SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1505  දී පෘතුගීසින් ගේ ආගමනයන් ගෙන් පසු  ලන්දෙසින්ද ඉංග්‍රීසින් ද අපගේ මාතෘ භුමිය වන ශ්‍රී ලංකාව  කොටස් වශයෙන් අයත් කර ගන්නා ලදී.

1815 මාර්  තු 10 දින උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අප බ්‍රිතාන්‍ය ට අයත්  පුරණ යටත් විජිතයක් බවට පත්වෙන ලදී. 1948 පෙබරවාරි 04 දින අප ලැබූ ඩොමිනියන් හෙවත් නාමික නිදහස අප අද මහා ඉහලින් සැමරුවත් 1505 සිට 1972 දක්වා වසර 467 ක ලාංකීය ඉතිහාසයේ වැදගත් ම දිනය 1972 මැයි වන දිනයයි.

 

ඒ අප වසර 467 ක යටත් විජිත යුගයක් ව්‍යවස්ථාමය විප්ලවයකින් අවසන් කොට නිදහස් ස්වෛරී ජන රජයක්  බවට පත් වීමේ දිනය එදිනට යෙදී තිබෙන නිසාය.

 jana 5

 

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සර්වජන ඡන්ද බලය හිමි වූ අපට 1947 සෝල්බරි සාමි වරයා ගේ කොමිසමේ නිර් දේශ මත බිහි වූ සෝල්බරි ව්‍යවස්ථාවට කල සංශෝධන මගින්, එනම්  ලංකා ස්වාධීනතා පනත, විදේශ කටයුතු ගිවිසුම, ආරක්ෂක ගිවිසුම හා රාජ්‍ය සේවකයන් සඳහා වන ගිවිසුම යන ගිවිසුම් සමග ශ්‍රී ලංකාවට නාමික හෙවත් බ්‍රිතාන්‍යයට අවසන් බලය ඇති නිදහසක් ලැබුණි.ඒ නිදහස මත ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා වන ඩී එස් සේනානයක මහතා වෙත අග්‍රමාත්‍ය ධුරය පිරිනැමුණි.ඒ පිටුපස කතාවේ ශ්‍රීමත් ඩී බී ජයතිලක මහතාට වූ දේශපාලන අසාධාරණය වැනි බොහෝ සැඟවුණු කතාන්තර තිබේ. එහෙත් එය අපේ ජාතික අනන්‍යතාවයේ ම කොටසකි. සුදුස්සාට සුදුසු තැන නොලැබීම එම අන්‍යය තාවයයි. කෙසේ නමුත් 1948 පෙබරවාරි සිට 1972 මැයි 22 දක්වාම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි.

 

ශ්‍රී ලංකාව විසින් 1948 පෙබරවාරි 04 දින ලැබූ නිදහස කුමන ආකාරයේ බැඳීම් සහිත නිදහසක් දැයි සෝල්බරි ව්‍යවස්ථාවට එකතු  කරන ලද සංශෝධන පනත් වල අන්තර් ගතය අධ්‍යනය කිරීමෙන් වටහා ගත හැකිය.

 

jana 7 

ඒ අනුව  ලංකා ස්වාධීනතා පනත අරමුණු  කලේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුල නිදහස ලබා දීම ය . මෙමගින් සම්මත වු ප්‍රධානතම  කරුණු 3 කි.

  • ලංකා පාර්ලිමේන්තුවට මෙරට අභ්‍යන්තර කටයුතු, විදේශීය ආරක්ෂක කටයුතු පිලිබඳ නීති පැනවීමේ පුර්ණ අයිතිය ලබාදීම.
  • බ්‍රිතාන්‍ය මහා රජුට හෝ එරට පාර්ලිමේන්තුවට ලංකාව පිලිබඳ නීති පැනවීමේ බලය අහෝසි වීම.
  • බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනවන කිසිම නීතියක් ලංකා ආණ්ඩුවේ ඉල්ලීමක් නැති නම් වලංගු නොවීම.

 

බැලු බැල්මට මෙම කරුණු 03 වටිනා නිදහසක් ලංකාවට ලබා දී ඇති බවක් පෙනුණත් අනිත් පනත්  වලින් වැටහෙන්නේ ලංකා ස්වාධීනතා පනත  උල්ලංඝනය වන බව හෝ වැදගත් නොවන බවයි.

 

විදේශ කටයුතු පිලිබඳ ගිවිසුම මගින්  ලංකාව ස්වෛරී රාජ්‍යයක් නිසා දෙරට අතර විදේශ කටයුතු පිලිබඳ ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම නියෝජනය කිරීම සඳහා දෙරට අතර මහ කොමසාරිස් වරුන් දෙදෙනෙකු පත්කරගන්නා ලදී. තවද මෙහිදී ලංකාවට තානාපති සම්බන්ධකම් නැති රටවල් සමග ගනුදෙනු කිරීම සඳහා ලංකාව ආණ්ඩුව බ්‍රිතාන්‍ය තානාපතිවරුන්ගේ සේවය ලබාගත යුතුව තිබිණි. මේ අනුව අප විසින් කිසි විටක 1972 වනතුරු ස්වාධීන විදේශ සේවයක් හෝ  ස්වාධීන විදේශ සම්බන්ධතා පවත්වා ගැනීමේ අයිතිය හිමි කරගෙන තිබුණේ නැත. ඒ අනුව ලෝකය තුල  තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක ස්වභාවයෙන්ම නෛතිකව ශ්‍රී ලංකාව පැවතුණි. මේ බව 1961 දී නොබැඳි ජාතින් ගේ සමුළුව ගොඩ නැගෙන  විටත් එවකට අගමැතිණිය වූ ලෝකයේ පළමු අගමැතිණිය ද වන සිරිමා බණ්ඩාරනායක මැතිණිය වටහා ගෙන සිටි බව කියවේ.

 

ආරක්ෂක ගිවිසුම සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නිදහස ලැබීමේදී එක්වූ  තෙවන පනතයි. දෙරට අතර එකිනෙකාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ස්වෛරීය රාජ්‍යයන් දෙකක් අතර ඇතිවන ද්වී පාර්ශවීය ගිවිසුම්ක්  ලෙස ගිවිසුම අර්ථ දැක්වුවද  බාවිතයේදී ශ්‍රී ලංකාවට තනිව, තම ක්‍රියාවන් කිරීමට ඇති ඉඩ අහුරා තිබුණි.මෙම ගිවිසුමට අනුව  විදේශීය ආක්‍රමණ හමුවේ දෙරට එකිනෙකාට   ආධාර ලබාදීමට හා  මෙරට නාවික හා ගුවන් තොටුපොලවල් බ්‍රිතාන්‍යට අවශ්‍ය විට පාවිච්චි කිරීමේ බලය ද සමග ලබා දී තිබුණි. බ්‍රිතාන්‍ය හමුදා මෙරට රැස් කිරීමට බලය ලබාදීම හා  බ්‍රිතාන්‍ය යට මෙරට හමුදා පුහුණු කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යට පැවරීමටත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය  යුද ආධාර බ්‍රිතාන්‍යය විසින් ලබාදීමටත් මෙම පනත සම්මුති ගත වී තිබුණි.

 

පැහැදිලිවම  විදේශ කටයුතු ගිවිසුම සහ ආරක්ෂක ගිවිසුම යන දෙක නිසා ස්ව පාලනයට ප්‍රායෝගික ව බාධා වූ අතර සීමාවන් බිහි විය.එය  කිසිසේත් ම නිදහස ලැබීමක් නොවේ.

 

jana 1

 

ඊළඟට අපගේ අවධානය යොමු විය යුත්තේ රජයේ සේවකයින් පිලිබඳ ගිවිසුමටය. එහිදී මෙරට සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් ආරක්ෂා කිරීමටත් සියලු බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවකින් විඳින වරප්‍රසාද ආරක්ෂා කිරීමටත් පොරොන්දු වීමේ එකඟතාවයන් ඇති විය. එය තරමක් දුරට සාධාරණ එකක් යයි හැඟී ගියද බ්‍රිතාන්‍ය ජාතික රජයේ සේවකයන් නඩත්තු කිරීම හා ඔවුනට විශේෂ වරප්‍රසාද හිමිකර දීම තුලම අප 1948 දී ලැබුවේ බ්‍රිතාන්‍ය සපත්තුවට යටත් නිදහසක් බව ප්‍රකට කරයි. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව හා සිවු පනතකින් ලබා දී තිබුණ නිදහස පනත් තුනකින් ම ආපසු රැගෙන තිබුණි. අපි අද වන විට සමරන්නේ එවැනි නාමික නිදහසක් වීම සැබවින්ම රාජ්‍ය කුමන්ත්‍රණයක් බවට සිතෙන තරමට කරුණු අපට තිබේ.

 

ලෝකයේ පළමු අගමැතිණිය හා විපක්ෂ නායිකාව ගේ නිදහස උදෙසා යන ගමන.

 

jana 6

 

1960 වසරේ ජූලි 21 දින ශ්‍රී ලංකාවේ හා ලෝකයේ පළමු අගමැතිණිය ලෙස දිව්රුම් දුන් සිරිමා බණඩාරනායක මැතිණිය ලෝකය තුල ලැබූ පිළිගැනිම හා අධ්‍යනයට සම සමාජ පක්ෂය වැනි වාමාංශික පක්ෂවල විද්වතුන්ගේ දායකත්වය නොඅඩුව ලැබීම ශ්‍රී ලංකාව සැබෑ නිදහස කරා යන ගමනේ සැබෑ කතාව පිටුපස ඇති ශක්තියයි. 1960 දී ලොව පළමු අගමැතිණිය වී 1965 වසරේදී ලෝකයේ පළමු විපක්ෂ නායිකාව වන විට වාමාංශික පක්ෂ සමග එක්ව වසර පහක් පරිණත දේශපාලන වෙනසක් සංවිධානය කල එතුමිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවයේ ආරම්භය සනිටුහන් කරයි. 1970 වසරේ ආණ්ඩුබලයට පත්වීමට දිගු කාලීන වශයෙන් වාමාංශික  පක්ෂ සමග පවත්වාගෙන ආ සාමුහික සම්බන්ධතාවය ඉවහල් විය. මැතිවරණයේදී පොරොන්දු වූ පරිදිම පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත් වී සම්පාදනය කරන ලද ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග 1972 මැයි 22 දින එතෙක් නාමික නිදහසක් හිමි ව තිබු අප මාතෘ භුමිය නිදහස් ස්වෛරී ජනරජයක් බවට පත් විය.ඒ  1505 වසරේ සිට 1972 දක්වා ආ වසර 467 ක ඉතිහාසයට පසුවය. මේ අවස්ථාව ශ්‍රී ලකා වේ වසර 2500 ක ඉතිහාසයේ වැදගත්ම සිදු වීම් අතරින් එකකි. පසුගිය වසර 500 ජාතියක් ලෙස අප උදා කරගත් විශිෂ්ටතම අවස්තාව එයයි.එහෙත් එම නිදහස ලැබීමට අවශ්‍ය ගෞරවය ගැන කතා නොකරන වටිනාකම් නොදන්නා ජාතියක් බවට අප පත්ව ඇත.

 

අපගේ අසල් වැසි ඉන්දියාව නාමික නිදහස ලබන්නේ 1947 අගෝස්තු 15 දිනය. 1950 ජනවාරි 26 දින සම්මත කරන ලද ව්‍යවස්ථාවෙන් ඉන්දියාව ජන රජයක් බවට පත්විය. මාස 28 ක් තුල මිහි පිට සුවිසල් ප්‍රජාතන්ත්‍රවාදය  අද ක්‍රියාත්මක වන, ලංකාව මෙන්  64 ගුණයක් විශාල, මහා විවිධත්වයන් මගින් ඉතා දුර් වල සමාජ ඒකීයත්වයක් ඇතිව  සිටි ඉන්දියාව තමන් ගේ නිදහස ව්‍යවස්ථාමය වශයෙන් ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකාවට 1948 න් පසු වසර 24 ක් ඒ සඳහා ගත වී තිබුණි. නිදහසේ පියවරු ,ජාතියේ පියවරු කිසිවකු බිතාන්‍ය ගැති බවින් ලංකාව මුදවා ගැනීමට වත් අදහස් කර නොතිබූ බව අපට පැහැදිලිය. ඔවුන්ට නිදහසෙන් පසුව විවිධත්වය පවා කළමනාකරණය කරගැනීමට නොහැකිව රට අද පවතින තැනට එන්නට පදනම් දමමින් පෞද්ගලික අරමුණු නම් ඉෂ්ට කර ගන්නට හැකිව තිබුණි. සේනානායක වරු ප්‍රමුඛ ආණ්ඩු ලංකාව බ්‍රිතාන්‍ය වෙත යටත් වීම මිස ඔවුන්ගෙන් නිදහස් වීමක් වෙනුවෙන් කටයුතු කර තිබුණේ නැත.

 

ඵෙතිහාසික නිදහස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යටපත් කොට ජාතියෙන්  හා ලෝකයෙන් වසා දැමීම.

 rana 2

 

1971 දී ව්‍යවස්ථා සම්පාදන බිහි කරමින් යන විට භූ දේශපාලනය විසින් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ යොදා ගනිමින් අප්‍රේල් කැරැල්ල ස්ථාපිත කරන ලදී. කැරැල්ල තුලින් තවත් නොසන්සුන් තා බිහි වුයේ නම් 1972 මැයි  22 දින අපට නිදහසක් ලැබීමට නොහැකි වන්නට බොහෝ විට ඉඩ තිබුණි. කැරැල්ල මර් දනය වීම සිදු වුවත්, කැරැල්ල ලංකාවේ සැබෑ නිදහස අරමුණු නොකළ බවත් පැහැදිලිය. අනෙක් අතින් 1972 මැයි 22 දින ලබන නිදහස ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ට වසර 467 ක් ම තිබුණේ නැත. අපේ තරුණ පරපුර අද මවාගෙන සිටින රාවනා හෝ දියසෙන් මාතෘකාවට දෙන ඉඩකඩ ලංකාව ලැබූ සැබෑ නිදහස අධ්‍යනයට නොදීම ම ඛේද වාචකයකි. ලෝකයේ අභිමානවත් ජාතීන් බිහිව ඇත්තේ අතීතය නිවැරදිව ඉගැන්විමෙන්ය.

 

1970 හා 1977 දක්වා ලංකාවේ ආර්ථිකය අද මෙන්ම විශාල පසුබෑමකට ලක්ව තිබුණි. ප්‍රගතිශීලි ප්‍රතිසංස් කරණ සහිත කාලය ඉවසීමට රටේ ජනතාව සුදානම් වුයේ නැත. නිදහස් ශ්‍රී ලංකාව ආර්ථිකව ස්වාධීන වීමට හා නිදහස් වීමට  ගත් පියවර කැපවීම් කරන්නට නොහැකි වූ ජාතියක ගේ ලෞකික කැමැත්ත වෙනුවෙන් අවසන් කරන්නට සිදු විය. 1977 මැතිවරණය ජයගන්නේ ජේ ආර් ජයවර් ධනමහතා  ප්‍රමුඛ එජාපයයි. කුසගින්න ඔහුට  බහුතර බලයක් ලබා දීමෙන් පසු 1972 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කොට 1978 අගෝස්තු 31 දින සම්මත කල ව්‍යවස්ථාව අද දක්වා සංශෝධන 23 ක් දක්වා දිගුවෙමින් ක්‍රියාත්මක වෙයි.

 

සැබෑ නිදහස යටපත් කොට පැමිණි විධායක ක්‍රමය නිදහස අරුත් ගැන්වුයේ නැත.

 

jana 4

 

1977 මැතිවරණයෙන් ජේ ආර් ජයවර්ධන මහතා චන්ද 23000 කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන අගමැති බවට පත් විය.  ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති වී 1982 ඔක්තෝබර් 22 නැවත ඍජු ජනාධිපති වරණයකින් පත්වෙන තුරු ඔහු විධායක ධුරය ඉසිලුවේ කැළණිය ආසනයෙන් ලබාගත් චන්ද 23000 න්  බව ඉතිහාසයේ ලියවී ඇත. එය අද අරගලයෙන් පසුව බිහි වූ තත්ත්වයට අසමාන වුවත් චන්ද බලය යන කරුණේදී සැබවින්ම ජය වර්ධන මහතා 1972  දී බිහි කල මෙන්ම ඔහු විසින් ගෙන ආ 1978 යන ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්  නොසලකා හැරී බව මගේ අදහසයි.එය ඉතිහාසය විසින් වසා දමන ලද, කතා නොකරන   බලය අවබාවිතාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය යටතේ අධ්‍යනය කල හැකිය. එනම් 1972 ආණ්ඩුක්‍රමයෙන් බිහි කල නිදහස නෛතිකව අවභාවිතයකට ඔහු ක්‍රියා කර ඇති අතර කිසිදු ආයතනයක්, පුද්ගලයකු එයට අභියෝග කර නැති බව ඉතිහාසය කියයි.

 

කෙසේ නමුත් 5/6 ක බලයක් සහිතව වසර 5 ක් ඇතුලත නැවතත් ඉතා සංකීරණ හා සම්පුර්ණ මැතිවරණ ක්‍රමයම  උඩු යටිකුරු කල ව්‍යවස්ථාවක් ගෙන විත් විවෘත ආර්ථික ය හඳුන්වා දී ලංකාවේ සැබෑ නිදහස නැවත අහිමි වූ බවක් අද පවතින භූ දේශපාලන ප්‍රවණතා දකින විට තහවුරු වේ. පර්චස් කිහිපයක් අවභාවිතා කල බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට පුරෝගාමී වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ප්‍රජා අයිතිය අහිමි කිරීම සංකේතවත් කරන්නේ කුමක්ද? ලංකාවට නිදහස ලබා දීමට, නිදහස ලබා ගැනීමට දේශීය හා ජාත්‍යන්තර බාධා පැවති බවයි. අද රටේ ආර්ථිකය බංකොලොත් කල බවට ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකින් පසුව වත් ඒ කිසිවකුගේ ප්‍රජා අයිතිය අහෝසි වුයේ නැත. එසේ නම් සිරිමා බණ්ඩාරනායක ගේ දේශපාලන ගමන අවසන් කිරීමට දියත් වූ කුමන්ත්‍රණය ලංකාවේ සැබෑ නිදහස සොරකම් කල බව ස්ථාවර කරයි. අනෙක් අතින් ලංකාව සැබෑ නිදහස් රටක් වනවාට ලංකාව තුලම දියත් වූ කුමන්ත්‍රණ ගැන ඉඟි කරයි.

 

1978  වසරේ   බිහි කල ඒ ව්‍යවස්ථාව සැබෑ නිදහස ට අගයක් හෝ වටිනාකමක් නොදුන් බව එම ව්‍යවස්ථාව යටතේ ලංකාව ලබා ඇති විශාල අවගමනයන් අධ්‍යනයේදී අපට වැටහේ. 1983 කළු ජූලියෙන් ආරම්භව 2009 වන තුරු ඝාතනය වූ මිනිස් ජිවිත ගණන ලක්ෂ දෙකකට ආසන්නය. ම්ලේච්ඡත්වය නිසා අහමි වූ දේපල ප්‍රමාණය ඩොලර් මිලියන 2000 කි. විවෘත හා ඒ මතින් දුෂිත ආර්ථිකය විසින් අද වන විට ඩොලර් ට්‍රිලියන 63 ක ණය බරක් අපවෙත පටවා තිබේ. රටේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3 කට ආසන්නය. මේ සියළු ඝාතනයන්, වංචා දුෂණ වලට යුක්තිය පසිඳ ලීමට ලංකාවේ ජනතාවේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණය අසමත් වී තිබේ. 1977 දක්වා නීතීය ස්වාධීන ව ක්‍රියාත්මක විය. 1971 කැරැල්ල ට සහභාගි වුවන්ට පමණක් නොව මනම්පේරි මරා දැමු සොල්දාදුවන්ට පවා වෙනසක් නැතිව නීතිය ක්‍රියාත්මක විය. අද වන විට ලාංකීය ජනයා ආර්ථික,දේශපාලනික හා ජීවත්වීමේ නිදහස පවා අහිමි භූ දේශපාලනයේ උවමනාවන්ට අනුව තමන් ගේ කෑම වේලේ අඩංගු වන දේ පවා තීරණය වන පරිදි නිදහස අහිමි යටහත් ජාතියක් බවට පත්ව තිබේ.

 

අද භූ දේශපාලනයේ ව්‍යාපාරිකයන් විසින් මවා පාන ව්‍යාජ උද්දමනය අඩු වීම්, ව්‍යාජ භාණ්ඩ මිල අඩුවීම් දක්වා අපේ ජන ජීවිතය විදේශයන්ට ගැතිව ඇත. අප විසින් 1972 මැයි 22 එනම් අදට වසර 52 කට පෙර ලැබූ නිදහස ඊට පසු ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රමය ක ඒ හරහා ගොඩනැගුනු අර් බුධ හා විනාශයන්, ඒ ප්‍රතිපත්ති මත බිහි වූ චෞර හා වියදම්කාරී දේශපාලනය විසින් බිහි කරන ලද ණය බර නිසා 1948 යුගයට ආපසු කරකැවී ඇත. ලෝක ආර්ථික යටත් විජිත කරණයේ අවස්ථාවක අප පසුවෙමු.

 

1972 මැයි 22 ලැබූ නිදහස අරුත් ගැන්වෙන සැබෑ නිදහසක් අවශ්‍යව තිබේ. ඒ නිදහස ඊලඟ මැතිවරණයෙන් පසුව එදා 1965 විපක්ෂයට වී සංවිධානය වෙමින් 1972 දී එය යථාර්ථයක් කර ගැනීමට කටයුතු කල සිරිමාවෝ බණ්ඩාරනායක ගේ ක්‍රමයට බිහි කර ගත හැකි ජාති මාමක හා අවංක  පිරිසක් රටට මේ මොහොතේ අවශ්‍යව තිබේ.

 

ශ්‍රී ලංකාවට සැබෑ නිදහස ලබා දීමට පෙරමුණ ගත් සිරිමා බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එම සභාගයේ සිටි වියතුන් සහිත සැබෑ වාමාංශික නායකයන් වන ආචාර්‍ය එන් එම් පෙරේරා ඇතුළු සැමටත්  ශ්‍රී ලංකා මාතාවට සැබෑ නිදහස ලබා දීමට ගත් ඒ විප්ලවීය දායකත්වය වෙනුවෙන් මගේ ගෞරවය පුද කරමි.

සැබෑ නිදහසක් සොයා යන ගමන නොනවතිනු ඇත.

 

@Subhashini Wipfler

Global Centre for Monitoring Political and Economic Crimes in Sri Lanka Kraichtal

Germany.