයක් ජනගත කිරීමේ අවස්ථාව අන්තර්ජාලය හරහා දැකබලා ගත්තෙමු.
බොහෝ තාක්ෂණික දෝෂයන් මැද්දේ එම කරුණු දැක්වීම නිසියාකාරව නරඹන්නට, අසන්නට නොලැබීම කණගාටුවට කරුණකි. ඒ පිළිබද වගකීම සමබිම පක්ෂයේ ක්‍රියාධරයන්ට පවරන්නෙමු.
අනූව දශකය අගභාගයේ කොළඹ කේන්ද්‍රීයව ආරම්භ වුනු එක්ස් ව්‍යාපාරයේ නායකත්වය පිළිබදව කවුරුන් කුමන ආකාරයෙන් අර්ථ දැක්වූවත්, එහි නායකයා වූයේ දීප්ති කුමාර ගුණරත්නය. එහි ව්‍යාපෘතික ඉලක්කයේ එක් උපක්‍රමයක් වූයේ එවකට අධිපති සිවිල් සමාජයට කුඩුවෙන්නට ගැසීමය. නමුත් මෙය එක්ස් ව්‍යාපාරයට පමණක් සීමා වූ හුදු උපක්‍රමයක් නොවේ.
LTTE සංවිධානය උතුරේ අවි අතට ගනිද්දී ඒ වන විටත්උතුරේ පොළොව මත ක්‍රියාත්මක වෙමින් තිබූ EPRLF, PLOTE, EPDP, EROSE වැනි සංවිධාන වලට දෙමළ සමාජයේ ජන බලය බෙදී ගොස් තිබුණි. පසුව පිහිටුවන ලද LTTE ය විසින් නියමින් හෝ අනියමින් දෙමළ ජනතාවගේ ‘ලොකු අයියා’ වෙමින් මේ සංවිධාන සියල්ල එකින් එක විනාශ කරමින් එකී සමාජයේ අත්තනෝමතික බලය අතට ගත්තේය.
දකුණේ සමාජයේ වමේ ව්‍යාපාරයට එක් මොහොතක කුඩු වෙන්නට ගසන්නේ පසු කලෙක බිහි වූ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් වම දියකර හරින්නේ 1978 දී බලයට පත්වන තෙක්ම ජේ ආර් ගේ ප්‍රමුඛතම අරමුණක්ව පැවැති, බලයට පත්වූ වහාම ක්‍රියාත්මක කළ විවෘත ආර්ථිකයයි.
සම්ප්‍රධායික - පාරම්පරික වම පමණක් නොවේ, මහා ගරිල්ලා ව්‍යාපාරයන්ද, විප්ලවීය අරගල භාවිතාවන් අරමුණු කොටගත් දේශපාලන ව්‍යාපාරද දියකරන්නට පාර කැපුනේ විවෘත ආර්ථිකය සමග මහපොළොවේ වපුරන ලද අස්වැන්නයි.
විවෘත ආර්ථිකය මගින් මෙරට ආර්ථික, සංස්කෘතික දේශපාලනයේ වෙනස්කම් ගණනාවක් දශකයක් ගතවන්නටත් පෙර සිදුවූයේ බිහිසුනු සමාජ දේශපාලන පරිවර්තනයන් සමාජයට එක් කරමිනි.
ධනවාදය සමග එක්වුනු ධනවාදී සංස්කෘතිය මගින් සමාජ සංස්ථාව නගරය හරහා ගම අතික්‍රමණය කළේ ය. පවුල සංස්ථාවේ අගයන් හා වටිනාකම් අතික්‍රමණය කරමින් ඒවාට නව අර්ථකතන සපයමින් පංතිමය ගතිකයන් සීග්‍ර ලෙස බොදකෙරෙමින් සියලු ප්‍රජාවන්ට අවශෝෂනය විය.
ලාංකීය ගැහැණියට ජීන්ස් ඇන්දවූයේ ජේ ආර් ගෙනආ ධනවාදය මගිනි. ජීන්සය සාමාන්‍ය ජන ජීවිතයේ ස්ත්‍රියට සාමාන්‍ය දෙයක් නොවූයේ නම් අදද ජීන්සයක් ඇදගත් ගැහැණියගෙන් ‘අයියා අද ගෙදරදැයි’ අහන සමාජ මතවාදය වෙනස් වන්නේ නැත. හැන්ද ගෑරුප්පුවේ සිට අපගේ ආහාර සංස්කෘතියේ ධනවාදී සංස්කෘතික හිමිකම් අද කහටගස්දිගිලියටද සාමාන්‍ය එකකි.
අනූව දශකය අගභාගයේ එක්ස් ව්‍යාපාරය ආරම්භක වකවානුවේ සිටම මාධ්‍ය මගින් හෝ සම්මන්ත්‍රණ සාකච්ඡා මගින් සිවිල් සමාජයට ප්‍රහාර එල්ලකළ අතර වමේ ව්‍යාපාරයටද න්‍යායිකව ප්‍රහාර එල්ල කරන ලදී. එය සිවිල් පුද්ගල ප්‍රතිරූප ඇද වැටෙන ජනප්‍රිය මතවාදයක් ජනගත වීමක් විය.
මෙම න්‍යායික පහරදීම් වලින් අමන්දානන්දයට පත්වූ බොහෝ දෙනෙක් අදටත් සිවිල් බලය තනා ගැනීමට එරෙහි මතයක් දරමින් නිහඩව දිවි ගෙවන බවද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
අපගේ කතාවේ ආරම්භය වෙත යළිත් යොමුවෙමු. සමබිම පක්ෂය ජනගත කිරීමේදී එහි නායක දීප්ති කුමාර ගුණරත්න ඉදිරිපත් කරන ලද ජාතික දේශපාලනයේ දැනට පවත්නා ගැටළු මෙන්ම ඔවුන්ගේ ප්‍රවේශයේදී ඉටු කරන්නට බලාපොරොත්තු වන කාරණා තේරුම් ගත් පරිදි මෙසේ සංක්ෂිප්ත කරමි.
- උතුරේ 30 අවුරුදු යුද්ධය සමාජ ආර්ථික ප්‍රශ්නයකි.
- උතුරේ ජනතාවගේ මෙන්ම සමස්ථ රටේ ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසදීමට තම පක්ෂයට පැහැදිළි අරමුණක් තියනවා.
- ලංකාව තුල පවතින මුඛ්‍ය ගැටළුව වන්නේ ආණ්ඩුකරණය (governance) පිළිබද පවතින ප්‍රශ්නයයි.
- රටේ ප්‍රශ්නවලට උද්ඝෝෂණ හරහා විසදුම් සොයන පිරිස දන්නේ නැහැ ඔවුන් ජනතාවගේ සැබෑ ගැටළුවලින් විතැන් වී සිටින බව.
- රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ ආණ්ඩුකරණය තීන්දු කළේ රසිම් සාලි බව සාමාන්‍ය ජනයා දන්නේ නැහැ.
- කොළඹ තුළ විශාල තදබදයක් නිර්මාණය වී තිබෙන්නේ ගම්වල මිනිසුන් රැකියා සදහා කොළඹට පැමිණීම නිසයි.
- ගම්වල සිටින ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ගොවිතැනයි. එහිදී ඔවුන්ට වනසතුන් සමග ගැටෙන්න සිදුවී තිබෙනවා.
- මෙවැනි ප්‍රශ්න ගැන කොළඹ ඉදන් ලක්ෂ 4ක 5ක මාසික වැටුපක් ගන්න උසස් රාජ්‍ය නිලධාරින් දන්නේ කොහොමද? එවැනි අය පරිසර ප්‍රශ්න ධනවාදයෙන් වියුක්ත කරල විසදුම් හොයනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා.
- වමේ පක්ෂ බිස්නස්කාරයන්ගෙන් කප්පම් ගන්නවා. අපි එහෙම කරන්නේ නෑ.
- විශ්ව විද්‍යාල සදහා නිසි ප්‍රමිතිකරණයක් නැහැ. ආචාර්යවරුන් ප්‍රමිතිගතව උගන්වන්නේ නැහැ. අංශ ප්‍රධානීන් ලිංගික අල්ලස් ගන්නවා
- අපි බලයට පැමිණි විගස උයන්ගොඩ වාර්තාව ක්‍රියාත්මක කරනවා. උසස් පෙළ විභාගයේ කිසිදු වටිනාකමක් නැහැ. ඒ නිසා අපි වෙනත් විකල්ප විභාගයක් හදුන්වා දිය යුතුයි.
- රටේ ප්‍රමුඛතම අංශය වන්නේ කෘෂිකර්මාන්තයයි. ලංකාවේ ගොවීන්ගේ ආත්මීය ප්‍රශ්න ප්‍රමුඛයි. අපි ඒ බව මතක තබා ගත යුතුයි.
- මේ ප්‍රශ්න විසදීමට සංවර්ධන ජනමාධ්‍යවේදීන් අවශ්‍යයි. ගම්වල ආර්ථිකය සංවර්ධනය ආශ්‍රිත ජනමාධ්‍යවේදය හරහා දියුණු කල හැකියි. පරිසර විනාශය මේ හරහා විසදිය හැකියි.
- ලංකාවේ ඉඩම් මේ වනතුරු මැනලා නැහැ. ඒ නිසා රටේ ඉඩම් මැනීම අනිවාර්යෙන්ම අපි කරනවා. ඒ හරහා බොහෝ ගැටළු ප්‍රමාණයක් විසදෙනවා.
- ව්‍යාපාරිකයන් අපිව වටකරගන්න කලින් අපි සමග අත්වැල් බැදගන්නා ලෙස අවසාන වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඕනෑම දේශපාලන පක්ෂකට හෝ ව්‍යාපාරයකට පක්ෂ නීති රීති මාලාවක් විනය පද්ධතියක් සම්මත කරගත යුතුය. අප කෙසේ ඒ සඳහා කරුණු ඉදිරිපත් කළ ද මානව පරිණාමය මගින් ශිෂ්ටත්වයට පොළඹවාලූ මිනිසා ව්‍යූහගත වීමේදී එම ව්‍යූහයේ සම්මත නීති රීති පද්ධතියක් තුළ ක්‍රියාත්මක විය යුතුය.
එම නීති රීති පද්ධතිය තනි පුද්ගල තීරණයක් නොව කමිටුවක් මගින් සාකච්ඡා කර අනුමත කරගත්තක් විය යුතුය. එවිට නායකයාද, ක්‍රියාකාරිකයාද, සාමාන්‍ය සාමාජිකයාද මේ පද්ධතිය තුළ එකී සීමාව තුළ ක්‍රියාත්මක විය යුතුය. එකී පද්ධතිය යාවත්කාලීන විය යුත්තේ නැවත සාමූහික තීරණයක් තුළිනි. පැරණි එක්ස් ව්‍යාපාරයට අහිමි, මගහැරුණු විධිමත් කළමණාකරන යාන්ත්‍රණය වූයේ එයයි. ඒ නිසාම එක්ස් ව්‍යාපාරය කෑලි කැඩී බිදී යෑම සාමූහික වගකීමකි.
විධිමත් න්‍යායික ඉගැන්වීම් හෝ විධිමත් දේශපාලන ක්‍රියාකාරීත්වයන් ඒ නිසාම එම සංවිධානයට අහිමි විය. මහ පොළොවට වගකීම මගහැරුණි. ගහන පාරවල්, නගන චෝදනා ඔහේ වැදුනාවේ යැයි සිතුවා මිස මිනිසුන්ගෙ ජීවිත සම්බන්ධව වගකීම හෝ වගවීම පිළිබඳ හෘදසාක්ෂියක් නොතිබුනි. දේශපාලනයේ හෘද සාක්ෂියට එරෙහිවත් ඔවුන් වහසිබස් දෙඩුවෝය. එසේ නොවුනා නම් දශක ඒකහමාරකට ආසන්න කාලයක් ලාංකීය පොළොව මත වපුල එක්ස් බීජයන්හි ජාතික දේශපාලනයේ අස්වැන්න නෙලීමට මේ කාලය ප්‍රමාණවත්ය යනු මගේ හැගීමය.
ආදරය, මනුශ්‍යත්වය, ශිෂ්ටත්වය පිළිබද අනන්තවූ සිහින වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකළ එක්ස් සාමාජිකයින් පසු කලෙක කඩා බිද වැටෙන විට එය ඛේදවාචක නොවන්නට එය හේතු විය හැකිව තිබුණි. එසේ වූවා නම් පක්ෂයක දොරෙන් එක් අයෙකු හෝ සමූහයක් පිටව ගියද පක්ෂ විනාශ නොවී පවතිනු ඇත. ඒතරම්ම පසුගාමී මනෝභාවයන් සහිත පක්ෂයක් වූ ජවිපෙ උදාහරණය එයට ප්‍රමාණවත්ය. මනුස්සකමේ ප්‍රශ්නය එක්ස් ව්‍යාපාරයේ මූලික ගැටළුවකි.
ඒ කෙසේ වුවද සමබිම පක්ෂය ජනගත කිරීමෙන් දින කිහිපයක් ඇවෑමෙන් ත්‍රිමාන වෙබ් අඩවියේ ලියැවෙන්නේ මෙවැනි සටහනකි. එය අප වැනි බාහිරව ජීවත්වන්නන්ට සුභ සිහිනයක් වනු ඇත. එහෙත් එහි අවංක අරුත අප නොදන්නේ එය දන්නේ දෙවියන් වහන්සේ පමණක් වනු ඇතිය යන සිතුවිල්ල නැගෙන නිසාය. කෙසේ වුවද එම ප්‍රකාශයට ගෞරවය පුදකළ යුතුය.
“දැන් ඉහත කී යුගය අවසන් වෙලා තියෙනවා. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් සංස්කරණය කළ ‘ලංකාවේ නව-ප්‍රතිජාතිකවාදී චින්තනයේ දස වසක්’ නම් කෘතිය මගින් හැඟවෙන්නේ ද න්‍යායික වශයෙන් අප කළ කාර්යය අවසන් බවයි. අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ට එම කෘතිය කියවන්න යැයි අපි ආරාධනා කරන්නෙමු.
අප අතර ඇති ප්‍රවේණිගත රණ්ඩුව එසේම තිබිය දී (ප්‍රතිවිරෝධයන් සත්‍යයට මඟ පෙන්වයි) බුද්ධිමය ක්‍රියාවන් සිදු කිරීම ධනාත්මක ය. අපගේ පැත්තෙන් කෘතියට අදාළ විචාරය ඉදිරියේ දී පළ වෙයි. මහන්සි වී කෙනෙක් කරන වැඩ අප කිසි විටෙක JOKE කරන්නේ නැත. අපගේ රණ්ඩුව මැදට පනින ඥාතීන් නොවන අයට අබ සරණ පැතීමට වන කාලය ඈත නැත.”
“2022 වර්ෂය මුල වන විට, ‘දිදුලන මාවත’ නමින් හෝ වෙනත් නමකින් බහුජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප අදහස් කරන අතර පසුගිය වසර 20 තුළ අපගෙන් ඉවත් වූ බහුතරයට තමන් කැමති නම් ඊට එකතු වීමට හැකි ය.”
“මින් ඉදිරියට ‘සමබිම’ පක්ෂය සටන් කරන්නේ, සංස්කෘතිය, කලාව සහ පුළුල්ව උපරි-ව්‍යුහයේ ගැටලු අරභයා නොවේ. පසුගිය වසර 2ක් පුරා අප පක්ෂයේ ක්‍රියාකාරීකයන් වැඩ කළේ, ගැමියන් සමඟ ගොවි බිම් ආශ්‍රිතව ය. ස්ලාවෝජ් ජිජැක් ඇතුළුව අප කතා කළ බොහෝ චින්තකයන් පිළිබඳව තවත් අය කතා කරන නිසා ඒ වැඩ අප ඒ අයටම පවරන්නට අදහස් කරන ලදී.”
“ලංකාවේ නූතනවාදී සමාජ ආයතන මේ වන විට, ධනවාදයේ මූලය වන ප්‍රාග්ධනය නිසා පිරිහෙමින් පවතියි. අප දැන් අධ්‍යයනය කරන්නේ, මේ ක්ෂේත්‍රය යි. ‘නිදන්ගත දරිද්‍රතාවය’ පිළිබඳව නව-දේශපාලන-ආර්ථික අදහස් පක්ෂයේ විවිධ ක්‍රියාකාරිකයන් හදාරමින් සිටිති. ”
“2022 වර්ෂය මුල වන විට, ‘දිදුලන මාවත’ නමින් හෝ වෙනත් නමකින් බහුජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප අදහස් කරන අතර පසුගිය වසර 20 තුළ අපගෙන් ඉවත් වූ බහුතරයට තමන් කැමති නම් ඊට එකතු වීමට හැකි ය.”
1988/89 වකවානුවේ දේශප්‍රේමී ඝාතන ලැයිස්තුවේ වාමාංශකයෙකු වූ වසන්ත දිසානායක 2018 ජනතා විමුක්ති පෙරමුනට සහයෝගය දීම සදහා ජවිපෙ වේදිකාවට නැගීම විග්‍රහ කළ හැක්කේ කෙසේද?
කියමනක් තියෙනවා ‘දේශපාලනයේ සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ’ කියල. දේශපාලන සම්බන්ධතාවලදී රුවන් ෆර්දිනැන්ස් මිතුරාගේ අප දන්නා සහ නොදන්නා දේශපාලන මිහිරියාව එයයි දීප්ති!
සිරිමලී ලියනගම