1969 ජුලි 21 දිනය කියන්නේ ඇමරිකානුවන්ට නම් අමතක නොවන දිනයක්.
ඒ එගේම පෟථිවි වාසීන්ට. ඒ පෘථිවි වාසියෙක් ප්‍රථම වරට සඳ මත පා තැබු දිනය ලෙස ඉතිහාස ගත වු හින්දා. මේ සඳ මත පා තැබීමේ ගෙෳරවය නීල් අල්ඩන් ආම්ස්ට්‍රෝංග්ට හිමි වුනා. ඔහු සඳමත පා තබා පෘථිවියට නැවත පැමිණි පසු එක රැයින් වීරයෙකු බවට පත් වුනා කීවොත් නිවැරදි. ඉතින් මේ සඳ ගමනට නීල් ඇතුළුව තවත් අජටාකාශගාමීන් සම්බන්ධ වුවා. ඒ එඩ්වින් බස් ඔීල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන අජටාකාශගාමීන් දෙදෙනාත් සමඟින්.
1969 දී සිදුවුණු මේ අපුරු සිදුවීම ඩේමියන් චාසෙල් කියන අධ්‍යක්ෂක්වරයා චිත්‍රපටයකට පෙරළනවා. ඒ “First Man”නමින්. ඩේමියන් මේ චිත්‍රපටය සඳහා කතාවේ වීරයාගේ චරිතය වන නීල් අල්ඩන් ආමිස්ට්‍රෝංගේ චරිතය සඳහා යොදාගන්නේ කැනේඩියානු ජාතික අති දක්ෂ නළුවකු වන රයන් ගොස්ලින්. ඒ වගේම නීල්ගේ බිරිය වන ජැනට්ගේ චරිතය සඳහා පණ පොවන්නේ ක්ලෙයාර් ෆෝයි විසිනි. රයන් ගොස්ලින් සහ ක්ලෙයාර් ෆෝයි First man වෙනුවෙන් අපුරු රංගනයක නියැලෙනවා.
ජෝස් සින්ගර් විසින් first man චිත්‍රපටයේ තිරරචනය සඳහා යොදාගන්නේ, ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වන ජෙම්ස් ආර්.හන්සන් විසින් රචිත 2005 වසරේදී එළිදැක්වූ First Man:The Life of Neil A. Armstrong නම් නීල් ආම්න්ගේ චරිතාපදාන කෘතියයි.
සැබැවින්ම First Man යනු අපුරු චිත්‍රපටයකි. චිත්‍රපටය නරඹන විට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සිනමාපටය වෙනුවෙන් නිර්දේශ වීමට ඉඩක් පවතින්නට හැකි යැයි සිතුනි. සඳ ගමන පිළිබඳ බොහෝ දෙනා දකින්නේ වීර චාරිකාවක් වශයෙනි. නීල් මහා වීරයෙකු ලෙස අප අසා තිබුන ද, First Man චිත්‍රපටය තුල නීල්ගේ සැබෑ ඡීවිතය තුල ඔහුට සිදුවු විවිධ බාධකයන්, හැලහැප්පීම්, අසාර්ථක වීමි.ඔහුගේ වීර ප්‍රතිරූපය අඳුරට ඇද දමමින්, සඳ ගමන නමැති වීර චාරිකාව උඩු යටිකුරු කරන්නට චාසෙල් සමත් වෙනවා. චාසෙල් First Man තුල මෙි නීල්ගෙ චරිතය තුලින් දේශපාලන මානයන්,ජීව්තය පිළිබද දාර්ශනික මානයන්, මානුෂ සබඳතා මෙි වීර චාරිකාව අස්සේ හරි අපුරුවට රිංගවලා අපට පෙන්වනවා.
සඳ ගමන කතාවට අමතරව නීල්ගේ පෞද්ගලික ජීවිතයේ සිදු වු විවිධ හැලහැප්පීම්, දුක් කම්කටොළු මැද සඳ ගමන සිදු වු අයුරු සංවේදීව අධ්‍යක්ෂක චාසෙල් අපට පෙන්වනවා. නීල් -ජැනට් දෙදෙනාගේ දියණිය වු කැරන් වයස අවුරුදු දෙකෙදි මොළයේ පිළිකාවකින් මරණයට පත් වෙනවා.මෙය නීල් ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරන සිදුවීමක් බවට පත්වෙනවා. කොහොමත් නීල්ගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක එකක් නොවෙයි. නීල් සහ ජැනට් අතර ඇතිවන බැඳිම සාර්ථක එකක් නොවන බවට චාසෙල් මේ චිත්‍රපටය හරහා අපට කියනවා. නීල් නිරතුරුව ම අභ්‍යාවකාශ තරණය පිළිබඳ හීන තුළ ගිලි සිටිමින් ඉතා සංකීර්ණ ජිවිතයක් ගත කරයි. ඡැනට් තම දියණියගේ වියෝවත් දරාගෙන දරුවන් දෙදෙනා ගැන සිතමින් ඉදිරි ජීවිතයට මුහුණ දෙන්න වෙර දරයි. නීල් සහ ජැනට් සිටින්නේ ලෝක දෙකකය.එකිනෙකට නොපෑහෙන චරිත දෙකකි. (පසුකාලයේ දෙදෙනා දික්කසාද වු බවට ද නොරහසකි)
අවසානයේ නීල් සඳ ගමන සඳහා රාත්‍රියේ නිවසියැන්ගෙන් සමුගැන්ම අප බලාපොරොත්තු වු අන්දමේ, ඉතා හැඟිම්බර, සංවේදී එකක් නම් නොවෙයි. ඒ වෙනුවට අප දකින්නෙ ජැනට් කෝපයෙන් නීල්ට දොස් පවරන අවස්ථාවකි. ජැනට්ගේ කෝපයට හේතුවන්නෙ නීල් මේ යන අවිනිශ්චිත ගමන ගැන තම දරුවන් දෙදෙනාට කතාකර නොකර නිවසින් පිටවන්නේ මන්ද?යැයි අසමිනි. (ඒ වන විට දරුවන් දෙදෙනා නින්දට ගොසිනි) නමුත් අවසානයේ ජැනට්ගේ දෝෂ දර්ශනය හමුවේ තම දරුවන් දෙදෙනාට කතා කරයි. නීල් සහ ජැනට් මේ තීරණාත්මක රාත්‍රියේ එකිනෙකාගෙන් සමුගන්නෙ හිත හොඳින් නම් නෙමෙයි.
මෙය ජැනට් සහ නීල් අතර පැවති සබඳතාව කුමන එකක්ද යන්න කදිමට පෙන්නුම් කරන අවස්ථාවකි. මේ අඹු-සැමියන් අතර පවතින අර්බුදය මේ වීර චාරිකාව නමැති දීප්තිය නිසාම නරඹන වැඩිදෙනකුගේ දසුනින් ගිලිහි ගිය එක් කතාවකි.
එක් පසෙකින් සඳ ගමන විද්‍යාවෙජ,තාක්ෂණයේ විශිෂ්ට ඡයග්‍රහණයක් ලෙස පෙන්වන අතර, තවත් පසෙකින් සෝවියට් රුසියාව සහ ඇමරිකාව අතර පැවති දේශපාලනමය සහ අභ්‍යාවකාශ තරඟයේ පැවති අතුරු ඵලයක් ලෙස ද පෙන්වයි.
මේ සියල්ලක්ම අතරේ නීල් ඇපලෝ 11 නම් චන්ද්‍ර යානයෙන් සඳ මතට ගොඩ බැස, තම ඉදිරියේ පෙනෙන දර්ශනය දෙස බලන පළමු අවස්ථාව නීල්ගේ ජීවිතයේ සිදුවු සිදුවීම් පිළිබඳ හකුළුවා දක්වන අවස්ථාවක් ලෙස හඳුවන්නට පිලිවන්. ඔහු ඉදිරියේ පෙනෙන්නෙ කිසිදු ඡීවයක් නොමැති කාන්තාරවලින්, ආවාටවලින් ගහන හිස් කළු සුදු මුඩු බිමක දර්ශනයකි. මේ තර් දුක් කම් කටොළු මැද, තම දරැවන් සහ බිරිඳගේ ආදරය, උණුසුම මඟහැර, විවිධ කැපකිරීම් කරමින් “ආවේ මෙතනටද” වැනි අදහසක් මතුකරන්නට මෙම රෑපරාමුව සමත් වෙනවා.මේ මුඩුබිම් පිළිබඳ සිහිනය හේතුවෙන් නීල්ට තම දරැවන්ගේ ආදරය,සෙනෙහස අහිමි වෙයි. ජැනට් ට තම සැමියාගේ උණුසුම මඟ හැරෙයි. එක අතකින් ඡනතාවගේ යහපත උදෙසා යොදන්නට තිබු, මේ සඳ ගමන සඳහා වැය වු බිලියන ගණනක මුදල් අහිමි වෙයි. යානා අත්හදාබැලීම්වලදි ජිවිත රැසක් අහිමි වෙයි. නීල් සඳ මතට ගොඬ බැස නිසරු දසුන හරහා මෙි සියල්ලහි අරුත කුමක්ද යන්න සැනෙකින් අප සිත්වලට දැනෙන්නට පටන් ගනි.
අනෙක නීල් ආමිස්ට්‍රෝංග් දෙස සානුකම්පිත අයුරින් බලන්නට, සිතන්නට නරඹන්නා තුල ඒ දේ රෝපණය කරන්නට චාසෙල් සමත්. මට සිතුනේ නීල් මේ සියලු දේ මේ සඳ ගමනට කැපකරන්නට ඇත්තෙ තම මියගිය දියණියගේ වියෝව යටපත් කරගැනීම සඳහා වන්නට ඇත.
First Man යනු සඳ ගමන මුලික කොටගෙන තැනු සිනමාපටයක් වුවද, ඉන් ඔබ්බට ගිය සංකීර්ණ මානව සබඳතා කැටිකරගත් සානුකම්පික දයාර්ද්‍ර නිරූපනයකි. විශේෂයෙන් First man තුල සංගීත භාවිතාව නම් මනරම් එකකි. ඒ ගැන කිව යුතුයි. first man තුල සඳ මතට ගොඬබස්වන දර්ශන පෙලෙහි සංගීතය යොදාගත් අන්දම අපුරැයි. අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ ඔබ නීල් ආමිස්ට්‍රෝංග් ගැන නොදත් කතාව First Man හරහා විඳගන්න,හොඳ චිත්‍රපට නරඹන්නෙක් අනිවාර්යයෙන්ම First man නැරඹිය යුතුමයි කියලයි.